සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1100
පුං
වි. පුරුෂ බවට අයත් ;පුරුෂ ලිංගික ; පුරුෂ වාචක.
පුං ගර්භාශය
නා. පිරිමි ගර්භාශය ; ධරාලය.
පුංකේසර
නා.ප්‍ර. මල්වල ඇති පුරුෂ කේසර ; පිරිමි මල් රේණු.
පුංගත
(පාරිභා.) වි. පුං සෛලයකින් පහළ වූ ; පුංජනිත.
පුංගවයා
1. නා. පිරිමි ගවයා ; ගොනා ; වෘෂභයා.
2. උසස් පුද්ගලයා ; ශ්‍රේෂ්ඨයා ; ප්‍රමුඛයා.
පුංචි
වි. කුඩා ; ළදරු ; බාල ; පැටි ; සුළු ; කෙටි.
පුංචි හන්දිය
නා. භාණ්ඩ සෑදීමේ දී ලෑල්ලක කට්ටයක් කපා වෙනත් ලෑල්ලක නෙත්තියක් ඊට ගිල්වා මූට්ටු කිරීමේ ක්‍රමයක් ; පසක් ගිරි මූට්ටුව.
පුංජනනය
(පාරිභා.) නා. පුංසෛලයකින් වර්ධනය වීම ; ප්රමුද්භවය.
පුංජන්මාණුව
(පාරිභා.) නා. පිරිමි ජන්මාණුව.
පුංජායාංගධරය
(පාරිභා.) නා. මලක පුරුෂ සහ ස්ත්‍රී අවයව පිහිටි දික්වූ ග්‍රාහය. (මලක) පුරුෂ හා ස්ත්‍රී අවයව පිහිටි ග්රාහයක් සහිත.
පුංජායාංගී
(පාරිභා.) වි. (උද්භි.) එක ම මංජරියෙහි කොටස් දෙකක පුරුෂ සහ ස්ත්‍රී මල් වෙන් වෙන් ව පිහිටි.
පුංජායාණුරූපියා
(පාරිභා.) නා. (සත්ව.) ස්ත්‍රී ලක්ෂණත් පුරුෂ ලක්ෂණත් පෙන්වන සතෙක්.
පුංලිඞ්ග
වි. (ව්‍යාක.) පුරුෂ ලිංගයට අයත් ; පුරුෂ ලිංගාර්ථ.
පුංසෛලය
(පාරිභා.) නා. පුරුෂ සෛලය.
පුඟුලා
නා. පුද්ගලයා ; සත්වයා.
පුච්චනවා
ක්‍රි. ගින්නෙන් දවනවා ; ගිනි තියනවා ; පුළුස්සනවා.
පුච්ඡය
1. නා. වලිගය ; නගුට.
2. (පාරිභා.) ගුදයට පසුව තිබෙන අවයවය ; වලිගයක් වැනි අවයවය.
3. (පාරිභා.) අවයවයකට සම්බන්ධව පවත්නා නියත වශයෙන් අවශ්‍යතාවක් අනුබද්ධය.
4. (උද්භි.) පොදු දණ්ඩක් වටා පිහිටි සරල නිර්වෘත්ත මල්වලින් සමන්විත පුෂ්ප මංජරිය.
පුඤ්ජය
නා. කැටිය ; පිඩ ; රාශිය.
පුඤ්ඤ
නා.ප්‍ර. සිත පිරිසිදු කරන ක්‍රියාව ; පින ; පුණ්‍යය ; කුසලය.
පුටකය
1. නා. කොපුව ; කෝශය.
2. බීජ සංඛ්‍යාවකින් සමන්විතව එකම අණ්ඩජයකින් සෑදුණු පහත කෙළවරින් පිපිරෙන ඵලය.
පුටපාකය
නා. (වෛද්‍ය.) 1. ගින්නෙන් ආහාර පිසීම ; පාකය.
2. ගින්නෙහි ලා තම්බා සකස් කරගනු ලබන ඖෂධය.
පුටය
1. නා. ගොටුව ; කූඩය ; පැස.
2. මුඛාකාර සිදුර ; විවරය ; කුහරය.
3. ගොන්න ; එකට තබන ලද සමූහය ; ගොඩ.
4. ග්‍රහයන් හා ලග්න ඉෂ්ට කාලයේ දී සිටින නියම ස්ථානය.
පුටිකාව
(පාරිභා.) නා. ශාකයක කොළවල හා ළපටි කඳෙහි පවතින ඉතා කුඩා සිදුර.
පුටුව
නා. පීඨය ; හිඳගන්නා ආසනය ; නිසීදනය.