සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1069
පාන්දුව
1. නා. කිසියම් මෝස්තරයක ඒ සඳහා යොදාගත් වස්තුව හැර අවශේෂ කොටස.
2. පන්දු යත්ත.
පානාගාරය
නා. මත්පැන් විකුණන ස්ථානය ; තැබෑරුම; අවන්හල.
පානාර්ථියා
[පාන + අර්ථියා]
නා. දිය බොනු කැමැත්තා ; පිපාසිතයා.
පානීය
1. වි. බීමට සුදුසු ; පානය කිරීමට යෝග්‍ය.
2. බීම හා සම්බන්ධ ; පානයට අදාළ.
නා.ප්‍ර. පානය කළමනා දැය ; පැන් ; ජලය.
පානු
1. නා.ප්‍ර. ඵලයක රසය ; ඉස්ම ; යුෂ.
2. (හාල්) සේදූ වතුර.- වි. පහන් වූ ; එළි වූ.
පාප
1. වි. පවිටු ; පාපී ; පව්කාර
2. ලාමක ; පහත් ; නින්දිත.
3. අනිටුපල ගෙනදෙන ; අශුභ ; අපල ඇති කරන.
නා.ප්‍ර. පව් ; අකුසල්.
පාප නිර්ගමනය
නා. පවින් වැළකීම ; පවින් ඈත් වීම.
පාප මෝචනය
නා. පවින් මිදීම.
පාපක්ෂමාව
නා. (ක්‍රිස්ති.) මනුෂ්‍යයන් විසින් කරන ලද වරදට දෙවියන් වහන්සේ විසින් සමාව දීම.
පාපතරයා
නා. අතිශයින් පව්කාරයා ; පාපිෂ්ඨ පුද්ගලයා.
පාපන්දු
නා.ප්‍ර. දෙපිළට බෙදී පයින් පන්දුවට ගසමින් ගෝලය කරා පන්දුව යැවීමට වෑයම් කරමින් කරන ක්‍රීඩාව.
පාපනාශක පූජාව
නා. (ක්‍රිස්ති.) කළ වරදට සමාව ලබා ගැනීම පිණිස කරන පූජාව ; පවින් නිදහස් වීමට කරන වන්දි පූජාව.
පාපස්න
වි. පව් නසන ; පව් විනාශ කරන.
පාප්තුමා
නා. (රෝ.ක.) රෝමානු කතෝලික සභාවේ ප්‍රධාන පූජකතුමා ; ශුද්ධෝත්තම පියතුමා.
පාපැදිය
නා. පයින් පැදගෙන යන රෝද දෙකේ සැහැල්ලු වාහනය ; බයිසිකලය.
පාපිච්ඡ
පාපිස්ස
නා.ප්‍ර. පය පිස දැමීම සඳහා ගැනෙන උපකරණය ; පාබිස්ස.
පාපුරුක
නා. (සත්ව.) සන්ධි පා දැති (ආත්‍රොපෝඩා) සත්ත්වයන්ගේ ගාත්‍රයක පුරුකක්.
පාපෝච්චාරණය
1. නා. (ක්‍රිස්ති.) තමා කළ පව් පූජකවරයකු ඉදිරියේ නොසඟවා පවසා ඒ වෙනුවෙන් පසුතැවිලි වීම ; පව් සමා කරවීම.
2. තමා වැරදි කළ බව පිළිගැනීම ; කළ වැරදි එළි කිරීම.
පාබළ
නා.ප්‍ර. අශ්වාදීන් පිට නොනැගී පයින් ගොස් සටන් කරන හමුදාව ; පා බළ සෙනග.
පාබිත
(පාරිභා.) නා.ප්‍ර. විභේදයක් යට පැතිර පවත්නා පාෂාණ ස්කන්ධය.
පාමංකඩ
1. නා.ප්‍ර. ගං හෝ ඇළ දොළ හෝ ආදියකින් පයින් එතර වීම සඳහා යොදාගන්නා තොට.
2. වතුර පාරක් හරහා වැටී ඇති පාර.
පාමුල් පෙට්ටිය
1. නා. රාජ භාණ්ඩාගාරය ; මහ අරමුදල.
2. අගනා රන්රිදී බඩු ආදිය තැන්පත් කළ පෙට්ටිය ; පාඹුල් පෙට්ටිය.
පාමොක්
නා.ප්‍ර. ප්රාතිමෝක්ෂය. වි. ප්රමුඛ ; ප්‍රධාන ; උතුම් ; මුල්කොට ඇති.