සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 117

අනුභූත ඥානය

නා. (තර්ක.) ස්මෘතියෙන් අන්‍යතර වූ නුවණ.

අනුභූතපූර්ව

1. වි. පූර්වයෙහි අනුභව කරන ලද; පෙර විඳිනු ලැබූ.
2. වි. පූර්වයෙහි අවබෝධ කළ; කලින් දැනගත්.

අනුභූතිය

1. නා. අනුභවය; විඳීම; අත්දැකීම.
2. (තර්ක.) නා. ස්මෘතියෙන් අන්‍යතර වූ නුවණ; ඉන්ද්‍රියාදියෙන් ජන්‍ය වූ ඥානය.

අනුභූයමාන

වි. දක්නට ලැබෙන; වළඳිනු ලබන; විඳිනු ලබන.

අනුභේදය

නා. උප බෙදීම; ප්‍රභේදය.

අනුභෝග වස්තු

නා.ප්‍ර. අනුභවයට සුදුසු දේ.

අනුභෝගය

නා. භුක්ති විඳීම; පරිභෝගය; පාවිච්චි කිරීම.

අනුභෝග්‍ය

වි. භුක්ති විඳිය යුතු; පරිභෝග කටයුතු.

අනුමජ්ජන

නා.ප්‍ර. පිරිමැදීම; නැවත නැවත නුවණින් සලකා බැලීම.

අනුමත

වි. මැනැවැයි පිළිගත්; අනුදත්; අවසර දෙන ලද.

අනුමතිපුච්ඡා

නා.ප්‍ර. තමන් විසින් ප්‍රකාශ කරනු ලැබූ කාරණයක් ගැන සෙසු අයගේ අදහස දැනගැනීමට ප්‍රශ්න කිරීම.

අනුමතිය

නා. එකඟ වීම; කැමැත්ත; අවසරය; අනුඥාව.

අනුමරණය

නා. අනු ව මිය යෑම; හිතවතකු හෝ නෑයෙකු මළ විට ඒ අනු ව අන්‍යයන් ද මිය යෑම.

අනුමස්තිෂ්කය

නා. අභිමස්තිෂ්කයෙහි පසු පාර්ශ්වයෙහි උකුණුවළට ආසන්නයෙහි වූ මොළයේ කොටස; කුඩා මොළය.

අනුමාත්‍රය

නා. ස්වල්ප ප්‍රමාණය; ඉතා සුළු කොටස; ස්වල්පය.

අනුමාන

වි. අවිනිශ්චිත; සැක සහිත.

අනුමාන සමෝච්ච රේඛාව

(පාරිභා.) නා. සමෝච්ච රේඛා අතර අනුමාන වශයෙන් ලකුණු කරගනු ලබන්නා වූ රේඛා විශේෂය (=form line).

අනුමාන හිමිකම

නා. අඩමාන වශයෙන් හෙවත් අවිනිශ්චිත ලෙස අයිතිවාසිකම් දැක්වීම.

අනුමානය

1. නා. හේතු අනු ව යමක් සිතා ගැනීම හෝ තීරණය කර ගැනීම.
2. (න්‍යාය.) නා. අනුමිති කරණය; යම්කිසි නිගමනයකට හේතුව.
3. නා. සැකය; අවිනිශ්චිතබව.
4. නා. හොඳ හිත; ප්‍රසාදය.

අනුමාර්ගණීය

වි. සෙවිය යුතු; අන්වේෂණය කටයුතු.

අනුමැතිය

නා. එකඟවීම; කැමැත්ත; අනුඥාව.

අනුමිතික

(පාරිභා.) වි. පිළිගනු ලැබූ සත්‍ය ආශ්‍රය කොටගත් තර්කණයෙන් තීරණයට පැමිණෙන; නිගමනාත්මක; අපෝහන.

අනුමිතිය

1. නා. (න්‍යාය.) දක්වන ලද හේතු හෝ අනුමාන අනු ව කරන නිගමනය.
2. (පාරිභා.) නා. කාරණානුසාරයෙන් සිතා බැලීම හෝ තීරණය කිරීම; නිගමනය.

අනුමෙවෙනි කරනවා

ක්‍රි. දන්දීමෙහි අනුසස් දක්වා දායකයාගේ සිත සතුටු කරනවා.