සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1516
විජිතය
නා. යටත් කර ගනු ලැබූ රාජ්‍යය ; නතු රාජ්‍යය.
විජිනි
නා.ප්‍ර. පවන්පත ; වටාපත.
විජිනිපත
නා. පවන් ගැසීම සඳහා තල්අතු ආදියෙන් කළ උපකරණය ; අවාන ; වටාපත.
විජිනීය
වි. බොහෝ දුරට වටකුරු වූ ; වටකුරුවට පැතුරුණා වූ.
විජිලිය
නා. විදුලිය ; විජුලිය.
විජිහ්ම
වි. ඇද වූ ; ඍජු නොවූ ; හුලස්ව පිහිටි.
විජෘම්භණය
1. නා. වැජඹීම ; බැබළීම.
2. ඇඟමැළි කැඩීම, කිලි පෙළීම, අත්පා දිග හැරීම හා ඈනුම් ඇරීම වැනි ක්‍රියාවන්ගෙන් පසු නැගී සිටීම.
විඤ්ඤත්තිය
නා. හැඟවීම ; කයින් හෝ වචනයෙන් හැඟවීම.
විඤ්ඤත්තිරූප
නා.ප්‍ර. කායික වාචසික ක්‍රියා මෙහෙයවන චිත්තජ බල විශේෂය.
විඤ්ඤූ
වි. නුවණැති ; නැණවත් ; ප්‍රඥාවන්ත.
විඥ
වි. කාරණාකාරණ දන්නා වූ ; ප්‍රාඥ ; විශේෂඥ වූ.
විඥප්තිය
1. නා. දැන්වීම ; සැල කිරීම ; හැඟවීම.
2. අදහස් හඟවන කායික වාචසික ක්‍රියාව.
විඥානය
නා. අරමුණු දැන ගැනීමේ නුවණ ; විශේෂ වූ ඥානය.
විඥානවාදය
නා. ආත්මයක්. ඇතැයි යන මතය මත ගොඩනැගුණ දර්ශනය ; ආත්මවාදය.
විඥාපනය
නා. හැඟවීම ; සැල කිරීම ; සංඥාපනය ; දැන්වීම.
විට
1. නා.ප්‍ර. වාරය ; අවස්ථාව ; කාලය.
2. වරකට ගන්නා ප්‍රමාණය (බුලත් විට ආදිය).
විටංකය
නා. විශාල ගොඩනැඟිලිවල ඉදිරිපස බිත්ති මුදුනේ පිටතට නෙරා සිටින සේ ලී, ගඩොල් ආදියෙන් සෑදූ භූත රූපාදියෙන් යුත් කූඩුව ; කොබෝ ගෙඩි වළල්ල.
විටපග්රන්ථි
(පාරිභා.) නා.ප්‍ර. ඇතැම් ක්ෂීරපායින්ගේ ගුදය දෙපස ඇති, දුගඳ ද්‍රවයක් පිට කරන ග්‍රන්ථි යුවළ.
විටපීයදේහය
(පාරිභා.) නා. අධෝමාර්ගය හා අණ්ඩකෝෂය අතර පිහිටි ප්‍රදේශය.
විටමින්
නා.ප්‍ර. ශරීරයේ නියම ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වූ ද ආහාරයෙහි අඩංගු විය යුතු වූ ද ජීව පදාර්ථයක්.
විටවෙට්ටම්
නා.ප්‍ර. පැරණි නගර ප්‍රාකාර මත කරවන ලද තොරණ විශේෂයක්.
විට්
1. නා.ප්‍ර. මලබද්ධය.-.
2. පහන ; පහන්තිරය.
විට්ටම
1. නා. ඇඳ, පුටු, මේස ආදියේ එක් පැත්තක හෝ වැඩි සංඛ්‍යාවක සවි කරන ලද ඇන්ද.
2. රෝදයක නිමි වළල්ල ; පට්ටම.
3. කකුල් හෝ ගරාදි දරා සිටින සැකිල්ල.
විට්රියෝල්
(පාරිභා.) නා.ප්‍ර. ගිනිවතුර.