සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1081
පෑදෙනවා
1. ක්‍රි. පැහැදෙනවා ; සතුටු වෙනවා ; ප්‍රසන්න වෙනවා.
2. (ඇස් ඇරි) පෙනී යනවා ; ප්රත්යක්ෂ වෙනවා.
3. (ජලයේ බොරගතිය ආදිය නැති වී) පිරිසිදු වෙනවා ; පැහැදිලි වෙනවා.
පෑපත
නා. ඔපය ; දීප්තිය ; ප්‍රභාව.
පෑය
1. නා. පාට ; පැහැය ; වර්ණය.
2. ප්‍රභාව ; දීප්තිය ; කාන්තිය.
පෑල
1. නා. අමුණෙන් හතරෙන් පංගුවක් වන ධාන්‍ය මිනුමක් ; ලාස් 10ක ප්‍රමාණය
2. වී පෑලක් වැපිරෙන වපසරිය.
3. බටහිර දිශාව.
පෑවිල්ල
(කථා.) නා. වර්ෂාව නොමැති ව දිගු කලක් දැඩි ඉරු රැස් වැටීම ; ඉඩෝරය ; නියඟය.
පෑස්සීම
(පාරිභා.) නා. (ලෝහ වර්ග ආදිය) කොටස් දෙකක් එකක් වන සේ සම්බන්ධ කිරීම ; එකට පෑහීම ; යා කිරීම.
පෑළ දිග
නා. බස්නාහිර දිශාව.
පෑළ වෙරළ
(පාරිභා.) නා.ප්‍ර. වෙරළක රළ හා උදම් ළඟා නොවන ඉහළ කලාපය.
පෑළවිය
නා. චන්ද්‍රමාස ක්රමයෙහි පළමුවන දිනය ; පුර සහ අව යන පක්ෂ දෙකේ පළමුවන දිනය.
පිංකම
නා. සිත පහදවාගෙන කරනු ලබන පුණ්‍ය කටයුත්ත ; කූසල ක්‍රියාව , චිත්ත සන්තානය පවිත්‍ර කරන දානමය කටයුත්ත.
පිංකැටය
නා. පුණ්‍ය කටයුතු සඳහා ආධාර මුදල් බහාලන බඳුන.
පිංගල
1. නා.ප්‍ර. ඇත් කුලයක්.
2. අති විශාල කල්පිත මත්ස්‍යයෙක්.
3. පිඟුවන් වර්ණය ; රන්වන් පැහැය.
4. පක්ෂියෙක්.
5. ඡන්දස් ශාස්ත්‍රයෙහි අති දක්ෂ පුරාණ ආචාර්යවරයෙක්.
6. මැසි වර්ගයක්.
7. සෙනසුරු ග්‍රහයා.
8. සුවඳ ද්‍රව්‍යයක් වන ගෝරෝචන.
9. වර්ෂ නාමයක්.
පිංජර
වි. රන්වන් පැහැ ඇති ; රතු සහ කහ මිශ්‍ර වර්ණවත්.
පිංතාලිය
නා. මගතොට යන එන්නන්ට දිය බීම සඳහා සිවු මංසල් ආදියේ තැන්පත් ව පවතින පැන් පිරවූ ලොකු සැළිය.
පිංසෙංඩු වෙනවා
ක්‍රි. බැගෑපත්ව ඉල්ලනවා ; අයදිනවා.
පිග්මන්තනය
නා. (වෛද්‍ය) සත්ව හා ශාක සෛලවල වර්ණය ඇති කරන ද්‍රව්‍යය ; වර්ණකය.
පිචණ්ඩිල
වි. තරබාරු ,ස්ථුල
පිච්චිය
නා. තරමක් පැරණි අඩු අගයකින් යුත් කාසි වෙසෙසක්; දොයිතුව, අළුක්කාල.
පිච්චෙනවා
ක්‍රි. (කථා.) දැවෙනවා ; පිළිස්සෙනවා ; ගිනි ගන්නවා ; දහනය වෙනවා.
පිච්ඡ
1. නා.ප්‍ර. මොනර පිල් ; මොනර පිහාටු.
2. පෙඳය ; වල්ගය.
3. කුකුළු කරමලය.
4. ඉඹුල් ගස ; ඉන්සලු හෝ පුවක් ගස.
5. ඉඹුල් ලාටු.
පිච්ඡිකාංගය
[පිච්ඡික + අංගය]
(පාරිභා.) නා. 1. (සත්ත්ව) පිහාටුවක් තිබෙන ප්‍රසරය.
2. ඇතැම් පාසිවල පරිපුටයේ තිබෙන දත් පේලිය.
පිචුලනය
(පාරිභා.) නා. එකට කැටි කිරීම ; සම්පිණ්ඩනය.
පිඤ්ජර
වි. රතට හුරු කහ පැහැයෙන් යුතු ; පිඟුවන් පැහැ ඇති.
පිට
1. නා.ප්‍ර. සිරුරේ කොඳු පෙදෙස ; කොඳු ඇට පේළිය ඇති පැත්ත ; පසුභාගය.
2. යමක උඩුතලය ; මුදුන ; පෘෂ්ඨය.
3. පැත්ත ; පාර්ශ්වය.
4. බැහැර ; දුර.
5. බෙල්ල ; කර ; ග්රීවය.
7. ළඟ ; සමීපය.
8. සමූහය ; රැස ; කණ්ඩායම.