සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 906

සස්සු

ඉ. අඹුසැමි දෙදෙනාගේ මව්වරු, නැන්දා. (පි. 515)

සසි

පු. චන්ද්‍ර‍යා, හද, මානෙල්. (පි. 515)

සසු

ඉ. සස්සු, නැන්දා.
√ භු. පීඩා ගමන ජීවනාදිසු, පෙලීම, ගමන ජීවත්වීම යනාදියෙහි. (පි. 515)

සසුර

පු. අඹුසැමි දෙදෙනාගේ පියවරු, මයිලනුවෝ, මාමා. (පි. 515)

සහ

√ චු. ඛන්තියං, ක්ෂාන්තියෙහි, සහෙති සහයති, ඉවසයි.
අ. සමග යනාත්‍ර්‍තයෙහි, එක්ක, කැටුව.
පු. මී අඹ.
න. ශක්තිය, බලය.
√ දි. සත්තියං, ශක්තියෙහි, සය්හති, ශක්ති ඇතිවෙයි.
√ භු. ඛමායං, ඉවසීමෙහි, සහති, ඉවසයි, සහො, අසය්හො. (පි. 515)

සහකාර

පු. මී අඹරුක. (පි. 515)

සහගත

ති. අරමුණ, සම්ප්‍ර‍යුක්ත, ව්‍යතිමිශ්‍ර‍, ආශ්‍ර‍ය, තද්භවය. (පි. 515)

සහචර

පු. අනුචරයා, සමග හැසිරෙන්නා, මිත්‍ර‍යා, වයස්‍යයා. (පි. 515)

සහජ

පු. සහෝදරයා, ලග්නයෙන් තුන්වන ස්ථානය, පරම්පරාගත තැනැත්තා.
පු. සමග උපන් තැනැත්තා, සහෝදරයා. (පි. 515)

සහජාත

ති. සමග උපන්නා, එක්ව උපන්නා.
පු. එකට උපන් තැනැත්තා. (පි. 515)

සහත්ථ

පු. ස්වකීය හස්තය, සිය අත. (පි. 515)

සහත්ථික

පු. තම අත, සිය අත. (පි. 515)

සහධම්මික

පු. සමානධර්‍ම ඇත්තා, කරුණු සහිත, ධර්‍මසහිත, සහදැමියා. (පි. 515)

සහධම්මිනී

ඉ. සමාන ධර්‍ම ඇත්තී, භාර්‍ය්‍යාව. (පි. 515)

සහධම්මිය

පු. සහධම්මික, සහධාර්මික. (පි. 515)

සහන

න. ඉවසීම, ක්ෂාන්තිය. (පි. 515)

සහභාචි

පු. ස්වකීය සේවයට ඇත්තා. (පි. 515)

සහභු

පු. එකට උපන් තැනැත්තා, එක්තරා දෙවි කොටසක්. (පි. 515)

සහයොග

පු. උදව්ව, ආධාරය. (පි. 515)

සහවත්ථු

ඉ. එකට වාසය කිරීම, එකට ජීවත් වීම. (පි. 515)

සහව්‍ය

න. යහළුකම, මිත්‍ර‍කම. (පි. 515)

සහව්‍යත

න. යහළු බව, මිත්‍ර‍ භාවය. (පි. 515)

සහවාස

පු. සමගවාසය, එකට විසීම.
පු. සමග වාසය ඇත්තා, එකට වසන්නා. (පි. 516)

සහස්ස

න. දහස, සහශ්‍ර‍ය, 1000. (පි. 516)