සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1071
පාරගම්යතාව
(පාරිභා.) නා. පීඩනය පිට ඉතා කුඩා සිදුරු සහිත ද්රව්යයක් තුළින් වායුවක් හෝ ද්රව්යයක් හෝ විසරණය වීම.
පාරචෝපනය
(පාරිභා.) නා. සත්ත්ව අවයවයක් හෝ කොටසක් හෝ එහි සාමාන්ය තැනින් ගලවා අනෙක් තැනකට හෝ ජීවියකුට බද්ධ කිරීම ; පාරරෝපණය.
පාරජම්බූල
(පාරිභා.) වි. වර්ණාවලියේ ජම්බූල වර්ණ පථය ඉක්මවා යන රසායනික වර්ණ ධාරාවට අයත්.
නා.ප්ර. ජම්බූල වර්ණපථය ඉක්මවා සිටි වර්ණපථය.
පාරජම්බූල ආලෝකය
නා. පෙනෙන විකිරණවලටත් එක්ස්කිරණවලටත් අතර එනම් තරංග ආයාමය.
පාරට්ටු
1. වි. වර්ණනීය ; ප්රශංසනීය ; උත්කර්ෂවත්.
2. අභිමානවත් ; කීර්තිමත් ; උදාර.
3. කමනීය ; රමණීය ; චිත්තාකර්ෂණීය.
4. අගේ ඇති ; වටිනා.
5. ප්රසිද්ධ ; ප්රකට ; විඛ්යාත.
පාරට්ටුව
1. නා. ගුණකථනය ; ප්රශංසාව.
2. ආඩම්බරය ; ගර්වය ; මානය.
3. (කථා.) පුරසාරම ; පුරාජේරුව ; ආත්මෝත්කර්ෂණය.
4. ප්රසිද්ධිය ; කීර්තිය ; ප්රකටත්වය.
පාරණය
1. නා. උපවාසයකින් පසු ලැබෙන මුල්ම ආහාරය.
2. ගැසීම ; පහරදීම.
පාරත්රික
වි. පරලොවට අයත් ; පරලොව හා සම්බන්ධ ; පාරලෞකික.
පාරතාපක
වි. (භෞති.) විකිරණ තාපය සම්ප්රේෂණය කළ හැකි.
පාරද
1. නා.ප්ර. සුදු ලෝහමය මූල ද්රව්යයක් ; රසදිය.
2. දෙව්ලොව පිහිටියේ යැයි කියනු ලබන ගසක් ; පරසතු රුක.
පාරදර්ශක
වි. වස්තූන් පැහැදිලි ව පෙනෙන පරිදි විනිවිද පෙනෙන ; ආලෝකය ගමන් කිරීමට ඉඩ හරින ; පාර දෘශ්ය.
පාරදේශික
වි. පිටරටකට අයත් ; විදේශයකට සම්බන්ධ.
පාරනයන වෙළෙඳාම
නා. රටක් හරහා විදේශීය බඩු ප්රවාහනය කිරීම.
පාරනවා
1. ක්රි. පහර දෙනවා ; යුද වදිනවා ; ආක්රමණය කරනවා.
2. අත ගසනවා ; අල්ලනවා.
3. කොටවනවා.
4. තියුණු උල සහිත දෙයකින් සිරුරට අනිනවා.
5. රිදවනවා.
6. තුවාල වණ ආදියක කිසිවක් වැද්ද වීමෙන් අලුත් බවට පත් කරනවා.
පාරප්රාප්ත
වි. පරතෙරට ගිය ; එතෙරට පැමිණි ; පාරගත.
පාරප්රාප්තිය
1. නා. පරතෙරට පැමිණීම ; කෙළවරට පැමිණීම.
2. අවබෝධය ලැබීම.
පාරප්රාප්තිවාදය
(පාරිභා.) නා. පාරමිතා පිරීමෙන් ඒ කෙළවර පුර්ණාවබෝධයට පත්විය හැකිය යන මතය.
පාරභාස්මික පාෂාණ
(පාරිභා.) නා. සියයට 45කට වඩා අඩු සිලිකා ප්රමාණයක් ඇති ආග්නේය පාෂාණ විශේෂයක්.
පාරම්
1. නා.ප්ර. කොප්පරා, රබර් වැනි වෙළඳ ද්රව්යවල බර කිරුමේ දී භාවිත කරනු ලබන රාත්තල් පන්සිය හැටක් හෙවත් හොණ්ඩර පහක් වන ඒකකයක්.
2. පුරසාරම්.
පාරම්පරික
වි. පරම්පරාවෙන් පරම්පරාවට සම්මතයෙන් හෝ කට වචනයෙන් පවත්වාගෙන එන ; පරම්පරාවෙන් ආ.
පාරමිතාව
නා. සර්වඥතා ඥානය සාක්ෂාත් කර ගැනීම සඳහා සසර දී පිරිය යුතු දශවිධ ගුණ ධර්මය.
පාරලෞකික
වි. පරලොවට අයත් ; පරලොව පිළිබඳ.
පාරවිලනය
(පාරිභා.) නා. කෙනකුගේ ලේ අන් කෙනකුගේ ශිරාවකට ඇතුළු කිරීම ; වෛද්ය විද්යානුකූල ව ලෙඩකුට ලේ දීම.
පාරස මණිය
(පාරිභා.) නා. සියලු ලෝහ වර්ග රන් බවට හැරවීමේ බලය ඇති මනඃකල්පිත මැණික් ගලක්.