සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 146

අභිනීහරණය

නා. ඉදිරියට මෙහෙයවීම හෙවත් යොමු කිරීම.

අභිනීහාරය

නා. පැතුම; ප්‍රාර්ථනාව; මනෝ ප්‍රණීධානය; බුදු, පසේ - බුදු හෝ රහත් බව ලැබීම සඳහා අධිෂ්ඨාන කිරීම.

අභිප්ප්‍රසාදය

නා. ශ්‍රද්ධාව; භක්තිය; ගුණ දැන පැහැදීම.

අභිප්‍රමෝදය

නා. දැඩි සතුට; අධික ප්‍රීතිය හෙවත් සොම්නස; අතිශය සන්තෝෂය.

අභිප්‍රසන්න

වි. බෙහෙවින් පැහැදුණු; දැඩි භක්තියෙන් යුත්.

අභිප්‍රාය

1. නා.ප්‍ර. අදහස; කැමැත්ත; අභිලාෂය; අපේක්ෂාව; අභිමතාර්ථය.
2. නා.ප්‍ර. තේරුම; අදහස.
3. නා.ප්‍ර. කැමති වූ.
වි. බලාපොරොත්තු වූ; අදහස් කළ.

අභිප්‍රේතය

නා. අදහස් කළ දෙය; බලාපොරොත්තු වූ දේ.

අභිප්‍රේරණය

(පාරිභා.) නා. ඉදිරියට යැවීම; දිරිමත් කිරීම; පෙලඹවීම.

අභිපීඩිත

වි. බොහෝ සෙයින් පීඩාවට පත්; අතිශයින් පෙළුණා වූ.

අභිපූජිත

වි. වෙසෙසින් පිදූ; බොහෝ පිදුම් ලද.

අභිභවනය

නා. යටත් කිරීම; පරාජය කිරීම; මැඩ පැවැත්වීම.

අභිභවනීය

වි. යටත් කළ හැකි; පැරදවිය හැකි; දමනය කළ හැකි; මැඩ පැවැත්විය හැකි.

අභිභූත

වි. මඩනා ලද; පැරද වූ; යටපත් කරන ලද; අභිභවනය කරන ලද.

අභිමංගල

වි. ඉතා ශුභ; අතිශයින් වාසනාවන්ත වූ.

අභිමතය

නා. කැමැත්ත; අදහස; ආශාව; රුචිය.

අභිමතානුසාරි බලතල

(පාරිභා.) නා.බහු. යම් නිලයක් දැරීම හේතූවෙන් නීතිය උල්ලංඝනය නොකොට යමක් තීරණය කර ගැනීමේ බලතල (=discretionary powers).

අභිමතාර්ථය

නා. අභිප්‍රාය; අපේක්ෂාව; පරමාර්ථය; කැමති දෙය.

අභිමන්ත්‍රණය

නා. කැඳවීම; ආරාධනය; නිමන්ත්‍රණය.

අභිමර්දනය

නා. පෙළීම; මැඩීම; යටත් කිරීම; අවනත කර ගැනීම.

අභිමර්දය

1. නා. මැඩීම.
2. නා. යුද්ධය; සංග්‍රාමය; සටන.
3. නා. මද්‍ය; සුරාව; මත්පැන.

අභිමස්තිෂ්කය

(පාරිභා.) නා. මහ මොළය; මස්තිෂ්කය (=cerebrum).

අභිමානය

1. නා. නම්බුව; තෙදවත් බව.
2. නා. දර්පය; ගර්වය; අහංකාරය; ආඩම්බරය; මානය.

අභිමුඛය

නා. ඉදිරිය; ඉදිරිපස; සම්මුඛය.

අභිමුඛිකරණය

නා. ඉදිරිපත් කිරීම; යොමු කිරීම; සම්මුඛ කිරීම.