සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1400
ලින්සීඩ්
නා.ප්‍ර. තෙල් සිඳගැනීම සඳහා ගැනෙන හණ ඇට.
ලිනොලෙයික්
නා.ප්‍ර. මනුෂ්‍ය පෝෂණයෙහිලා ඉවහල් වන්නා වූද ජලයෙහි අද්‍රාව්‍ය වූද වර්ණ රහිත අසන්තෘප්ත මේදමය අම්ල දෙකෙන් එකක්.
ලිනෝලියම්
නා.ප්‍ර. ගෙබිම්, මේස ආදිය මත ඇතිරීම සඳහා ගැනෙන තුනී තහඩු විශේෂයක්.
ලිප
නා. දර, ගෑස්, විදුලිය, ඉන්ධන තෙල් ආදිය යොදා ගිනියම් කිරීම්, පිසීම් ආදි කටයුතුවලට තාපය ලබාගන්නා උදුන.
ලිපනවා
ක්‍රි. ගානවා ; ගල්වනවා ; තවරනවා ; ආලේප කරනවා ; ලිම්පනය කරනවා.
ලිපය
නා. ගෑම ; තැවරීම ; ලේපනය.
ලිපහම්
නා.ප්‍ර. මැටි ආදියෙන් රූප සෑදීම ; මැටියෙන් රූප ඇඹීම ; ලේප්ය කර්මය.
ලිප්ත
වි. ගාන ලද ; ගෑ ; ආලේප කරන ලද ; වැකුණු ; තැවරුණු.
ලිප්දොර
නා. ලිප් අද්දර අළු පිරෙන මුල්ල ; අළු මුල්ල ; ලිප් බොක්ක.
ලිප්පිඩියා
නා. කම්මැලිව වැඩ නොකර ලිප අසලම කල් ගෙවන්නා.
ලිප්බොක්කා
නා. ලිප් බොක්කෙහි අරක්ගෙන සිටිනසේ විශ්වාස කරනු ලබන භූතයෙක්.
ලිප්සාව
1. නා. ලබාගැනීමේ ආසාව ; ගිජුකම.
2. ග්‍රහයකු මේෂ, වෘෂභ ආදි රාශියක හැසිරෙන කාලය තුළ දී භුක්ති විඳින තත්ත්ව හෙවත් අවස්ථා දොළහෙන් එකක්.
ලිපි
වි. ගෑ ; ගාන ලද ; ආලේප කළ ; තවරන ලද.
1. නා.ප්‍ර. ආලේපය.
2. ලියන තැනැත්තා ; ලිපිකරුවා.
ලිපි ගඩොල
නා. පාට ලියන ලද ගඩොල් කැටය ; අකුරු සහිත ගඩොල.
ලිපි ගොනුව
නා. ඒ ඒ විෂයවලට අදාළ ලිපි, චක්‍රලේඛ, පත්‍රිකා ආදිය ගොනුකොට අමුණා ඇති ලිපි එකතුව.
ලිපි දෝෂ
නා.ප්‍ර. ලේඛනයෙහි තිබෙන දෝෂ ලියන විට සිදුවන අඩුපාඩු.
ලිපි විද්‍යාව
නා. අක්ෂර හෝ සංකේත මගින් යම් යම් දේ ලිවීමේ කලාව ; ලිවීමේ ශාස්ත්‍රය.
ලිපි ශීර්ෂය
1. නා. ලිපියකට මාතෘකාව වශයෙන් හෝ සිරස්තලය වශයෙන් යොදන පාඨය ; හෙඩිම.
2. ආයතනයක හෝ පුද්ගලයකුගේ නම, ලිපිනය ආදී තොරතුරු මුද්‍රණය කොට සකසා ඇති ලිපි ලිවීම සඳහා භාවිත කරන කඩදාසිය.
ලිපි හිමිකම
(පාරිභා.) නා. මුල් සාහිත්‍ය කෘතියක් නැවත මුද්‍රණය, ප්රකාශනය හා විකිණීම පිළිබඳ අයිතිය නියමිත කාල සීමාවකට, විශේෂයෙන් එහි කර්තෘ වෙත පමණක් නීතියෙන් සීමා කර තබාගැනීමේ හිමිකම ; ලිපි අයිතිය.
ලිපිඩ
නා. ආහාරවල අඩං පවතිමින් ශරීරයෙහි වැඩීමට හා පැවැත්මට අවශ්‍ය ද්‍රව්‍යයක් වූ මේද සහ තෙල්.
ලිපිනය
1. නා. යම් තැනැත්තකුගේ නම, පදිංචි පාර හා අංකය, ගම ආදි විස්තරය ; තැපෑලෙන් යවන ලියුම් ලැබෙන පිළිවෙළ ; ලිපියොමුව ; ඇඩ්රසය.
2. ලියන ආකාරය ; ලිපි ක්‍රමය.
ලිපිය
1. නා. අක්ෂරය ; අකුර ; වර්ණය.
2. අක්ෂර වින්‍යාසය ; අක්ෂර යෙදීම.
3. හෝඩිය ; වර්ණමාලාව.
4. ලියවිල්ල ; ලිඛිත සටහන ; පළ කිරිම සඳහා පුවත්පත් සඟරා ආදියකට කිසියම් මාතෘකාවක් යටතේ ලියන රචනය.
5. ලියුම ; ලියමන.
ලිපු
නා.ප්‍ර. ලිප ; උදුන.
ලිපොයිඩ්
නා.ප්‍ර. කොලෙස්ට්‍රෝල් ලෙසිතින් ආදිය අයත් මේද වැනි ද්‍රව්‍ය ගණයක්.