සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 494

තුවට්ටෙති

ක්‍රි. (තුවට්ට+ණෙ+ති) එකට නිදයි, තුවට්ට බලනු. (පි. 309)

තුස

√ දි. තොසෙ, සතුටුවීමෙහි, තුස්සති, සන්තුස්සති, සතුටුවෙයි.
√ භු. සන්තොසෙ, සතුටුවීමෙහි, තුසති, සතුටුවෙයි.
√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, තුසති, ශබ්ද කරයි. (පි. 309)

තුස්සති

ක්‍රි. (තුස. √ භු. තොසනෙ, සතුටු කිරිමෙහි +ති) සතුටු වෙයි. (පි. 309)

තුස්සන

න. සතුටුවීම. (පි. 309)

තුසි

√ චු. භාසායං, කීමෙහි, තුසෙති, තුසයති, කියයි (= තුංසෙති, තුංසයති.) (පි. 309)

තුසිත

න. එ. නම් දෙව්ලොව. (පි. 309)

තුහි

√ භු. හිංසායං, පීඩාවෙහි, තුහති, තොහති, පීඩාකරයි. (පි. 309)

තූණ

පු. හියවුර
√ චු. පූරණෙ, පිරවීමෙහි, තූණෙති, තූණයති, පුරවයි. (පි. 310)

තූණී

ති. හියවුර. (පි. 310)

තූණීර

පු. හියවුර. (පි. 310)

තූල

පු. පුලුන්, තරාදි දණ්ඩ, එනම් යන්ත්‍රය. (පි. 310)

තූලිකා

ඉ. පුලුන් ආදියෙන් කළ මෙට්ටය, “තිණ්ණනං තුලානං අඤ්ඤතර පුණ්ණ තූලිකා.” (පි. 310)

තූලිනි

ඉ. කපුගස. (පි. 310)

තෙ

√ භු. පාලනෙ, රැකීමෙහි, තායති, රකියි. (පි. 310)

තෙකාලික

ති. තුන්කාලයට අයිති. (පි. 310)

තෙකිච්ඡ

ති. පිළියම, බෙහෙත් කිරීම. (පි. 310)

තෙචීවරික

පු. තුන්සිවුරු දරන්නා, ඇත්තා. (පි. 310)

තෙචීවරිකඞ්ග

න. වැඩි සිව්රු අත්හැර තුන් සිව්රු පමණක් දැරීම වූ අඞ්ගය, වෘතය. (පි. 310)

තෙජ

පු. තෙද, තේජස, ශක්තිය, ආනුභාවය, දීප්තිය, ගින්න. (පි. 310)

තෙජන

න. හීය, සැරය, ඊසැරය = බිහිබට, හුණගස. (පි. 310)

තෙජනී

ඉ. මොරගස. (පි. 310)

තෙජවන්ත

පු. තෙජස් ඇති, තෙදැති. (පි. 310)

තෙජස්වී

ති. තෙද ඇති. (පි. 310)

තෙජිත

ති. තියුණුකළ, මුවාත්කළ. (පි. 310)