අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 64

උළු පැන් ගෙය

නා. උණු වතුර නෑම සඳහා වූ ගෘහය

උළුක්කුව

නා. සන්ධියක් පැනීම; අවසන්ධි වීම (දෙ. உளுக்கு)

උළුඳු

නා. ධාන්‍ය විශේෂයක් (දෙ. உழந்து)

උළුවස්ස

නා. දොර රාමුව

ඌන

වි. අඩු; අසම්පූර්ණ (පා. සං. ඌන)

ඌන පූරණය

නා. අඩුව පිරවීම; අඩුව සම්පූර්ණ කිරීමට යෙදූ දෙය (සං. ඌන+පූරණ)

ඌන සංවර්ධිත

වි. සංවර්ධනය සම්පූර්ණත්වයට නොපැමිණි

ඌන සාමර්ථ්‍යය

නා. අසම්පූර්ණ ලෙස ලබන සමත් බව (සං. ඌන+සාමර්ථ්‍ය)

ඌනනය

නා. අඩු කිරීම; හායනය

ඌර්ණ

නා.ප්‍ර. එළු බැටළු ආදීන්ගේ ලොම්/ ඌර්ණ රෝම ධාතුව (සං. ඌර්ණ)

ඌර්ණරෝම ධාතුව

නා. බුදුරදුන්ගේ දෙබැම මැද දකුණට කරකැවී පිහිටා තිබූ සිනිදු දිග රෝමය (සං. ඌර්ණරොම+ධාතු)

ඌර්ධ්ව

වි. ඍජු/ ඉහළින් පිහිටි; උඩු (සං. ඌර්ධව)

ඌර්ධ්වක්ෂේපණය

නා. උඩට විසි කිරීම; උඩ දැමීම (සං. ඌර්ධ්වක්‍ෂෙපණ)

ඌර්ධ්වකාය

නා.ප්‍ර. උඩුකය (සං. ඌර්ධ්වකාය)

ඌර්ධ්වමුඛ

වි. උඩට හැරුණු; උඩුකුරු (සං. ඌර්ධ්වමුඛ)

ඌර්වස්ථිය

නා. කළවා ඇටය (සං. ඌර්වස්ථි)

ඌරුබද්ධාසනය

නා. වම් හා දකුණු කළවා සම ව තබා දෙපා නමා ඉඳීම (පා. ඌරුබද්ධාසන)

ඌල

නා. උල්පත

ඌෂ්ණය

නා. උෂ්ණය/ දුර්ගන්ධය (සං. උෂ්ණ)

ඌෂ්මකය

නා. අධික උෂ්ණත්වයක් දෙන උදුන

ඌෂ්මාක්ෂර

නා.ප්‍ර. උණුසුම් වායු ධාරාවක් මුඛයෙන් පිට කෙරෙමින් ශබ්ද වන ශ, ෂ, ස, හ, ෆ යන අකුරු (සං. ඌෂ්මන්+අක්‍ෂර)

ඌළියක්කාරයා

නා. මෙහෙකාරයා (දෙ. ஊழியக்காரன்)

ඌළියම

නා. දේව පූජාව; දේව මෙහෙය/ අතීතයේ දී කුලහීනයන් විසින් කුලීනයන් වෙනුවෙන් කරන ලද දෝලා ගෙනයාම, දර දිය ඇදීම වැනි සේවාව/ අතීතයේ දී වෙළඳාමේ යෙදුණු විදේශිකයන් විසින් රජයට කළ යුතු වූ අනිවාර්ය සේවාව (දෙ. ஊழியம்)

ඌළියම් බද්ධ

නා. මහනුවර යුගයේ දී ලංකාවේ වෙළඳාම් කළ විදේශිකයන් විසින් රජයට ගෙවූ බද්ද