සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 2
අංකුශාභය
(පාරිභා.) නා. කෙළවර කොක්කක් මෙන් නැමුණු; අස්ථිය (=unciform bone).
අංකූඩුව
(කථා.) නා. ගෝණ, මුව ආදින්ගේ අතු වශයෙන් බෙදී ගිය අං.
අංකෙළිය
නා. පත්තිනි දේවියගේ නමින් පවත්වනු ලබන ජාතික ක්‍රීඩාවක්.
අංකොං
(කථා) නා. වෙනස්කම; අනාදරය; අහිතවත් බව.
අංකොක්ක
නා. ඇඳුම් ආදිය එල්ලීම සඳහා අං, ලී ආදියකින් අඟක හැඩයට කළ කොකු විශේෂය.
අංග
නා.ප්‍ර. අංගය, අඞ්ගය බ.
අංග පරිත්‍යාගය
නා. අත්, පා, ඉස් ආදි ශරීරාංග පරිත්‍යාග කිරීම.
අංග රක්ෂක
නා.ප්‍ර. පෞද්ගලික ආරක්ෂකයා; පෞද්ගලික ආරක්ෂක භටයා.
අංග රාගය
නා. ඇඟ ගල්වන සුවඳ විලවුන්; ඇඟ සුවඳ ගන්වන සඳුන් කොකුම් ආදි ආලේපය.
අංග ලක්ෂණ
නා.ප්‍ර. සිරුරෙහි ලකුණු; දේහ ලක්ෂණ.
අංග විද්‍යාව
නා. ශරීර ලක්ෂණ පිළිබඳ වූ ශාස්ත්‍රය; දේහ ලක්ෂණ විද්‍යාව; සාමුද්‍රිකා ශාස්ත්‍රය.
අංග වෛද්‍යයා
නා. ශාරීරික ආබාධවලට වෙදකම් කරන තැනැත්තා; සර්වාංග වෛද්‍යවරයා; කාය චිකිත්සකයා.
අංග සම
(පාරිභා.) වි. හැම අතින් ම සමාන වූ (= congruent).
අංග සාදය
නා. ඇඟෙහි වෙහෙස; ශරීර අවයවවල විඩාව.
අංග සාම්‍යය
(පාරිභා.) නා. අංග සමබව; සියලු අතින් සම වීම (= congruency).
අංග සූත්‍රය
නා. ප්‍රධාන සූත්‍රය; ව්‍යාකරණ ශාස්ත්‍රයෙහි ප්‍රධාන රීතිය.
අංග සූලය
නා. ශරීරාංගවල හට ගැනෙන තියුණු වේදනාව.
අංගකූට
නා.ප්‍ර. හොරට බඩු කිරීම; හොර වෙළඳාම.
අංගජ
වි. ශරීරයෙන් උපන්.
1. නා.ප්‍ර. ලේ.
2. නා.ප්‍ර. හිසකේ.
3. නා.ප්‍ර. පුත්‍රයා.
අංගජාතය
නා. ස්ත්‍රී/පුරුෂ නිමිත්ත; ලිංගය; රහසඟ.
අංගණය
1. නා. මිදුල; මළුව; එළිමහන් බිම.
2. (පාරිභා.) නා. ලයිකනයක මතුපිට රේඛාවලින් හෝ බිඳුමකින් හෝ සීමා වී තිබෙන කුඩා ඉඩ ප්‍රමාණය (=arcola).
3. නා. කිලුට; කැළල.
4. නා. පාපධර්මය.
අංගතිලක
නා.ප්‍ර. සිවුසැට ආභරණ අතරින් එක් ආභරණයක්.
අංගදාභරණය
නා. ඉහළ බාහුවේ පලඳිනු ලබන ආභරණය; අඟුපලඳනාව; කේයුරය.
අංගදාහය
නා. ඇඟ දෑවිල්ල ඇති කරන රෝගාබාධයක්.
අංගනාව
නා. ස්ත්‍රිය; කාන්තාව.