සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1779
ස්වාභාවික කම්පනය
(පාරිභා.) නා. ස්වාභාවික හේතු නිසා ඇති වූ චලනය ; ඉබේ ඇතිවන සෙලවීම.
ස්වාභාවික ජීර්ණය
(පාරිභා.) නා. වර්ෂා ජලයෙන් පොළෝ මතුපිට සේදී යාම නිසා වන නග්නීකරණය.
ස්වාභාවික ධර්මතාව
(පාරිභා.) නා. මනුෂ්‍ය ක්‍රියාකාරකම් ස්වභාව ධර්මයේ නියමවලට එකඟ වන ආකාරයට ගෙන ඒම.
ස්වාභාවික නියමය
(පාරිභා.) නා. මිනිස් සිතුම් පැතුම් අනුව හොඳ නොහොඳ පිළිබඳ ව ඇති කරගත් නියමය.
ස්වාභාවික ප්‍රදේශ
(පාරිභා.) නා.ප්‍ර. 1. ස්වභාවයෙන් ම ඇති වුණු යම් විශේෂතා සහිත ප්‍රදේශ ; භූගෝලීය පරිස්ථිතිය නිසා ඇති වූ ස්වාභාවික ලක්ෂණ සහිත ප්‍රදේශ.
ස්වාභාවික වනාන්තර
නා.ප්‍ර. භූගෝලීය පරිසරය නිසා හටගත් වනපෙත් ; ඉබේ රෝපණය වී පවතින වනාන්තර.
ස්වාභාවික වරණය
(පාරිභා.) නා. උචිතතමයා නොපිරිහී, විනාශ නොවී ඉතුරුවීම හා ඒ උචිත භාවය ඊළඟ පරම්පරාව විසින් උරුම කරගැනීම නිසා සිදුවන පරිණාමය.
ස්වාභාවික වරාය
නා. නැව්වලට පැමිණීමට තරම් ගැඹුරෙන් යුක්ත වූ වූ ඉබේ සෑදුණු නැව්තොට.
ස්වාභාවික වාදය
(පාරිභා.) නා. ස්වභාව ධර්මයට එකඟ වාදය ; ස්වභාව ධර්මය අනුගමනය කිරීමේ මතය.
ස්වාභාවික විද්‍යාව
(පාරිභා.) නා. ස්වභාව ධර්මය හා භෞතික රසායන ආදී වශයෙන් ආශ්‍රය මූලික කොට පවතින ඉතා පුළුල් අධ්‍යයන ක්ෂේත්රය.
ස්වාභාවික විරංජනය
(පාරිභා.) නා. වර්ණ හෙවත් පාට පිළිබඳව ඉබේ සිදුවන වෙනස්වීම.
ස්වාභාවික සම්පත්
(පාරිභා.) නා.ප්‍ර. ඉබේ ම පහළ ව ඇති ඛණිජ, ජලය, ගස්වැල් ආදී දේ ; ස්වභාව ධර්මයාගෙන් ලැබී ඇති දායාද.
ස්වාභාවිකෝද්ධරණය
[ස්වාභාවික + උද්ධරණය]
නා. සත්ත්වයන්ගේ ක්‍රම විකාශය පිණිස ස්වාභාවික බලවේගවල ක්‍රියාකාරිත්වය.
ස්වාමි පුත්‍රයා
නා. ස්වාමියා ; හිමියා ; අයිතිකරුවා ; ස්වාමිපුරුෂයා.
ස්වාමි භාර්යාව
නා. සිය සැමියාට අවනත නොවී ඔහුගේ උනන්දුව මැඩගෙන වැඩ කටයුතුවල නොයෙදී, පරුෂ වචන භාවිත කරමින්, බොහෝ කමින්, බොමින් චණ්ඩ ව හැසිරෙන භාර්යාව.
ස්වාමිත්වය
1. නා. ස්වාමිබව ; හිමිකම.
2. ප්‍රබලතාව ; අධිපතිත්වය.
ස්වාමිදරු
නා.ප්‍ර. ආදර කටයුතු ස්වාමියා ; උත්තමයා ; ප්‍රධානියා.
ස්වාමිදුව
1. නා. ගෙදර පාලනය කරන කාන්තාව ; ගෘහණිය.
2. සේවකයන්ගේ හිමිකාරිය ; ස්වාමි දියණිය.
ස්වාමිපාද
නා.ප්‍ර. ගරු කටයුතු ස්වාමියා ; ස්වාමීන් වහන්සේ.
ස්වාමියා
1. නා. හිමියා ; අධිපතියා.
2. ස්වාමි පුරුෂයා.
3. රජතුමා ; රටේ පාලකයා.
ස්වාමීන් වහන්සේ
1. නා. පැවිදි උතුමා ; භික්ෂූන් වහන්සේ.
2. රජතුමා ; රැජන.
3. (ක්‍රිස්ති.) සර්ව බලධාරී දෙවියන් වහන්සේ.
ස්වාමීන්ද්රයා
1. නා. උතුම් ස්වාමියා.
2. නායක හිමි.
ස්වාය මට්ටම් ලෑල්ල
(පාරිභා.) නා. ලෝහ කර්මාන්තයේ දී භාවිත කරන උපකරණයක් ;
ස්වායත්ත
(පාරිභා.) වි. 1. තමන් විසින් ම පාලනය වන.
2. ආභ්‍යන්තරික.