සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1067

පාද ලාංඡනය

නා. පය තුබූ තැන පිහිටන පයෙහි සලකුණ ; පා සටහන.

පාදක

නා.ප්‍ර. පදනම ; මූලාධාරය.
වි. මුල් වූ ; ප්‍රතිෂ්ඨා වූ.

පාදකෝණය

(පාරිභා.) නා. ජ්‍යාමිතික රූපයක පාදය වශයෙන් පිහිටන ඕනෑම කෝණයක් ; ආධාරක කෝණය.

පාදඞ්ගුලි

නා.ප්‍ර. පයේ ඇඟිලිවල පලඳින මුදු.

පාදචාරි

නා.ප්‍ර. පයින් යන්නා ; පාගමනින් යන තැනැත්තා.

පාදජාලා

නා.ප්‍ර. පය වටා පැළඳි දැලක ආකාරයේ ආභරණ විශේෂයක්.

පාදඩ

1. වි. තැන තැන ඇවිදින ; ඉබාගාතේ යන ; රස්තියාදු වන ; ස්ථිර නවාතැනක් නැති.
2. අශීලාචාර ; නොහික්මුණු ; වනචර ; පාහර.

පාදඩයා

1. නා. දඩාවතේ ඇවිදින්නා ; ස්ථිර ගෙයක් දොරක් නැත්තා ; රස්තියාදු කාරයා.
2. වනචරයා ; අශික්ෂිතයා ; නොහික්මුණු පුද්ගලයා ; පාහරයා.

පාදතලචාරි

(පාරිභා.) වි. (මනුෂ්‍යයා මෙන්) පතුල බිම තබා ඇවිදින.

පාදනවා

1. ක්‍රි. අවහිර ඉවත් කරනවා ; මතු කර පෙන්නනවා; බාධා නැති කරනවා ; ඉඩ සලසනවා.
2. මතු කරනවා ; හෙළිදරවු කරනවා.
3. නොපෙනී තිබුණ ඇස් පෙනෙන්නට සලස්වනවා.
4. සතුටු කරනවා ; ප්‍රසන්න කරනවා.

පාදන්‍යාස

නා.ප්‍ර. පා තැබීම ; ^ පය ගැසීම ; පාද නික්ෂේපය.

පාදප

නා.ප්‍ර. ගස ; වෘක්ෂය.

පාදම

1. නා. පතුල ; පත්ල ; අඩිය.
2. චෛත්‍ය, වාහල්කඩ, කුලුනු ආදියේ අත්තිවාරමට උඩින් පිහිටි පහළ ම කොටස.

පාදම්ගල

නා. (වාස්තු.) උළුවහු කණු ආදිය සිටුවීම සඳහා පදනමක් වශයෙන් පොළොවේ පිහිටුවන ගල්.

පාදය

1. නා. පය ; කකුලෙහි අග කොටස.
2. කවි, සිව්පද, ගාථා, ශ්ලෝකාදියේ පේලිය ; කවි පදය.
3. කහවණුවෙන් හතරෙන් කොටස.
4. කඳු පර්වත වෘක්ෂ ආදියේ මුල.
5. කොටස ; අංශය.
6. ත්‍රිකෝණ, චතුරශ්‍රාදි ජ්‍යාමිතික රූපවල පැත්ත.
7. පාරුව.
8. සරමක දෙකොටසකින් එකක්.
9. නැකතකින් සතරෙන් පංගුව.

පාදවක්ත්‍ර

(පාරිභා.) වි. මුහුණෙහි පහළ කොටසට සම්බන්ධ වූ.

පාදස්ථ

1. වි. පාදයෙහි පිහිටි ; පතුලෙහි වූ.
2. කවි පදයක පිහිටි.

පාදස්ථ ඩිම්බන්‍යාසය

(පාරිභා.) නා. ඩිම්බකෝෂයෙහි ඩිම්බ පාදස්ථ ව පිහිටා තිබෙන ආකාරය.

පාදාංශකය

නා. (ජ්‍යෝති.) රාශියෙන් නවයෙන් පංගුව ; නවාංශකය ; නැකතේ පාදය.

පාදාතයා

1. නා. පයින් යන්නා.
2. පාබළ හේවායා.

පාදාන්තය

1. නා. කකුලේ කෙළවර ; පාදයේ කෙළවර.
2. පද්‍ය පාදයක කෙළවර ; කවි ආදියේ පදයක අග.

පාදාවිෂ්ට

(පාරිභා.) වි. බීජාධරය විදගෙන පරාග නළය ඩිම්බයට ඇතුළුවන්නා වූ.

පාදාශ්‍රිත

(පාරිභා.) වි. පාදයෙහි හෙවත් මුල පිහිටි ; පහළින් පිහිටි ; පා ඇසුරු කළ.

පාදාස්තරණය

[පාද + ආස්තරණය]
නා. පාවාඩය ; පියවිල්ල.