සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1072
පාර්ථිව
වි. පොළොවට අයත් ; පොළොව පිළිබඳ.
1. නා.ප්‍ර. පොළොවින් ලබාගන්නා දේ; ඛනිජ ද්‍රව්‍ය.
2. පොළොවට අධිපති වන රජ.
පාර්ලිමේන්තුව
නා. එක් එක් ඡන්ද කොට්ඨාස නියෝජනය කිරීම සඳහා මහජන ඡන්දයෙන් හෝ වෙනත් ක්‍රමයකින් තෝරාපත් වූ මන්ත්‍රී මණ්ඩලය ; ව්‍යවස්ථාදායක මහජන නියෝජිත සභාව ; නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ; ජාතික රාජ්‍ය සභාව.
පාර්වතේය
වි. පර්වතයට අයත් ; පර්වත ඇසුරෙහි වෙසෙන ; කඳුකර.
නා.ප්‍ර. ඛණිජ විශේෂයක් ; අංජන ; අඳුන්.
පාර්ශ්ව
වි. අංශයක හෙවත් පැත්තෙහි පිහිටි ; අංශයකට අයත්.
පාර්ශ්ව කෝටරය
නා. හරස් අතට පිහිටි (කනෙහි හෝ නාසයෙහි) කුහරය.
පාර්ශ්ව මුද්ගරිකාව
(පාරිභා.) නා. අනුජංඝාස්ථියෙහි පහළ කෙළවර පිට පැත්තෙහි වූ ප්‍රසරය.
පාර්ශ්වගත
වි. එක් පැත්තක් ගන්නා ; පක්ෂපාත ; පක්ෂග්රාහී.
පාර්ශ්වය
1. නා. පැත්ත ; පැත්තකට අයත් කොටස ; අංශය ; පක්ෂය.
2.පැරණි බදු විශේෂයක්.
පාර්ශ්වාන්ත්රික හෘද
(පාරිභා.) නා.බහු. පණුවාගේ උදරිය වාහිනිය හා පෘෂ්ඨීය වාහිනිය සම්බන්ධ කරන හෘද යුගල.
පාර්ශ්වාස්ථි
පාර්ශ්වික
1. වි. පැත්තට අයත් ; පැත්තෙහි පිහිටි ; අංශයකට සම්බන්ධ වූ
2. එක් පක්ෂයකට අයත්.
පාර්ශ්වික අපවර්තනය
(පාරිභා.) නා. තල දර්පණ ප්රතිබිම්බයක දිස්වන ප්රතිබිම්බයේ අපවර්තනය.
පාර්ශ්වික ආතතිය
(පාරිභා.) නා. ආංශික ඇදීම හෝ වික්‍රියාව.
පාර්ශ්වික පුෂ්පය
(පාරිභා.) නා. අංශයක හටගන්නා මල ; ද්විතීය පුෂ්පය.
පාර්ශ්වික රේඛාව
නා. මත්ස්‍යයන්ගේ ශරීරයේ අංශ දිගට විහිදෙන නොපැහැදිලි රේඛාව.
පාර්ශ්වික විස්ථාපනය
(පාරිභා.) නා. පාවෙන යාත්රාවෙකින් හෝ දියෙහි ගිල්වනු ලබන කිසියම් වස්තුවකින් හෝ පාර්ශ්වික ව විසිරෙන ජල ප්‍රමාණය.
පාර්ශ්වික ශිරාව
නා. ශරීරයේ තුන්දීය පැත්තේ සිට හෘදයවස්තුව කරා ලේ ගෙන යන නාල විශේෂය.
පාර්ශ්වීය කන්දකය
(පාරිභා.) නා. ඇටයක තිබෙන කෙවෙණියට සවි වන පිණිස අනෙක් ඇටයක පාර්ශ්වයකින් පිහිටි ගෝලාකාර කෙළවර.
පාර්ශුකාව
නා. ඉල ඇටය.
පාර්ෂ්ණී
1. නා.ප්‍ර. ඇතැම් පෘෂ්ඨවංශීන්ගේ විලුඹෙහි පිහිටා ඇති අස්ථිය ; අනුජංඝාස්ථිකාව.
2. කුකුළු වර්ගයේ පක්ෂීන්ගේ පොරකටුව.
පාරාජික
නා.ප්‍ර. (විනය) පිළියම් කළ නොහැකි ශික්ෂාපද ව්යතික්රමණයෙන් බුද්ධශාසනයෙහි පරාජයට පත්වීම.
පාරාදීසය
1. නා. අධික සැප ඇති ස්ථානය ; ඉතා ප්‍රීතියෙන් කල්ගෙවන උත්පත්ති ස්ථානය.
2. දෙවියන් වහන්සේගේ වාසභවනය ; ස්වර්ගය.
4. ආදම්ගේ උයන.
පාරාන්ධ
[පාර + අන්ධ]
වි. විනිවිද නොපෙනෙන ; යම්කිසි තරංග ආයාමයක කිරණ සම්පූර්ණයෙන් ම උරාගැනෙන.
පාරායන
නා.ප්‍ර. එතර වීම ; එගොඩ වීම ; එතෙරට යාම.