සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 548

නිධානග

පු. නිධානගත. (පි. 337)

නිධානවන්තු

පු. නිධාන ඇත්තා. (පි. 337)

නිධාපෙති

ක්‍රි. (√ භු. ධා. ධාරණෙ, දැරීමෙහි, ණපෙ+ති) නිදන් කරවයි. (පි. 337)

නිධාය

අ. හැර. (පි. 337)

නිධී

ඉ. නිධානය. (පි. 337)

නිනද

පු. හඬ, ශබ්දය. (පි. 337)

නින්ද

√ භු. ගරහෙ, ගැරහීමෙහි. (පි. 337)

නින්දති

ක්‍රි. (√ භු. නින්ද, ගරහායං, ගැරහීමෙහි +ති) ගරහයි. (පි. 337)

නින්දා

ඉ. ගරහැව, දෝෂාරෝපනය. (පි. 337)

නින්දිත

ති. ගර්හිත; නින්දාකළ. (පි. 337)

නින්දිය

පු. නින්දාකටයුතු, ගැරහිය යුතු. (පි. 337)

නින්න

න. ගැඹුරු, පහත්බිම. (පි. 337)

නින්නගා

ඉ. නදිය, ගංගාව, කුඩාගඟ. (පි. 338)

නින්නහුත

න. නහුත සියක්ලක්ෂය, නහුත බලනු. (පි. 338)

නින්නාත

ති. නානලද, සෝදනලද. (පි. 338)

නින්නාද

පු. මහත්නාදය, එනම් ස්වරයෙහි අඞ්ගය, ස්වරයෙහි එනම් අංගය. (පි. 338)

නින්නාදි

පු. මහත් කොට ශබ්ද කරන්නා. (පි. 338)

නින්නාමෙති

ක්‍රි. (√ භු. නම, නමනෙ, නැමීමෙහි +ණෙ+ති) නැමෙයි. (පි. 338)

නින්නෙජක

පු. රදවා, රජකයා. (පි. 338)

නින්නෙති

ක්‍රි. (√ භු. නී. නයෙ, යෑමෙහි +ණෙ+ති) නැමෙයි. (පි. 338)

නිනාද

පු. හඬ. (පි. 337)

නිපක

පු. දක්ෂ, නිපුන, පණ්ඩිත. (පි. 338)

නිපක්ක

ති. තැම්බු, උයනලද. (පි. 338)

නිපච්චාකාර

න. කීකරුකම, මෙහෙය, නිහතමානී භාවය. (පි. 338)