සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1066
පාණ්ඩිත්‍යය
නා. පණ්ඩිත ලක්ෂණ ඇති බව ; දැන උගත්කම ; ඇසූ පිරූ තැන් ඇති බව.
පාණ්ඩුකම්බල ශෛලාසනය
නා. ශක්‍රයාගේ ආසනය ; පඬුපුල් සලස්න.
පාණ්ඩුර
වි. සුදු ; ශ්වේතවර්ණ ; පඬු පැහැ.
පාණ්ඩුරණය
(පාරිභා.) නා. අඳුරෙහි වැඩෙමින් තිබීම නිසා ශාක පත්‍රවල කොළපාට නැති වී පඬු පැහැ ගැන්ම.
පාණි
1. නා.ප්‍ර. ප්‍රාණය ඇත්තා ; ප්‍රාණියා ; සත්ත්වයා.
2. අත.
පාණි ග්‍රහණය
නා. අතිනත් ගැනීම ; සරණ බන්ධනය ; කරකාර බැඳුම.
පාතක
වි. වැරදි සහගත ; පාපී ; ; සාපරාධි.
පාතකය
නා. පාපකර්මය ; පාපී ක්‍රියාව ; අපරාධය.
පාතනය
1. නා. පහත හෙලීම ; පහත වැටීම ; ප්‍රමාණයෙන් අඩු වීම ; පහළ බැසීම.
2. ගවකිරි.
පාතරාසය
නා. උදය භෝජනය ; හීල.
පාත්තිය
නා. එලවළු මල් ආදිය වගාව සඳහා පොළොව කොටා මට්ටම් කොට සකස් කළ බිම් කොටස.
පාත්‍ර ධාතුව
නා. බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රය.
පාත්‍රය
1. නා. බඳුන ; භාජනය ; තලිය ;තැටිය.
2. බුදු, පසේ බුදු, රහත්, සංඝ උත්තමයන් ආහාර වළඳින ගෝලාකාර හැඩයෙන් යුත් භාජනය.
3. මිනුම් ප්‍රමාණයක් ; පලම් හැට හතරක බර ප්‍රමාණය.
4. බේසම ; ද්‍රව පිරවූ භාජනය. .
පාත්රයා
1. නා. යමක් ලබන්නට හෝ විඳින්නට සුදුසු තැනැත්තා ; යෝග්‍ය පුද්ගලයා.
2. නාට්‍යයක හෝ ගද්‍ය පද්‍ය කාව්යාදියෙහි එන එක් එක් චරිතය.
පාත්රි
(පාරිභා.) වි. රෝගාදියකට පාත්රවන සුලු හෙවත් ගොදුරු වන සුලු.
පාතාල පාෂාණ
නා.ප්‍ර. පෘථිවි පෘෂ්ඨයෙහි ඉතා යට ඝනීභවනය වූ ස්ඵටිකරූපි පාෂාණය.
පාථෙය්‍ය
නා.ප්‍ර. දිගු ගමනක අතරතුර දී පරිහරණය කිරීම සඳහා ගෙන යන කළමනා ; මාර්ගෝපකරණ.
පාද උපකූර්චය
(පාරිභා.) නා. (සත්ව.) පෘෂ්ඨ වංශීන්ගේ පස්සා ගාතයෙහි පහළ කොටසත් පයේ ඇඟිලිත් අතර කොටස.
පාද චාරිකාව
නා. බිරිය ; භාර්යාව ; පාදපරිචාරිකාව.
පාද පරිචාරිකාව
නා. පා ඇසුරු කරන්නිය වන බිරිය ; භාර්යාව ; අඹුව.
පාද පීඨිකාව
1. නා. උස් අසුනක හිඳගත් විට පය තැබීම සඳහා භාවිත කැරෙන කොළොඹුව ; පා පුටුව.
2. සේදීම පිණිස හෝ සේදීමෙන් පසු පය තබන පුවරුව.
පාද පෘෂ්ඨය
නා. පයේ මතු පිට පැත්ත ; උඩු පතුල ; පිටිපතුල.
පාද බන්ධනය
1. නා. කකුල් බැඳීම ; පා දෙක එක් කොට බැඳ දැමීම ; කකුලින් බැඳීම.
2. අරමිණිය ගොතා වාඩි වීම ; බද්ධ පර්යඞ්කය.
3. පා ආවරණය ; පාවහන.
පාද රේඛාව
නා. (භූගෝ.) සිතියම් සම්පාදනයේ දී යම් ස්ථානයක් මැනීමේ මූලික ස්ථානය වශයෙන් සලකා එතැන සිට ලකුණු කරන සෘජු රේඛාව.