සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1213
මස්තිෂ්ක නිඛාතය
(පාරිභා.) නා. (සත්ව.) මොළය පිහිටා ඇති කුහරය.
මස්තිෂ්ක බාහිකය
(පාරිභා.) නා. මොළය සෑදී ඇති ද්‍රව්‍ය දෙකෙන් බාහිරය සෑදී ඇති ද්‍රව්‍යය.
මස්තිෂ්ක වෘත්තය
(පාරිභා.) නා. (සත්ව.) මැද මොළයේ කුඩා කොටස් දෙකක් ප්‍රධාන කොටසට සම්බන්ධ කරන ස්නායු ගොනුවක්.
මස්තිෂ්ක ශ්‍යානිය
නා. (වෛද්‍ය.) මොළයේ ලේ කැටියක් හිරවීමෙන් සෑදෙන ආබාධයක්.
මස්තිෂ්ක හයිපොපිසිය
(පාරිභා.) නා. (සත්ව.) මොළයේ පහළ කොටසට සවි වී ඇති පිටියුටරි ග්‍රන්ථිය.
මස්තිෂ්කය
නා. මොළය ; මහ මොළය.
මස්තු
(පාරිභා.) නා.ප්‍ර. 1. ලේ කැටි ගැසුණු විට ඒ ලේ කැටි අස් කළ පසු ඉතිරි වන තරලය.
2. මිදුණු කිරෙන් උනන (එකතු වන) ජලය.
මස්තු රෝගය
(පාරිභා.) නා. හන්දිපත් වේදනාව.
මස්තුලුංගය
නා. මොළය ; මස්තිෂ්ක.
මස්තුවිද්යාව
(පාරිභා.) නා. රුධිරයේ අඩංගු මස්තු ශරීරයේ ක්‍රියාත්මක වන ආකාරය උගන්වන විද්‍යාව.
මස්තෙල
නා. මස් සමග තිබෙන තෙල ; මේදය ; වසා තෙල.
මස්තොට
නා.ප්‍ර. මසුන් සිටින හෝ රැස් වන ස්ථානය.
මස්රන්
නා.ප්‍ර. මාස්පතා රනින් ගෙවිය යුතු පුරාණ අය බද්දක්.
මස්ලින්
නා.ප්‍ර. ඉතා සිනිඳු ලෙස වියන ලද කපු රෙදි.
මස්ස
1. නා. පුරාණයේ භාවිත වූ කාසි වර්ගයක් ; කහවණුව.
2. රන් කළඳක් බර කාසියක් ; මසුරනක්.
3. මදටිය පහක් බර රනින් කළ කාසිය ; රන් කහවණුවෙන් හතරෙන් පංගුව.
4. විවිධ ලෝහ වර්ගවලින් සෑදූ කාසියක්.
5. බර ප්‍රමාණයක්.
මස්සිනා
1. නා. නැන්දාගේ හෝ මාමාගේ පුතා ; භාර්යාවගේ සහෝදරයා ; සහෝදරියගේ ස්වාමිපුරුෂයා.
2. (කථා.) ඉතා හිතවත් මිත්‍රයා.
මස්සු
නා.ප්‍ර. රැවුල.
මසාරකය
නා. සයනාසන විශේෂයක් ; පාද විද එහි විට්ටම් සවිකර සාදන කවිච්චි වැනි ඇඳ.
මසැස
[මස් + ඇස]
නා. සාමාන්‍ය ඇස ; ශරීරයෙහි පවතින දෘෂ්ටි ඉන්ද්රිය.
මසි
1. නා.ප්‍ර. මාලුවා ; මත්ස්‍යයා.
2. දැලි ; අඳුන් ; අංජන.
3. රැවුල.
මසිසය
නා. වේදිකාව ; මැස්ස.
මසු
1. නා.ප්‍ර. මාලුවා ; මත්ස්‍යයා.
2. (ජ්‍යෝති.) රාශි චක්‍රයේ දොළොස්වැන්න ; මීන රාශිය.
3. ලෝභය ; මසුරුබව ; මාත්සර්යය.
මසුරන්
නා.ප්‍ර. පැරණි රන් කාසි වර්ගයක් ; රන් කහවණුව.
මසුරා
නා. ධනය ඇතත් එයින් ප්‍රයෝජන නොගන්නා තැනැත්තා ; ලෝභයා.