සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1073
පාරාරය
[පාර + අරය]
(පාරිභා.) නා. සිලෝ මාන්ත්රධරයන්ගේ ප්රාථමික අර හතරෙන් එකක්.
පාරාවළල්ල
නා. සතුරාට දමා ගසා පහර දීමට යොදා ගැනුණු චක්රාකාර ආයුධයක් ; පැරණි රජුන්ගේ පංචායුධයෙන් එකක්.
පාරිචරිය
නා.ප්ර. සේවය කිරීම ; මෙහෙ කිරීම ; උපස්ථාන කිරීම.
පාරිතෝෂිකය
නා. කළ සේවයට පැහැදී දෙන දීමනාව ; පාරිතෝෂික දීමනාව.
පාරිදර්ශක
වි. (ක්රිස්ති.) පූජා ප්රසාදිතුමා සම්බන්ධ ; රදගුරුතුමාට අයත්.
පාරිදර්ශකය
(පාරිභා.) නා. සබ්මැරින ආදිය තුළ සිට බැලිය හැකි දුරදක්නා උපකරණයක් ; පෙරිස්කෝපය.
පාරිභාෂික
වි. කිසියම් විෂයයක් සඳහා වූ නිශ්චිත විශේෂ අර්ථයක් දක්වන ; ඒ සම්බන්ධ දේ හඳුන්වන.
පාරිභාෂික වචන
නා.බහු. කිසියම් විෂයක් සඳහා වූ නිශ්චිත විශේෂ අර්ථයක් දක්වන වචන.
පාරිභෝගික
වි. පරිභෝග කිරීම පිළිබඳ වූ ; පරිභෝජන කළ ; භුක්ති විඳින.
පාරිභෝගිකයා
නා. පරිභෝජනය කරන්නා ; යමක් භුක්ති විඳින්නා.
පාරිශ්රමිකය
නා. කළ සේවයට කරන ගෙවීම ; යමක් කළ පසු ඒ සඳහා ලැබෙන මුදල.
පාරිශුද්ධ
වි. අතිශයින් පිරිසිදු ; හාත්පසින් පිරිසිදු.
පාරිසරික
වි. පරිසරයට අනුකූල වූ ; වටපිටාවට අයත් වූ.
පාරිහාරික
වි. ඒ ඒ තැනට හෝ අවස්ථාවට හෝ සුදුසු ; ගැළපෙන ; පරිහරණයට පහසු.
පාරුපනය
1. නා. පෙරවීම ; සිවුරු පෙරවීම.
2. පොරෝනා වස්ත්රය.
පාරුව
නා. විශේෂයෙන් ගංගා ඔය ආදියෙහි බඩු සහ මගීන් ප්රවාහනය සඳහා ගැනෙන පැතලි පතුලක් සහිත ජල යාත්රා විශේෂයක්.
පාරුෂ්යය
1. නා. දරුණු ස්වභාවය ; තද පරුස බව.
2. රළු වචනය.
පාල
වි. රැක බලාගන්නා වූ ; පාලනය කරන ; මෙහෙය වන.
නා.ප්ර. ආරක්ෂාව ; රක්ෂා කිරීම ; රැකබලා ගැනීම.
පාලක ඒකකය
(පාරිභා.) නා. වේගය, විදුලිය වැනි දේ පාලනය කිරීමේ දී භාවිත කරන ඒ ඒ වර්ගයට අයත් සම්මත මිනුම.
පාලක කෝශ
(පාරිභා.) නා.බහු. පුටිකාවක සිදුර දෙපැත්තෙහි තිබෙන එහි ඇරීම හා වැසීම සිදු කරන අපිචර්මීය සෛල දෙකෙන් එකක් වටා ආරක්ෂාවට සිටින සෛල.
පාලක ග්රන්ථිය
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ මොළය පත්ලෙහි තිබෙන නිර්නාල ග්රන්ථියක් ; පිටියුටරි ග්රන්ථිය.
පාලක චුම්බකය
(පාරිභා.) නා. විදුලිය බලය උපදවන යන්ත්රයේ චංචලතාව පාලනය කිරීම සඳහා ගන්නා උපකරණයේ යොදාගනු ලබන කාන්දම ; පාලක කාන්දම.
පාලක මණ්ඩලය
නා. ආයතනයක් නිත්යානුකූලවත් ක්රමානුකූලවත් පවත්වා ගැනීම සඳහා පත් කොට ඇති විධායක බලතල සහිත පිරිස ; භාරකාර පිරිස.
පාලක රජ්ජුව
(පාරිභා.) නා. ක්ෂීරපායි පිරිමි සත්ත්වයින්ගේ වෘෂණ කෝෂයෙහි වෘෂණවලට ආධාරක ව තිබෙන රැහැන.