සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1068
පාදික
වි. පාදය හා සම්බන්ධ ; පාදයට අදාළ හෝ අයිති.
නා.ප්‍ර. ඇතැම් යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම සඳහා පයින් පාගන කොටස ; පැඩලය.
පාදික ත්‍රිකෝණය
(පාරිභා.) නා. ඕනෑම ත්‍රිකෝණයක ශීර්ෂකෝණ තුනේ සිට ප්රතිමුඛ පාදවලට ඇඳි ලම්බ රේඛා එම පාදවලට හමුවන ලක්ෂ්‍ය තුන ශීර්ෂ වශයෙන් සිටින සේ අඳින ලද ත්‍රිකෝණය.
පාදික රේඛාව
(පාරිභා.) නා. ත්‍රිකෝණයක පරිවෘත්ත පරිධියේ පිහිටි කිසියම් ලක්ෂ්යයක සිට එම ත්‍රිකෝණයේ පාද තුනට අඳින ලම්බකවල පාද යා කරන රේඛාව.
පාදික වක්‍රය
(පාරිභා.) නා. කිසියම් අචල ලක්ෂ්යයක සිට නියමිත චක්රයක ස්පර්ශකවලට අඳින ලම්බ රේඛාවල පාද යා කරන වක්‍රය.
පාදිය
1. නා.ප්‍ර. පය සෝදන වතුර.
2. ගංගා ඇළ දොළ ආදියෙහි දෙ ඉවුරු අතරේ පයින් එගොඩ මෙගොඩ යා හැකි තැන ; තොටුපොළ.
පාදිරි
නා.ප්‍ර. (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි සභාවක පූජකවරයා ; පූජා ප්‍රසාදිවරයා ; දේවගැතිවරයා.
පාදීය
වි. පාදයකට අයත් ; පාදික ; පාදස්ථ ; ප්‍රාථමික ; ආරම්භක.
පාදීය මූලය
නා. මූලික කාරණය ; ප්‍රධාන මූල ද්‍රව්‍යය.
පාදීය සෛලය
(පාරිභා.) නා. පාදයේ හෙවත් මුල පිහිටි සෛලය ; පාදස්ථ සෛලය.
පාදුක
(පාරිභා.) වි. පාදයෙහි යටිපතුලට අයිති.
නා.ප්‍ර. පතුල ; යටිපත්ල ; පාදතලය.
පාදුක ධමනිය
(පාරිභා.) නා. යටිපතුලේ පිහිටි ලේ නහරයක්.
පාදුකාව
1. නා. පාවහන ; සෙරෙප්පුව ; සපත්තුව.
2. අශ්වාරෝහකයකුගේ පය තබා ගැනීමට සෑදලයෙහි එල්ලා තිබෙන පුඩුව.
3. ගස්වැල් ආදියට පෝර දැමීමාදී වශයෙන් කරන සාත්තුව.
4. රෝගීන්ට කරන සැලකිල්ල.
5. වැසිකිළියේ වළට උඩින් වළ වැසෙන සේ සිදුරක් ද සහිත ව සවිකරන ලෑල්ලේ පා තබන කොටස.
පාදෝදක
1. නා.ප්‍ර. පය සේදීමට තබන වතුර.
2. මෝරු; කිරි මෝරු.
පාන බලය
(පාරිභා.) නා. 1. වීජ ගණිතයෙහි භාවිත කරන වරහනක්.
2. යමක් සවි වීමට තබන ආධාරක ලීය ; මුක්කුව.
පානකය
නා. බීම වර්ගයක් ; පලතුරු වර්ගවල යුෂ හා පැණි හෝ සීනි මිශ්‍ර කිරීමෙන් සාදාගන්නා පානය.
පානගෝෂ්ඨීය
නා. සුරාපාන උත්සවය ; මධුපානෝත්සවය.
පානමානය
(පාරිභා.) නා. (උද්භි.) ශාකයක ජලය උරා ගැනීමේ ප්‍රමාණය මනින උපකරණයක්.
පානය
1. නා. බොන දෙය ; බීමට ගන්නා ද්‍රව විශේෂය ; බීම.
2. සුරාව ; මද්‍යසාරය.
පානවා
1. ක්‍රි. දක්වනවා ; පෙන්වනවා ; ප්‍රදර්ශනය කරනවා.
2. අත දික් කරනවා.
3. යමක් ලබා ගැනීමට අත දිගහැර අල්ලනවා.
පාන් එළිය
(කථා.) නා. 1. පහනින් නිකුත් වන ආලෝකය
2. හිරු උදාවීමේ දී ඇතිවන එළිය ; අරුණාලෝකය.
පාන් කළුව
(කථා.) නා. පහන් වන වේලාවේ ඇති වන අඳුර.
පාන් තරුව
නා. අරුණලු නැඟීමට ටික වේලාවකට පෙර නැගෙනහිර අහසෙහි පායා නැගෙන ලොකු තාරකාව ; උදයට පෙර පායන විට සිකුරු තරුවට මේ නම ව්‍යවහාර වේ.
පාන් මඩුව
1. නා. දෙවියන් සඳහා පවත්වන පූජා කටයුත්තක්.
2. ඒ පූජාව පැවැත්වීම සඳහා සැරසිලි සහිතව සාදන තාවකාලික මඩුව.
පාන්කඩ
1. නා.ප්‍ර. පාන් තිරය.
2. පරණ රෙදිකඩ.