සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 896
සමුඤ්ජක
ති. රැස්කළ, තැන්පත් කළ. (පි. 510)
සමුට්ඨහති
ක්‍රි. (√ භු. ඨා ගතිනිවුත්තියං, ගති පැවැත්වෙමි+ති) හටගනී. නඟී, උපදී. (පි. 510)
සමුට්ඨාන
න. නැඟීම, හට ගැනීම. (පි. 510)
සමුට්ඨානික
පු. පහළවීම, ඇති කිරීම. (පි. 510)
සමුට්ඨාපක
පු. හේතුවිම, අවස්ථා ඇතිවිම. (පි. 510)
සමුට්ඨිත
ති. ඇතිවීම, පැවතීම, පහළවීම. (පි. 510)
සමුත්තරණ
න. එතෙර වීම, එතෙරට යෑම (පි. 510)
සමුත්තෙජන
න. තියුණු කිරීම, මුවහත් කිරීම. (පි. 510)
සමුත්තෙජෙති
ක්‍රි. (√ භු. තෙජ, නිසානෙ තියුණු කිරීමෙහි +ති) තියුණු කරයි. (පි. 510)
සමුදය
පු. උත්පත්තිය, හේතුව, රාශිය. (පි. 510)
සමුදයසච්ච
න. දුක් හටගැනීමේ හේතුව පිළිබඳ සත්‍යය, තෘෂ්ණාව. (පි. 510)
සමුද්ද
පු. සමුදය, සාගරය, මුහුද. (පි. 510)
සමුද්දක්ඛායික
පු. සාගර ඇතිවීම පිළිබඳ කථාව. ලෝකොත්පත්තිය. (පි. 510)
සමුද්දන්ත
ඉ. කපුගස, සමුදාන්ත. (පි. 510)
සමුද්දවීචි
ඉ. මුහුදු රැළ. (පි. 510)
සමුද්ධරණ
න. දැරීම, ගෙන යෑම, ගසාගෙන යෑම. (පි. 511)
සමුද්ධරති
ක්‍රි. (√ භු. ධර, ධාරණෙ, දැරීමෙහි +ති) දරයි, ගෙනයයි. (පි. 511)
සමුදාගච්ඡති
ක්‍රි. (√ භු. ගමු ගතියං, යෑමෙහි +ති) ලබා ගනියි. (පි. 510)
සමුදාගත
ති. පහළවුනු, ලැබුනු. (පි. 510)
සමුදාගම
න. පටන් ගැන්ම, ආරම්භය. (පි. 510)
සමුදාචරණ
න. හැසිරීම, පැවැත්ම. (පි. 510)
සමුදාචරති
ක්‍රි. (√ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි. (පි. 510)
සමුදාචාර
පු. හැසිරීම, පුරුද්ද, භාවිතය. (පි. 511)
සමුදාචිණ්ණ
ති. පුරුදු කළ, පුහුණු කළ. (පි. 511)