සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 170
අල්ලා
1. නා.ප්‍ර. ඉස්ලාම් භක්තිකයන්ගේ දෙවියන් වහන්සේ.
2. නා.ප්‍ර. අම්මා; මව.
3. නා.ප්‍ර. කොත්තමල්ලි.
අල්ලාප
නා. කථාව; ආලාපය.
අල්ලාප-සල්ලාපය
නා. කථාබහ; සතුටු සාමීචි කථාව; ප්‍රිය සංවාදය.
අල්ලිය
1. නා. කොටුව; කොට්ඨාසය; ස්ථානය; බිම් කැබැල්ල.
2. (කථා.) නා. අම්බලම; නවාතැන.
3. නා. රෙදිවල මෝස්තරයක්.
අල්ලීන
වි. ඇලුණ; ආසක්ත.
අල්ලුව
නා. යමක් තදින් ඇල්ලීමට හෝ සවි කිරීමට හෝ යොදන උපකරණය; කයිපුඩිය; කලම්පය.
අල්ලේ දවස්
ක්‍රි.වි. අනතුරු දින; පසු දා.
අලාබය
1. නා. නොලැබීම; අප්‍රාප්තිය.
2. නා. නැති වීම; විනාශය; පාඩුව.
අලාභහානිය
නා. පාඩුව; හානිය; විනාශය.
අලාමක
වි. පහත් නොවන; නීච නොවන; උසස්; ශ්‍රේෂ්ඨ.
අලාමුළා
නා.ප්‍ර. සිහි මුළාව; සිහි විකාරය.
අලි
1. නා.ප්‍ර. අලියා.
2. නා.ප්‍ර. මී මැස්සා; භෘංගයා; බමරා.
වි. ලොකු; විශාල.
අලි ගාල
නා. වල් අලින් ඇල්ලීම සඳහා වනය මැද කණු හිටුවා බඳිනු ලබන විශාල කොටුව; ඇත්ගාල.
අලිංග
වි. ස්ත්‍රී-පුරුෂත්වයක් නැති.
අලින්දය
නා. පිල්කඩ; ඉස්තෝප්පුව.
අලිප්ත
වි. ආලේපන නොකරන ලද; නොතවරන ලද.
අලිමංදාව
(කථා.) නා. කැලෑවේ අලි ගමන් කරන පාර,
අලිම්පනය
නා. නොතැවරීම; නොකිලිටි වීම.
අලියා
නා. සිවුපාවන්ගෙන් ප්‍රමාණයෙන් විශාලතම සතා; දළ නැති හස්තියා.
අලිස් කටුව
නා. ඇණ ඇල්ලීමට පළමු ලී ආදිය විද ගැනීම පිණිස වඩුවන් විසින් පාවිච්චි කරනු ලබන වානේ කටුව.
අලීකය
නා. බොරුව; අසත්‍යය; මුසාව.
අලීන
වි. කුසීත නොවූ; අලස නොවූ.
අලීනගත්තතා
නා.ප්‍ර. නොහැකුළුණු ශරීර ඇති බව; අශීති අනුව්‍යඤ්ජනයන්ගෙන් විසිහතරවැන්න.
අලුක්කාල
නා. දැනට භාවිත නොවන තඹ කාසි විශේෂයක්; සතයකින් හතරෙන් කොටසක වටිනාකම ඇති කාසිය; දොයිතුව; ශතකාල.