සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 147

අභියාචනය

නා. නැවත සලකා බැලීම සඳහා කරන ඉල්ලීම; අයැදුම.

අභියුක්තයා

1. නා. යම් කටයුත්තක් සඳහා යොදවන ලද තැනැත්තා; අන්තේවාසිකයා; කැපකරුවා; ඇබිත්තයා.
2. නා. පණ්ඩිතයා; විශාරදයා; විශේෂඥයා.

අභියුඤ්ජනය

නා. අයිතිවාසිකම් කීම.

අභියෙස්

නා.ප්‍ර. ඉදිරිය; ළඟ; සමීපය.

අභියෝගය

1. නා. භාවිතය; නිරන්තර අභ්‍යාසය; යත්නය; උත්සාහය.
2. නා. චෝදනාව; දෝෂාරෝපණය. අයිතිවාසිකම් කීම.
4. නා. තරගයට හෝ සටනට කැඳවීම.

අභියෝග්‍යතාව

(පාරිභා.) නා. කිසියම් විශේෂ කාර්යයක් කිරීම සඳහා පුද්ගලයකු තුළ ඇති ශාරීරික, මානසික හා උද්වේගීය යෝග්‍යතාව හෙවත් හැකියාව (=aptitude).

අභිරංජනය

නා. සිත් ඇලවීම; අභිරමණය.

අභිරංජිත

වි. උසස් ලෙසින් සායම් පොවන ලද; සායම් ගාන ලද; වර්ණවත් කරන ලද.

අභිරක්ත

1. වි. ඉතා ඇලුණු; ආසක්ත.
2. වි. තද රතුපාටින් යුත්; අතිරක්ත.

අභිරත

වි. බෙහෙවින් සිත් ඇලුණා වූ; ආසක්ත.

අභිරතිය

1. නා. අතිශය ඇල්ම; ආශාව; කැමැත්ත; අභිරුචිය.
2. නා. එක් ව විසීමේ ආශාව; අනුරාගය; අභිරමණය.

අභිරමණය

නා. අතිශය වශයෙන් සිත් ඇලවීම; රතිසැපය; සම්භෝගය.

අභිරම්‍ය

වි. අතිශයින් රමණීය; සිත්කලු; මනහර.

අභිරවණය

නා. නාද කිරීම; රැව් දීම; ප්‍රතිනාදය.

අභිරහස

නා. බෙහෙවින් සැඟවුණු කාරණය; දැඩි රහස; ගුප්ත කරුණු.

අභිරාම

1. වි. අතිශයින් රූමත්; රමණීය; ශෝභන.
2. වි. දැඩි සේ ඇලුම් කරන; අනුරක්ත.

අභිරුචිය

නා. දැඩි ආශාව; ඇල්ම; කැමැත්ත; අභිරතිය.

අභිරූඪ

වි. ඉහළට ම නැගුණු.

අභිරූප

1. වි. විශිෂ්ට රූ ඇති; අධික රූප සම්පත්තියෙන් යුත්; අතිප්‍රියංකර.
2. වි. උගත්; පණ්ඩිත.

අභිරූපිකාව

නා. ඉතා රූමත් ස්ත්‍රිය; විශිෂ්ට රූප ශෝභාවක් ඇති කාන්තාව; රූප සුන්දරිය.

අභිලක්ෂිත

1. වි. විශේෂ කොට සලකුණු කළ; වෙන් කොට දැක් වූ.
2. වි. මනා සේ සලකන ලද; අභිප්‍රේත.

අභිලම්බය

(පාරිභා.) නා. ලම්බක වූ රේඛාව; ලම්බකය (=normal).

අභිලෂිත

වි. බෙහෙවින් කැමති වූ; ආශා කළ; රුචි කළ.

අභිලාපනය

නා. කීම; කථනය.