සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1212

මලුව

1. නා. මිදුල ; අංගණය ; මාලකය.
2. උපසපන් භික්ෂූන් විනය කර්මය සඳහා භාවිත කරන සීමා මාලකය.

මව

නා. අම්මා ; මාතාව ; මාතෘ.

මවනවා

1. ක්‍රි. මායාවෙන් නිර්මාණය කරනවා ; මාපනය කරනවා ; අමුතුවෙන් ඇති කරනවා ; සෘද්ධියෙන් නිපදවනවා.
2. (ආර්ථි.) අලුතින් උපද්දනවා ; (මුදල්) නිර්මාණය කරනවා.

මව් තැටිය

නා. (පරිග.) මව් පුවරුව ; පරිගණක පද්ධතියක් තුළ ඇති ප්‍රධාන පරිපථ පත්‍රය.

මවා පානවා

1. ක්‍රි. යමක් නිර්මාණය කර දක්වනවා ; යමක් මවා පෙන්වනවා.
2. (කථා.) සත්‍ය වශයෙන් ම නැති තත්ත්වයක් ඇති සේ (බොරුවට) පෙන්නුම් කරනවා.

මවිතය

නා. පුදුමය ; විස්මය.

මවිල්

නා.ප්‍ර. ලෝම ; රෝම ; මයිල්.

මවු

1. වි. මව සම්බන්ධ ; මවට අයත් ; මවට හිමි.
2. ලොකු ; විශාල.
3. මූලික ; පළමු.
4. උපතින් උරුම වන ; ජන්ම.

මවුබස

නා. ජන්ම භාෂාව.

මවුසය

නා. (පරිග.) මූසිකය ; පරිගණකය හැසිරවීම සඳහා උපයෝගී කරගන්නා ආදාන උපාංගය.

මශ්‍රැ

නා.ප්‍ර. උඩු හා යටි රැවුල.

මස

1. නා. සත්වයන්ගේ ශරීරයෙහි සමට නොහොත් කට්ටට ඇතුළතින් පවතින මෘදු මාංශමය කොටස.
2. පලතුරු ආදියෙහි කෑමට ගත හැකි මෘදු කොටස.
3. පුර පසළොස්වක පොහොයක සිට ඊළඟ පුර පෝය දක්වා කාලච්ඡේදය.
4. අවුරුද්දක් බෙදා ඇති කොටස් දොළහින් එකක් ; මාසය.

මසනවා

1. ක්‍රි. නූල් ඇමුණු ඉදිකටුවකින් සෑදු හිල් ඔස්සේ නූල නැවත නැවත යැවීමෙන් රෙදි හෝ කැබලි හෝ වෙන් ව ගිය තැනක් හෝ එකට සම්බන්ධ කරනවා ; මැහුම් මහනවා ; රෙදිවලින් ඇඳුම් සාදනවා ; රෙදිවල හෝ ඇඳුම් මත විචිත්‍ර මැහුම් වැඩ දමනවා.
2. හිරකරනවා ; බඳිනවා.

මස්

1. නා.ප්‍ර. මත්ස්‍යයා ; මාලුවා.
2. රැවුල.
3. උඳු නම් ධාන්‍ය වර්ගය.
4. ඇඳ ; මඤ්චකය.
5. දැඩි ලෝභය ; මසුරුකම ; මාත්සර්යය.
6. පැරණි ලෝහ කාසියක් වන මස්ස ; මාසකය.
7. ගල් කැටය.
8. සත්ව ශරීරයෙහි මෘදු කොටස ; මස.
13. ආහාර සඳහා ගැනෙන, විශේෂයෙන් ගොඩ සතුන්ගේ මාංශය ; ගොඩ මස්.

මස් ලියනවා

ක්‍රි. ආ රැවුල කපනවා ; රැවුල් බානවා.
2. මස් කඩ-කඩ කොට කපනවා.

මස් ලොඹුව

1. නා. මස් තබා කපන ලී කොටය.
2. අපරාධකරුවකු හිස ගසා ලෑම සඳහා ගැනෙන කොටය.

මස්කා

(පාරිභා.) නා.ප්‍ර. 1. ගෙමැස්සා.
2. දිය බල්ලා.

මස්කු පටලය

(පාරිභා.) නා. ශරීරයේ අභ්‍යන්තර හිදෑස්වල ඇති සම්බන්ධීය පටකයේ සියුම් පටලය ; කොරියම.

මස්කොළොම්බුව

නා. මස් තබා කපන ලී කොටය ; විකිණීමට මස් තැබූ පුවරුව ; මස්ලොඹුව.

මස්ටකයා

නා.ප්‍ර. මාලුවා ; මත්ස්‍යයා ; මස්ටයා.

මස්ටිගොපොරා

(පාරිභා.) නා.ප්‍ර. ඒක ශෛලීය ජීවීන්ගේ අධි ශ්‍රේණියක්.

මස්තකය

1. නා. මුදුන ; ශීර්ෂය ; සිරස ; හිස්මුදුන.
2. උඩ ; මතුපිට.
3. (පාරිභා.) තලය ; පෘෂ්ඨය.
4. දතක ඇඹරුම් පෘෂ්ඨය ; ශිරස්කය.

මස්තකාස්ථි

[මස්තක + අස්ථි]
නා.ප්‍ර. මස්තිෂ්කය ආවරණය කොට ඇති අස්ථි සමූහය.

මස්තිෂ්ක ආශායිකාව

(පාරිභා.) නා. සංවේද ඉන්ද්‍රිය සහිත බිත්ති ඇති මොළයේ මධ්‍ය ස්නායු මාර්ගය.