සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1070
පාය
1. නා.ප්‍ර. විශාල ගෘහය ; ප්‍රාසාදය ; මන්දිරය ; මාළිගය.
2. පානය.
3. බීම.
4. ජලය
5. කිරි.
6. රශ්මිය.
7. පැදුර.
පායනවා
1. ක්‍රි. උදා වෙනවා ; එළිය කරනවා.
2. වර්ෂාව නවතිනවා.
3. වර්ෂාව රහිත ව පවතිනවා.
4. එළි කරනවා ; පාදනවා.
5. පහුරු ගානවා ; පීරනවා.
පායාස
වි. කිරි මුසු කොට පිසූ ; කිරිමුසු.
නා.ප්‍ර.- 1. කිරිමුසු කොට පිසූ බත ; කිරිබත
2. තෙල් සහ වතුර එක් කිරීමෙන් සෑදෙන මිශ්‍රණය ; තෛලෝදය.
පායු අන්ධාශය
(පාරිභා.) නා.ප්‍ර. ගුදයෙහි පිහිටි මඩියක් වැනි නෙරුම ; ගුදය සම්බන්ධ උණ්ඩුකය.
පායු අලකය
(පාරිභා.) නා. ඇතැම් සතුන්ගේ ගුද ඛණ්ඩයෙහි පිහිටි සූතිකාමය ප්‍රසරය ; ගුද අලකය.
පායු කීලය
(පාරිභා.) නා. ඇතැම් සතුන්ගේ පෞච්ඡාංගවලට අමතර ව පිහිටි සියුම් ප්‍රසරය.
පායු ප්‍රදේශය
(පාරිභා.) නා. ගුදය හා සම්බන්ධ ප්‍රදේශය ; ගුද ප්‍රදේශය ; අපානස්ථානය.
පායුතලය
(පාරිභා.) නා. පසු බඩවැලේ අන්ධ කෙළවරට ටිකක් ඉදිරියෙන් වූ එහි බිත්තිය.
පාර
1. නා.ප්‍ර. මාර්ගය ; මඟ.
2. අත් පා වැනි අවයවයකින් හෝ අවි ආයුධාදියකින් හෝ තදින් ගැසීම ; පහර.
3. වේගවත් බලශක්තියක් නිසා න.. ඇති වන තෙරපුම ; බලවේගය.
4. දැඩි විපත.
5. වාරය ; වතාව.
6. පරතෙර ; අන්තය ; කෙළවර.
7. වෙරළ ; තීරය.
8. නිවන ; නිර්වාණය.-
1. වි. ඉක්මවා ගිය ; අතික්‍රාන්ත.
2. විනිවිද පෙනෙන.
පාර අරිනවා
(කථා.) ක්‍රි. 1. ඉඩමකින් පාරක් සඳහා ඉඩකඩ වෙන් කරනවා ; පාරකට ඉඩ දෙනවා.
2. මඟින් ඉවත් වෙනවා ; වසා තිබූ පාරක් විවෘත කරනවා.
3. ගසනවා ; දැඩි පහරක් දෙනවා.
පාර කණ්ඩනය
නා. (පාරිභා.) හරස් කැපුම.
පාර ක්ෂේත්‍ර චුම්බකත්වය
නා. (භෞති.) චුම්බක කිරණ ශක්තියක බලය යටතේ පාර ක්ෂේත්‍ර චුම්බක ද්‍රව්‍යයකින් ප්‍රදර්ශනය වන ගුණ.
පාර දෘශ්‍ය
වි. විනිවිද පෙනෙන සුලු ; පාර දර්ශක.
පාර දෘශ්‍යය
නා. ආලෝකයට විනිවිද යා හැකි, විනිවිද පෙනෙන සුලු ද්‍රව්‍යය.
පාර පත්‍රී
වි. (උද්භි.) නටුව වටේට තදින් සම්බන්ධ ව පවතින පත්‍රවලින් සමන්විත.
පාර ප්ලවාංග
නා.ප්‍ර. (සත්ව.) දියෙහි පාවෙන ඉතා සියුම් පැළෑටි හෝ ක්ෂුද්‍ර ජීවියා.
පාර ප්ලාස්මය
නා. සෛල ප්ලාස්මයේ අක්‍රීය වර්ධක කොටස.
පාර භාසක
1. වි. අතරින් ආලෝකය ගමන් කළ හැකි නමුත් විනිවිද නොපෙනෙන ; අර්ධපාරදෘශ්ය.
2. (පාරිභා.) විනිවිද පෙනෙන.
පාර භූතිය
(පාරිභා.) නා. ගාත්‍රයක දිග ඇටය ; අස්ථි දණ්ඩ ; පාරවර්ධය.
පාර භෞම
වි. භූමියට බාහිර වූ.
පාර ශ්වේදනය
(පාරිභා.) නා. රුධිර සංසරණයට බාධා පැමිණ ගමන අවහිර වූ කල්හි රුධිර නාලවල බිත්තියෙන් දාඩිය ගලන ආකාරයෙන් දියර වැගිරීම.
පාරං බානවා
ක්‍රි. වහසි බස් කියනවා.
පාරගත
1. වි. එතෙර වූ පරතෙරට ගිය.
2. ශාස්ත්‍රාදිය නිමවා දැනගත් ; කෝටිප්රාප්ත.
පාරගමනය
(පාරිභා.) නා. (මැදින් හෝ තුළින් හෝ) කා වැදී අනිත් පසින් මතු වීම ; විනිවිද යෑම ; අභිව්යාපනය.