සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1106
පුරුක
නා. දාමයක් මෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති කොටස් කීපයකින් එකක්.
පුරුද්ද
නා. යමක් කිරීමෙන් ලැබෙන පරිචය ; පළපුරුද්ද.
පුරුද්දනවා
ක්‍රි. පූට්ටු කරනවා ; යා කරනවා.
පුරුෂ
වි. පුරුෂයා පිළිබඳ ; පිරිමි.
පුරුෂත්‍රය
නා. (ව්‍යාක.) වියරණයේ සඳහන් වන උත්තම, මධ්‍යම සහ ප්‍රථම යන පුරුෂ තුන.
පුරුෂයා
1. නා. පුද්ගලයා ; තැනැත්තා.- පිරිමියා ; පුඟුලා.
2. සැමියා ; වල්ලභයා.
3. සේවකයා.
පුරුෂලිංගය
1. නා. පිරිමියකු . වෙන් කර හඳුනා ගැනීමට උපකාර වන අංගය.
2. (ව්‍යාක.) පුරුෂවාචක නාම ඇතුළත් වන ලිඞ්ගය.
පුරුෂාර්ථය
1. නා. මිනිසා විසින් සඵල කරගත යුතු උසස් කාර්ය සිද්ධිය.
2. චතුර්වර්ග සම්පත ; ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන සතරින් එකක්.
පුරුෂෝත්තමයා
1. නා. ශ්‍රේෂ්ඨ පුද්ගලයා ; උත්තම මනුෂ්‍යයා; බුදුරජාණන් වහන්සේ සඳහා යෙදේ.
2. විෂ්ණු දෙවියා.
පුරෝගමනය
නා. යමකු සාදරයෙන් පිළිගැනීම සඳහා ඔහු එන මඟ ඉදිරියට යෑම ; පෙරගමන.
පුරෝගාමි
වි. පෙරටුව යන ; පෙරමුණ ගන්නා.
පුරෝගාමියා
නා. ඉදිරියෙන් යන්නා ; පෙරටුව යන්නා ; මඟ හෙළි කරන්නා.
පුරෝද්භිද විද්‍යාව
(පාරිභා.) නා. උද්භිද විද්‍යාවේ අංගයක් වශයෙන් පාෂාණිභූත ශාක පිළිබඳ ව හදාරන ශාස්ත්‍රය.
පුරෝභාගය
නා. ඉදිරිපස කොටස.
පුරෝහිතයා
නා. ප්‍රධාන අනුශාසකයා ; පෙර රජුන්ට අනුශාසනා කළ බමුණු පඬිවරයා.
පුලකය
1. නා. ලොමු දැහැගැන්ම.
2. මැණික් ගලක පවතින පළුදුව.
3. රසකැවිලි සහිත ව ඇතකුට දෙන ආහාරය.
4. (පාරිභා.) පහත් පෘෂ්ඨවංශීන්ගේ අනුමස්තිෂ්කයේ ප්‍රධාන කොටස ; ක්ෂීරපායීන්ගේ අනුමස්තිෂ්කයේ මධ්‍යම ඛණ්ඩිකාව.
පුලන්නා
නා. යාචක විශේෂයක්.
පුල්
1. නා. පිපුණු ; සුපිපි ; පුබුදු ; විකසිත.
2. මලින් ගැවසී ගත් ; කුසුමින් සෑදුණු ; මල් පිරී ගිය.
පුල්ලිංගය
1. නා. පිරිමි සතුන්ගේ නිමිත්ත ; පුරුෂ ලිංගය.
2. (ව්‍යාක.) නාමපදවල තුන් වැදෑරුම් ලිංග භේදයෙන් එකක් ; පිරිමි සතුන් හඟවන නාමය ; පුරුෂ ලිංගය.
පුල්ලිය
1. නා. ලපය ; පැල්ලම ; තිත ; කැළල.
2. චරිතයට සිදුවන කැළල.
පුල්ලියාර්
නා.ප්‍ර. දෙවි කෙනකුගේ නාමය ; ගණ දෙවියා ; ගනේෂ.
පුල්ලිරෝගය
නා. ශාකවල දිලීර විශේෂ නිසා හෝ මැංගනීස් ආදිය හීන වීම නිසා හෝ පත්‍ර, කඳ, පුෂ්පමංජරිය ආදි තන්හි පුල්ලි වැටීම ලක්ෂණ කොට ඇති වන රෝගය.
පුල්ලෝරම
නා. වඩු වැඩෙහි ලී ආදිය මට්ටම් කිරීමට යොදා ගන්නා පීරි විශේෂයක් ; රාස්පය.
පුලිඟක වර්ණපටය
(පාරිභා.) නා. ත්‍රිපාර්ශ්ව වීදුරුවක් මැදින් රශ්මියක් යැවූ විට ඉන් බෙදී යන දීප්තිමත් වර්ණ මාලාව.