සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1082
පිට කරනවා
1. ක්‍රි. එළියට දමනවා ; බැහැර කරනවා ; නිකුත් කරනවා.
2. පිට පැත්තට ගන්නවා ; පසුපසට යොදනවා.
පිට මයික්‍රෝමීටරය
(පාරිභා.) නා. දුරේක්ෂයට පිටතින් සවිකරනු ලබන මයික්‍රෝමීටරය.
පිට රේඛාව
නා. චිත්‍ර ඇඳීම් ආදියේ දී සීමා දැක්වීම සඳහා මුලින් ම අඳින රේඛාව ; බාහිර රේඛාව.
පිට ලනවා
1. ක්‍රි. පිටට දමනවා ; බැහැර කරනවා ; ඉවත් කරනවා.
2. පිට හරවනවා ; පිට තබා හේත්තුවෙනවා.
3. යම් කරුණක් හේතුකොට දක්වනවා ; අන් කෙනකු මත වරදක් පටවනවා.
පිට වරිගය
නා. බාහිර කුලය ; පිටස්තර කුලය ; අන්‍ය වූ පෙළපත.
පිටංගනය
නා. ගෙදරක මිදුලින් පිටත ඒ වටා ඇති පෙදෙස.
පිටක ලක්ෂණ
1. නා.ප්‍ර. සිරුරේ සම පිට ඇති වන උපන් ලප කැලැල් ආදිය.
2. ලප කැලැල්වල පල විපාකය.
පිටකටුව
1. නා. පිටිකොන්ද ; කොඳු ඇට නාරටිය.
2. දිවුල් බෙලි ආදි ගෙඩි වර්ගවල පිටතින් ඇති ඝන වූ කොටස.
පිටකත්‍රය
නා.ප්‍ර. තුන්පිටකය ; බුද්ධ දේශනය ග්රන්ථ වශයෙන් වෙන් කොට ඇති තූන් කොටස; තුන් පිටකය.
පිටකය
1. නා. බටපතුරු වේවැල් ආදියෙන් වියනු ලබා ඇති පැස; පෙට්ටිය ; කූඩය.
2. විනය සූත්‍ර අභිධර්ම යන මුළු බුද්ධ ධර්මය සංගෘහිත වන ග්‍රන්ථාවලිය.
3. උද්භිද ස්ඵෝටිකා විශේෂයක්.
4. කොඩියක සැරසිලි වෙසෙසක්.
පිටගැටිය
නා. (භාජනයක හෝ බැමි වැනි දෙයක මුව විටෙහි දක්නා ලැබෙන) බැහැරි තීරය ; පිටවාටිය.
පිටත
නා. බැහැර ; පිටපැත්ත.
පිටත වෘත්තය
නා. (ගණිත.) බහි වෘත්තය ; ත්‍රිකෝණයක හෝ වෙනත් උත්තල බහු අස්‍රයක සියලු කෝණ ස්පර්ශ කරගෙන යන සේ එයට පිටතින් අඳිනු ලබන වෘත්තය.
පිටපට ගසනවා
1. ක්‍රි. ඇඳි රෙදි කඩෙහි හෝ සරමෙහි පහළ කෙළවර ඔසවා අඳිනවා , වලාපොට ගසනවා.
2. ඇඳි රෙදිකඩ හෝ සරම අමුඩයක් මෙන් සකසා අඳිනවා.
පිටපත
නා. යම්කිසි ග්‍රන්ථයක හෝ ලිපියක හෝ ලියවිල්ලක අනුකෘතිය ; කොපිය.
පිටපදනම
නා. ගෙවල බිත්තියට පිටින් ඇති බැම්ම ; වටපිළ ; කයියෝරුව.
පිටපිට
ක්‍රි.වි. එකකින් පසු එකක් බැගින් ; යළි යළිත් ; නොකඩවා, නැවත නැවත.
පිටපොත
නා. ග්‍රන්ථයක ගැටළු තැන් ලිහා පොතක් සේ පිළියෙළ කොට ඒ පොතටම ඈඳා තැබූ පොත.
පිටබලය
නා. බැහැරින් ලැබෙන ශක්තිය ; පිටතින් ලැබෙන උදව්ව ; අනුබලය ; පිටුබලය
පිටමං කරනවා
ක්‍රි. බැහැර කර හරිනවා ; ඉවත් කරනවා ; දුරු කරනවා.
පිටමළුව
නා. ගෙයින් පිටත වූ මිදුල ; මාලිගාවේ බැහැරි මිදුල.
පිටරට
නා.ප්‍ර. ස්වකීය දේශයෙන් අන්‍ය වූ දේශය , විදේශය.
පිටලස් කඩදාසි
නා.ප්‍ර. (සිතියම් පිඹුරුපත් ආදිය) පිටපත් කිරීමට ගන්නා විනිවිද පෙනෙන ටිෂියු කඩදාසි.
පිටවක
වි. පිට කුදු වූ ; වක් වූ පිටක් ඇති.
1. නා. නගුලේ පිටපැත්ත.
2. කවයක පිටපැත්ත.