සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1075
පාවුල
නා.ප්‍ර. (පර්වත කඳු ආදියෙහි) පාදය ; පාමුල ; බෑවුමක පහත කෙළවර ; කන්ද පහළ.
පාවෙන ඉලඇට
නා.බහු. ඉතාමත් පහළින් පිහිටි ඉල ඇට ජෝඩු දෙක.
පාවෙනවා
1. ක්‍රි. යමක් ද්‍රවයක නොගිලී එහි මතුපිට එහා මෙහා ගමන් කරනවා ; සැහැල්ලුවෙන් යමක් අවකාශයේ එහා මෙහා යනවා.
2. සෙමෙන් සෙමෙන් ගමන් කරනවා.
3. පහ වෙනවා ; දුරු වෙනවා ; ඉවත් වෙනවා.
පාශය
1. නා. උගුල ; මලපුඩුව ; ගැටය.
2. යමක් කෙරෙහි තදින් බැඳතබන බැම්ම ; කාම, රාග ආදි කෙලෙස් බැම්ම.
පාෂාණ
නා.ප්‍ර. ගල ; ගල්කැට ; පහණ ; ශෛලය.
පාෂාණ ජීරණය
නා. ස්වභාව ධර්මයේ ක්‍රියාකාරිත්වය නිසා ගල් හා පර්වත කැඩී බිඳී ගෙවී යෑම.
පාෂාණ භූත
1. වි. ගල් මෙන් තදබවට පත් ; ගල් වූ.
2. ගලක් වැනි නොසෙල්වෙන ස්වභාව ඇති ; කිසිදු මෘදු හැඟීමකින් තොර බවට පත්.
පාෂාණ මළුව
1. නා. ගල් පුවරු අතුළ මිදුල.
2. ගල් සහිත උස් බිම් තීරුවක්.
පාෂාණ යුගය
නා. මානවයන් ගල් ආයුධ පාවිච්චි කළ අවධිය ; ගල් යුගය.
පාෂාණ විද්‍යාව
නා. ගල්වල උපත හා වැඩීම පිළිබඳ විද්‍යාව.
පාෂාණ වියුක්තිය
නා. ස්වභාව ධර්මයේ ක්‍රියාකාරිත්වය නිසා ගල් කොටස්වලට කැඩී කැඩී වෙන්වීම.
පාෂාණ සංයුතිය
නා. ගල් සෑදෙන්නට උපයෝගී වන මිශ්‍රණය.
පාෂාණමය
වි. ගලින් කළ ; ගලින් නිමැවුණු.
පාෂාණීධාතු
නා.ප්‍ර. පොළොවේ පාෂාණ ස්තර අතර ගල් ගැසී පවතින ඉපැරණි සත්ත්ව සහ ශාක නෂ්ටාවශේෂ ; පොසිල.
පාස
1. නා.ප්‍ර. මලපුඩුව ; බැඳුම ; ගැටය.
2. ඇඳුම්වලට අල්ලන නැමුණු කුඩා කොකු විශේෂයක්.
3. ස්පර්ශය ; පහස.
පාසක
1. නා.ප්‍ර. මලපුඩුව ; තොණ්ඩුව.
2. පොරවන ලද චීවරය සුළඟට එහා මෙහා නොයන සේ අල්ලා තබනු සඳහා සිවුරු කෙළවර ගැටය ඇතුළු කරවන පුඩුව.
4. පයින් ක්‍රියා කරවිය හැකි සක පෝරුව.
පාසනී ඇටය
නා. විලුඹේ ඇටයක්.
පාසල
නා. ශිල්ප ශාස්ත්‍ර පුරුදු පුහුණු කරන ස්ථානය ; අධ්‍යාපන ආයතනය පාඨශාලාව.
පාසලඹ
නා.ප්‍ර. (වළලුකරේ ආභරණයක් ලෙස පලඳින ගිගිරි සහිත) පා වළල්ල ; පාදකිංකිණි.
පාස්කුව
නා. ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානවීම නිමිත්තෙන් ක්‍රිස්තු භක්තිකයන් විසින් පවත්වනු ලබන ආගමික උත්සවය.
පාස්සනවා
ක්‍රි. පුරුද්දනවා ; එකට සම්බන්ධ කරනවා ; පාහනවා.
පාසාණඛීල
නා.ප්‍ර. ගල්කණුව ; ශෛලස්තම්භය.
පාසාද
නා.ප්‍ර. බොහෝ මහල් සහිත උස් මන්දිරය ; පහය ; ප්‍රාසාදය.
පාසි
නා.ප්‍ර. (උද්භි.) මූස්කී වර්ගයට අයත් ශාකයක් ; දිය සෙවෙල් ; පෙඳ ; ජලනීලිය.
පාසිවුරු
නා.ප්‍ර. පාත්‍ර හා චීවර.