සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1157

බැඳුම්කරය

නා. (පාරිභා.) දෙදෙනකු හෝ දෙපක්ෂයක් අතර මුදල් පදනම් කොට අන්‍යෝන්‍ය බැඳීමක් ඇති කර ගන්නා නීතිමය ලියවිල්ල.

බැබළෙනවා

ක්‍රි. දිලෙනවා ; දිලිසෙනවා ; විරාජමාන වෙනවා ; උද්දීප්තිමත් වෙනවා.

බැබුන්

නා.ප්‍ර. තරමක් විශාල වානර වර්ගයක් ; බබුනා.

බැම

1. නා. දෑසට ඉහළින් පිහිටි රෝම දෙපෙළ ; ඇහි බැම.
2. (දළ වශයෙන්) මිනිසකුගේ දෙ අත් දෙපසට විහිදු විට ඇති දිග ප්‍රමාණය ; බඹය.

බැම නගනවා

ක්‍රි. යම්කිසි අදහසක් ඇඟවීමට ඇහි බැම උස් කරනවා.

බැමලේ

නා. ඉරක් හෝ රේඛාවක් බඳු ඇහි බැම ; භ්‍රෑරේඛාව.

බැම්ම

1. නා. බැඳීම ; බන්ධනය.
2. (ගල් මැටි සිමෙන්ති ආදියෙන් කරන) තාප්පය ; බිත්තිය ; වේල්ල.

බැර ජලය

(පාරිභා.) නා. බර වූ ජලය ; සාමාන්‍ය ජලය විද්‍යුත් විච්ඡේදනය විට අවශේෂයක් වසයෙන් ලැබෙන ඩියුට්රියම් ඔක්සයිඩ්.

බැර පැත්ත

(පාරිභා.) නා. ගිණුම් ලෙජරයක හෝ තුලා පත්‍රයක හෝ ගිණුමකට මුදල් බැර කරන පැත්ත.

බැර සටහන

නා. බැංකු ගිණුමක බැර පැත්තට ඇතුළත් කරන මුදල පිළිබඳ සටහන.

බැරපත

(පාරිභා.) නා. ගිණුමට මුදල් බැර කිරීමේ දී තොරතුරු සටහන් කිරීම සඳහා බැංකුවෙන් දෙන පෝර්මය.

බැරම

1. වි. බොහෝ ; ඉහත ; අතිශය බරින් යුක්ත.
2. බඹුන් හට අයත් හෝ සම්බන්ධ ; බ්‍රහ්ම.

බැරැක්කය

නා. හමුදා භටයන් සාමුහික ව නැවතී සිටින ගොඩනැගිල්ල ; සෙබළ නිවාසය.

බැරැණ්ඩිය

නා. උගුරින් නැගෙන රළු හඬ ; බර කර්කශ කටහඬ.

බැරෑරුම

1. නා. බරපතළකම ; අමාරුව ; භාරධූරතාව.
2. ආඩම්බරකම ; අහංකාරය ; උඩඟුකම ; අධිකමානය.

බැරි

1. වි. බර ඇති ; බරින් යුතු.
2. අපහසු ; නොකළ හැකි ; අමාරු.

බැරෝමීටරය

(පාරිභා.) නා. වායුපීඩනය මැනීමේ උපකරණය.

බැල

වි. කුලිය හා සම්බන්ධ ; කුලියට අයත්.
නා.ප්‍ර. ශක්තිය ; වීර්යය.

බැලගෙඩිය

නා. පොල් කැඩීමට ගසකට නගින මිනිසාට කුලිය වශයෙන් දෙන පොල් ගෙඩිය.
නා.ප්‍ර. ශක්තිය ; වීර්යය.

බැලය

1. නා. කුලිය ; පාරිශ්‍රමිකය.
2. සේවක මණ්ඩලය ; පරිවාරක මඩුල්ල.

බැලයා

නා. කුලී වැඩ කරන්නා ; කුලීකරුවා.

බැල්ම

1. නා. බැලීම ; බැලුම් හෙළීම ; නෙත් පහට ; දෘෂ්ටි පාතය.
2. අමනුෂ්‍ය දෘෂ්ටිය ; භූතාවේශය.

බැලුනය

1. නා. අවට වාතයට වඩා සැහැල්ලු වායුවක් පිර වූ විට ඉහළ නගින සේ සාදන ලද හුළං පිට නොවන දිගටි සේද කෝෂය ; බැලුන් යන්ත්‍රය.
2. උෂ්ණ වාතය පිරවීමෙන් ඉහළ යන සේ තුනී කඩදාසියෙන් සාදන ලද ගෝලාකාර පසුම්බියක්.
3. බැලුන් බෝලය.

බැලූ-බැල්මට

ක්‍රි.වි. වැඩි විමසීමක් නො කොට ඇස යොමු කළ පමණින්; මතුපිටින් පෙනී යන පරිදි ; සියුම් විග්‍රහයක් නොමැති ව සලකා බලනු ලබන විට පෙනෙන පරිදි.