සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 746
යොජෙති
ක්රි. (√ භු. යුජ, යොගෙ, යෙදිමෙහි +ණෙ+ති) යොදයි. (පි. 436)
යොට
√ භු. සම්බන්ධෙ, සම්බන්ධයෙහි යොටති, සම්බන්ධ කෙරේ. (පි. 436)
යොත්ත
න. යොත, රෑණ, ලනුව. (පි. 437)
යොත්ර
න. වියගසෙහි බඳින ලනුව. (පි. 437)
යොධ
පු. යෝධයා, යුද්ධ කරන්නා, හේවායා. (පි. 437)
යොනි
ඉ. ස්කන්ධ, භාග, මූත්රමාර්ග, හේතු, ප්රඥා, උත්පත්ති ස්ථාන, අණ්ඩජ ජලාබුජ සංසෙදජ ඔපපාතික යන යොනි සතර. (පි. 437)
යොනිජ
පු. යොනියෙන් උපන්නහු, යොනියෙන් උපන්, උත්පත්ති ස්ථානයෙහි හටගත්. (පි. 437)
යොනිසො
අ. නුවනින්, කරුණු වශයෙන්. (පි. 437)
යොබ්බඤ්ඤ
න. යෞවනය, තරුණ බව, ඉලන්දාරි ගතිය. (පි. 437)
යොබ්බන
න. යෞවන, තරුණකම. (පි. 437)
රංසි
ඉ. රශ්මිය, කාන්තිය=රැස. (පි. 437)
රංසික
ති. රශ්මි ඇති, දීප්තිය ඇති. (පි. 437)
රංසිජාල
න. රශ්මි මාලාව, රශ්මි ජාලාව. (පි. 437)
රංසිමන්තු
පු. රශ්මි ඇත්තා, හිරු. (පි. 437)
රක්ඛ
√ භු. පාලනෙ, රැකීමෙහි, රක්ඛති, රකී.
√ භු. රක්ඛණෙ, රක්ෂා කිරීමෙහි, රක්ඛති, රකී. (පි. 437)
රක්ඛක
පු. ආරකෂා කරන්නා, රකින්නා. (පි. 437)
රක්ඛණ
න. රැකීම, ආරක්ෂා කිරීම. (පි. 437)
රක්ඛණ්ක
පු. රකින්නා, ආරක්ෂා කාරයා. (පි. 437)
රක්ඛති
ක්රි. (√ භු. රක්ඛ, රක්ඛණෙ. රැකීමෙහි +ති) රකී, ආරක්ෂා කරයි. (පි. 437)
රක්ඛස
පු. රාක්ෂසයා, රකුසා. (පි. 437)
රක්ඛා
ඉ. රක්ෂාව, රැකීම. (පි. 437)
රක්ඛිකා
ඉ. රක්ෂා කරන්නී, රකින්නී. (පි. 437)
රක්ඛිත
ති. ආරක්ෂාකළ, රකින ලද. (පි. 437)
රඛ
√ භු. ගමනෙ, යාමෙහි, රඞ්ඛති, යෙයි. (පි. 437)