බුද්ධදත්ත පාලි අකාරාදිය – 81
අරියසච්ච
න. උසස් සත්ය.
අරියසාවක
පු. ආර්ය බවට පත් වූ; ආර්යන්ගේ හෝ ශ්රාවකයා.
අරියූපවාද
පු. ආර්යන්ට දොස් නැගීම.
අරිස
න. අර්ශස් රෝගය.
අරු
න. තුවාලය; වණය.
අරුකා
ඉ. තුවාලය; වණය.
අරුකාය
පු. කුණුකය; වණ සමූහය.
අරුණ
3. මද රතු පැහැති; පු. මද රත; සූර්යෝදයට පෙර ඇතිවන එළිය.
අරුණවණ්ණ
3. මද රතු පැහැති.
අරුණුග්ගමන
න. අරුණාලෝකය නැගීම.
අරුපක්ක
3. වණවලින් කුණු වූ.
අරූප
3. රූපයක් නැති.
න. නිවන.
අරූපකායික
3. අරූපී දෙවියන්ට අයත්.
අරූපභව
පු. රූපයක් නැතිව සිත පමණක් පවත්නා ලෝකය.
අරූපලොක
පු. රූපයක් නැතිව සිත පමණක් පවත්නා ලෝකය.
අරූපාවචර
3. අරූප භවයට පමුණුවන; එයට අයත්.
අරූපී
3. අරූප භවයෙහි උපන්; රූපයක් නැත්තා.
අරෙ
න. කොල; බොල.
අරොග
3. රෝග නැති.
අල
පු. න. අඬුව සහිත අත.
අලං
නි. ඔය ඇති; ප්රමාණයි; යෝග්ය; සමර්ථ; සෑහේ.
අලංකම්මනිය
3. ක්රියාවට යෝග්ය; වැඩකට සුදුසු.
අලංපතෙය්යා
ඉ. විවාහ වීමට සුදුසු වයසේ සිටින ස්ත්රිය.
අලංවචනීය
3. දොස් නො පැවරිය යුතු; නැවත නො කිය යුතු; වචන තේරුම දැනීමට සමර්ථ.