බුද්ධදත්ත පාලි අකාරාදිය – 165
උය්යාන
න. උයන; මල් වත්ත.
උය්යානකීළ
ඉ. උයන් කෙළිය.
උය්යානපාල
පු. උයන් පල්ලා; උයනේ ආරක්ෂකයා.
උය්යානභූමි
ඉ. උයන; උයන් බිම.
උය්යාම
පු. උත්සාහය.
උය්යුඤ්ජති
(උ+යුජ+ංඅ) උත්සාහවත්ව යෙදේ.
උය්යුඤ්ජන
න. උස්සාහවත්ව යෙදීම.
උය්යුඤ්ජිත්වා
පූ.ක්රි. වීර්යයෙන් යෙදී.
උය්යුත්ත
3. උත්සාහවත්; ක්රියාවෙහි යෙදුණු.
උය්යොග
පු. උත්සාහය; උද්යොගය.
උය්යොගමුඛ
වෙන්වීම හෝ මරණය හමුවන තැන.
උය්යොජන
න. උත්සාහවත් කිරීම; යදීම.
උය්යොජිත
3. පිටත් කරවන ලද; යොදවන ලද.
උය්යොජෙත්වා
පූ.ක්රි. පිටත් කොට; යොදවා.
උය්යොජෙති
(උ+යුජ+ණෙ) උස්සහවත් කරවයි; පිටත් කරවයි; යොදවයි.
උය්යොජෙතුං
නි. පිටත් කරන්ට.
උය්යොධික
න. බොරු යුද්ධය.
උර
පු. න. ලය; හෘද්ධය.
උරග
පු. බඩගායන සතා; සර්පයා.
උරචක්ක
න. පපුව මත තැබූවිට කැරකෙමින් කැපෙන ආයුධයක්; පපුව මත පළඳන චක්රයක්.
උරච්ඡද
පු. පපුව වසන පළඳනාව; භටයෙකුගේ පපු වැස්ම.
උරත්තාළිං
ක්රි.වි. පපුවේ අත් හපමින්.
උරබ්භ
පු. බැටළුවා.
උරු
3. උසස්; මහත්; විශාල.
උල්ලඞ්ඝති
(උ+ලඝි+ංඅ) උඩපනී; යමක් ඉක්මවා පැනයයි.
උල්ලඞ්ඝන
න. ඉක්මවා යාම; කඩ කිරීම; පැන යාම.
උල්ලඞ්ඝනා
ඉ. ඉක්මවීම; කඩ කිරීම; පැනීම.
උල්ලඞ්ඝීත
3. ඉක්මවන ලද; පනින ලද.
උල්ලඞ්ඝෙති
(උ+ලඝි+ණෙ) උඩින් පනී; නීති ආදිය කඩකොට ඉක්මවයි.
උල්ලපති
(උ+ලප+අ) උසස් කොට කථා කරයි.
උල්ලපනා
ඉ. උසස් කොට කථා කිරීම; චාටු බස් කීම.
උල්ලිඛති
(උ+ලිඛ) පීරයි (හිස කෙස් ආදිය).
උල්ලිඛන
න. පීරීම (හිස කෙස්).
උල්ලිඛිත
3. පීරන ලද.
උල්ලිත්ත
3. ආලේප කරන ලද; උඩින් ගාන ලද.
උල්ලුම්පති
(උ+ලුප+ංඅ) ඔසවා තබයි.
උල්ලුම්පන
න. ඔසවා තැබීම.
උල්ලොකක
3. උඩ බලන; බලා සිටින.
උල්ලොකන
න. කවුළුව.
න. උඩ බැලීම.
උල්ලොකෙත්වා
පූ.ක්රි. උඩ බලා.