බුද්ධදත්ත පාලි අකාරාදිය – 377
නිරපෙක්ඛ
3. බලාපොරොත්තු රහිත වූ.
නිරපෙඛ
3. බලාපොරොත්තු රහිත වූ.
නිරබ්බුද
3. අවුල් විපත් නැති; නරකයක නමක්.
න. අති විශාල ගණනක්.
නිරය
පු. නරකය; පව් කළ වුන් ඉපද දුක් විඳින තැන.
නිරයගාමී
3. නරකයට යන්නා; නරකයට යවන.
නිරයදුක්ඛ
න. නරකදුක.
නිරයපාල
පු. නරකයෙහි දුක් දෙන යමපල්ලා.
නිරයසංවත්තනික
3. නරකයට පමුණුවන.
නිරවසෙස
3. ඉතිරි නොවූ.
නිරස්සාද
3. ආස්වාද රහිත (රස විඳීම).
නිරාකරොති
(නි+ආ+කර+ඔ) ඉවත් කෙරේ; දොෂාරෝපණාදියකට උත්තර දී නිදොස් කෙරේ.
නිරාකූල
3. පැටලිලි නැති.
නිරාතඞ්ක
3. රෝග නැති.
නිරාමය
3. නිරෝගී වූ.
නිරාමිස
3. කාමාශාවන් පිළිබඳ නොවූ; මස් නැති.
නිරාරම්භ
3. සත්ව හිංසාව නැති.
නිරාලම්භ
3. එල්ලීමට දෙයක් හෝ ආධාර වන දෙයක් නැති.
නිරාලය
3. ආශා නැති.
නිරාස
3. ආශා නැති.
නිරාසංස
3. බලාපොරොත්තු නැති.
නිරාසඞ්ක
3. සැක නැති.
නිරාහාර
3. ආහාර නැති; කෑම නො ගත්.
නිරින්ධන
3. දර නැති.
නිරුජ්ඣති
(නි+රුධ+ය) නැති වේ; නිරුද්ධ වේ; විනාශ වේ.