සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 111

අනුදිත

[අන් + උදිත]
1. වි. නොකියන ලද.
2. වි. උදා නොවූ; නොනැඟුණු.

අනුදිව

නා. කුඩා දිවයින; කුඩා දූපත.

අනුදෙස

නා.ප්‍ර. ප්‍රධාන දිශා දෙකක් අතර පිහිටි දිශාව.

අනුදෝලනය

නා. යමක කම්පනය අනු ව එය සමීපයෙහි වූ තව කිසිවක් කම්පනය වීම.

අනුධම්මචාරී

වි. ධර්මයට අනුරූප වූ පිළිවෙතෙහි හැසිරෙන.

අනුධර්ම

නා.ප්‍ර. ධර්මයට අනුරූප වූ පිළිවෙත.

අනුධ්‍යානය

නා. නැවත නැවත සිතීම හෙවත් කල්පනා කිරීම.

අනුධ්‍රැවය

(පාරිභා.) නා. නිත්‍ය චුම්බකයක අන්ත දෙකින් ඈත් වූ ස්ථානයක ඇති වන ධ්‍රැවය; අනුගාමී ධ්‍රැවය (=consequent pole).

අනුධාවනය

නා. පස්සෙන් දිවීම; අනු ව දිවීම.

අනුනද

නා.ප්‍ර. දෝංකාරය; ප්‍රතිරාවය; ප්‍රතිධ්වනිය; අනුනාදය.

අනුනය

1. නා.ප්‍ර. ඇල්ම; රාගය; කැමැත්ත.
2. නා.ප්‍ර. සිත සතුටු කිරීම; සිත නැළවීම හෙවත් සැනසීම; ප්‍රසාදනය.
3. නා.ප්‍ර. ප්‍රාර්ථනය.

අනුනයනය

නා. සිත් දිනා ගැනීම.

අනුන්නත

[අන් + උන්නත]
වි. උන්නත නොවූ; උඩට නොනැමුණු.

අනුන්‍යෂ්ටි

(පාරිභා.) නා.ප්‍ර. සෛලයක න්‍යෂ්ටියේ ඇති ගෝලාකාර වස්තුවක් (=nucleolus).

අනුනා

1. නා.ප්‍ර. අනුනායක තනතුර.
2. නා.ප්‍ර. දෙවැනි නායක ථෙර; උප ප්‍රධාන ස්ථවිර.

අනුනාද නළය

(පාරිභා.) නා. ප්‍රතිධ්වනිය ඇති කරන නළය.

අනුනාදකය

නා. ප්‍රතිධ්වනිය ඇති කරන උපකරණය.

අනුනාදය

නා. දෝංකාරය; ප්‍රතිරාවය; ප්‍රතිධ්වනිය.

අනුනාසිකය

1. (ව්‍යාක.) නා. නාසිකානුගත හෙවත් නාසය හා ආශ්‍රිත ශබ්ද හා සම්බන්ධ ව මුඛයෙන් උච්චාරණය කරනු ලබන වර්ණය; නාසිකාද්වාරය විවෘතව තිබිය දී උසුරුවනු ලබන අකුර.
2. (ව්‍යාක.) නා. අනුස්වාරය; නිග්ගහීතය; බින්දුව.

අනුප

වි. දියට ආසන්න; ජල බහුල; තෙතමනය ඇති.
නා.ප්‍ර. ජල බහුල භූමිය.

අනුපක්ලිෂ්ට

වි. නොකෙලෙසුණු; කිලිටි නොවූ; පරිශුද්ධ.

අනුපක්ෂීණ

වි. අඩු වී නොගිය; නොගෙවුණු; නොපිරිහුණු; විනාශ නොවූ.

අනුපගත

[අන් + උපගත]
වි. ළඟට නොපැමිණි; සමීපයට නොඑළඹුණු.

අනුපගන්තව්‍ය

[අන් + උපගන්තව්‍ය]
වි. නොඑළඹිය යුතු; නොවටහා ගත යුතු.