සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1065
පාචන
1. වි. විරේක ඇති කරවන ; බඩ ශුද්ධ කරවන.
2. අජීර්ණ සහිත.
පාචනය
1. නා. පැසවීම ; පැසීම.
2. විරේක වීම ; බඩ ශුද්ධ වීම.
3. තුවාල වණ ආදිය පැසවාලීම.
4. අතීසාර රෝගය.
පාච්චලය
(කථා.) නා. 1. යටහත් පහත්කම ; යටත්කම; නිවට නියාලුකම ; පමණට වඩා අනුන්ට අවනත වීම.
2. පහත් කොට සැලකීම ; නිගරු කොට තැකීම ; බාල්දුව.
3. කවටකම; කොලොප්පම සමච්චලය.
4. ඉඩ ප්‍රස්තාව ; අවකාශය.
5. බුරුල දීම ; දැඩි විනය නීති නොමැතිකම.
පාච්මන්ට්
1. නා.ප්‍ර. ලිවීම, සිත්තම් ඇඳීම ආදිය සඳහා පිළියෙල කරන ලද (එළු, බැටලු ආදි) සම් ; සම් පත්‍රය.
2. එබඳු සමක ලියූ ලියවිල්ල හෝ ඇඳි සිත්තම.
පාජක
(පාරිභා.) නා.ප්‍ර. 1. ඇතැම් ශාකවල බීජාණු සමග මිශ්‍ර ව පිහිටි දිගැටි සර්පිලාකාර වැස්මක් ඇති සෛල විශේෂය.
2. කේන්ද්රෝපසාරි පොම්පයක භ්‍රමණය වන අවයවය.
පාට
1. නා.ප්‍ර. පැහැය ; වර්ණය.
2. වර්ණවත් කිරීම සඳහා ගැනෙන ද්‍රවය හෝ ද්‍රව්‍යය ; සායම.
3. ආකාරය ; විදිය.
වි. පැහැය ඇති ; හැඩයෙන් යුත්.
පාට කවනවා
ක්‍රි. යමකට පාට ඇතුළු කරනවා ; වර්ණවත් කරනවා.
පාටවය
1. නා. සාමර්ථ්‍යය ; ප්‍රවීණත්වය ; චාතූර්යය ; පටුත්වය.
2. හික්මවීම ; මර්දනය.
පාටිකාව
1. නා. සෝපානයක මුල තබන අඩසඳ බඳු පඩිය ; සඳකඩ පහණ.
2. පළිඟුව.
පාටිතය
1. නා. පැළීම ; පැළුම් විවරය.
2. (පාරිභා.) හමෙහි රැලි අතර විවර.
පාටීරාභය
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ හිස්කබලේ ඇටයක් ; මොළයට යටින් පිහිටි සිදුරු සහිත ඇටය ; ඡිද්‍රාස්ථිය.
පාඨ ග්‍රන්ථය
නා. පාඩම් පොත ; කියවීම් පොත ; පාඩම් එක්තැන් කොට කළ පුස්තකය ; පාඨ්‍ය ග්‍රන්ථය.
පාඨක
වි. කියන ; කියවන ; පඨනය කරන ; ප්‍රකාශ කරන.
පාඨකයා
නා. කියන්නා ; කියවන්නා ; පඨනය කරන්නා ; ප්‍රකාශ කරන්නා.
පාඨය
1. නා. වාක්‍යය ; වගන්තිය ; වාක්‍ය කොටස.
2. ත්‍රිපිටක පාළිය ; පෙළ.
3. කියවීම ; අක්ෂර උච්චාරණය ; පඨනය.
පාඨශාලාව
නා. ශිල්ප ශාස්ත්‍ර උගන්වන ආයතනය ; ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලබාදෙන ස්ථානය ; පාසල ; විදුහල.
පාඨාංකය
[පාඨ + අංකය]
(පාරිභා.) නා. මානයක සටහන් වන ගණන ; මානයෙන් පෙන්නුම් කෙරෙන සංඛ්‍යාව.
පාඨින
නා.ප්‍ර. උගන්වන්නා ; අධ්‍යාපනය දෙන්නා.
පාඩගං
නා.ප්‍ර. පැරණි බිසෝ පළඳනා විශේෂයක් ස්ත්‍රීන් පයේ පළඳින වළල්ල ; නුපුරය.
පාඩම
1. නා. ශිෂ්‍යයකු විසින් එක් වරකට හෝ කිසියම් කාල සීමාවක් තුළ ඉගෙන ගත යුතු යැයි ඉදිරිපත් ව පවතින කරුණු සමූහය ; පොතක එක් මාතෘකාවක් යටතේ තිබෙන විස්තරය.
2. අමතක නොවන ඉගැන්වීම ; තරවටුව ; උපදේශය.
3. සිතෙහි රඳවා ගැනීම ; මතකය.
පාඩුව
නා. අලාභය ; හානිය ; අවාසිය ; අඩුපාඩුව ; හිඟය.
පාණ වැස්ස
නා. මිදුණු දිය කැට වැස්ස ; අයිස් වැස්ස.
පාණ්ඩර
වි. කහ පැහැයට හුරු ; සුදු පැහැය ඇති.
පාණ්ඩරය
(පාරිභා.) නා. සුදුමැලි ගතිය ; මිලාන ගතිය.