අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 59
උපධ්මානීය
නා.ප්ර. ප, ඵ යන ඕෂ්ඨජ අක්ෂරවලට මුලින් විසර්ගය උච්චාරණය කරන අන්දම (සං. උපධමානීය)
උපධානය
නා. කොට්ටය/ පත්ර නටුවක මුල ඇති පැතලි වූ කොටස (සං. උපධාන)
උපනයනය
නා. ඉගෙනීම සඳහා දරුවන් ගුරුන් කරා පැමිණවීම/ හින්දු දරුවන්ට පූන නූල පැලඳවීමේ චාරිත්රය (සං. උපනයන)
උපන්යාසය
නා. ළං කොට තැබීම/ වාක්යයක ආරම්භය/ ලේඛනයක ශීර්ෂ පාඨය/ සංඥාපනය/ අරමුණක් වෙනුවෙන් ඇති කර ගන්නා සමඟිය/ කල්පිතය (සං. උපන්යාස)
උපනිවර්තන
වි. නිවර්තන කලාපයන්ට ආසන්න ව පිහිටි
උපනිවේශය
නා. විදේශයකට ගොස් තම මවු රටේ ආධිපත්යයට යටත් ව එහි වාසය කිරීම (සං. උපනිවෙශ)
උපනිශ්රය
නා.ප්ර. හේතුව; ඇසුර (බෞ.සං. උපනිශ්රය)
උපනිෂද්
නා.ප්ර. වේදාන්ත දර්ශනයේ මූලාශ්රය ග්රන්ථ මාලාව (සං. උපනිෂද්)
උපනීත
වි. ළඟට පමුණුවන ලද/ උපනයනය කළ (පා. සං. උපනීත)
උපපජ්ජවේදනීය
වි. මරණින් මතු ඊළඟ භවයෙහි විපාක දෙන (පා. උපපජ්ජවෙදනීය)
උපභාෂා
නා.ප්ර. භාෂාවක සම්මත ව්යවහාරයට වෙනස් ව ප්රාදේශීය වශයෙන් හෝ සමාජයීය වශයෙන් හෝ ඇති වන ව්යවහාරයන්
උපභෝග
නා.ප්ර. පරිභෝගය; භුක්ති විඳීම (පා. සං. උපභොග)
උපමානය
නා. යම් වස්තුවක ලක්ෂණ මතු කොට දැක්වීම සඳහා උපයෝගී කර ගන්නා අනෙක් දෙය; උපමාව (පා. සං. උපමාන)
උපමාලංකාරය
නා. වස්තු දෙකක් සමාන කර දැක්වීම අරමුණු කරගත් කාව්යාලංකාරය
උපලක්ෂණය
නා. සමීප ලකුණ; ප්රධාන නොවන ගුණය/ අනුමානය/ අනපේක්ෂිත දෙය; අහම්බය (සං. උපලක්ෂණ)
උපලක්ෂ්යය
නා. අවබෝධ කටයුතු දෙය; අනුමානයෙන් සිතා ගත යුතු දෙය (සං. උපලක්ෂ්ය)
උපලබ්ධිය
නා. පෙනීම; දැනීම/ වත්කම්, චෙක්පත් ආදිය මුදල් බවට පත් කර ගැනීම
උපලේඛනය
නා. ප්රධාන ලේඛනයට අදාළ කරුණු විස්තර කොට දක්වන අතුරු ලේඛනය
උපවාසය
නා. ශරීරය සෞඛ්යය හෝ ආගමික පිළිවෙත් වෙනුවෙන් හෝ විරුද්ධත්වයක් පළ කිරීම වෙනුවෙන් හෝ නිරාහාර ව සිටීම (පා. සං. උපවාස)
උපවිඥානය
නා. මිනිස් සිතෙහි යටපත් වී පවතින අවස්ථාව; යටහිත (සං. උපවිඥාන පා. උපවිඤ්ඤාණ)
උපවේශනය
නා. වාඩිවීම; ඉඳගැනීම (සං. උපවෙශන)
උපශමනය
නා. සන්සිඳුවීම; නිවාරණය; පිනවීම (සං. උපශමන)
උපශ්ලේෂය
නා. වැලඳ ගැනීම; සංයෝගය (සං. උපශ්ලෙෂ)
උපශාන්ත
වි. සන්සුන්; සන්සිඳුණු (සං. උපශාන්ත පා. උපසාන්ත)