සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 222

ආපදාපන්න

වි. විපතට පැමිණි.

ආපදාව

නා. විපත; පීඩාව; ව්‍යසනය.

ආපය

නා. ජලය.

ආපසු

ක්‍රි.වි. පෙරළා; යළිත්.

ආප්ත

1. වි. ලබන ලද; අධිගත.
2. වි. විශ්වාස කටයුතු.
3. වි. වියත්; යථාර්ථයෙන් යුත්.

ආප්තය

නා. වියත් වදන; ඡේක ප්‍රයෝගය.

ආප්තයා

නා. වියතා; පණ්ඩිතයා.

ආප්තිය

නා. සම්පත්තිය; ලාභය.

ආප්තෝපදේශය

නා. වියතකුගේ කියමන; ආප්ත වචනය; උපදේශ වාක්‍යය; ප්‍රස්තාව පිරුළ.

ආප්‍ය

1. වි. පැමිණවිය හැකි හෝ යුතු; ලැබිය හැකි හෝ යුතු.
2. වි. දිය පිළිබඳ; ජලයට අයත්.

ආපාතය

නා. වැටීම; බැස්ම.

ආපාථය

නා. ඉන්ද්‍රියවලට (අරමුණු) විෂය වීම; ඉන්ද්‍රිය ගෝචරය; ඉන්ද්‍රියාභිමුඛය.

ආපාදක

නා.ප්‍ර. ළමයෙකු පෝෂණය කරන්නා; ඇතිදැඩි කරන්නා.

ආපාදනය

නා. පැමිණවීම; සම්පාදනය.

ආපාන ක්‍රීඩාව

නා. මද්‍යපානෝත්සවය.

ආපාන භූමිය

නා. සාමූහික ව සුරාපානය කරන ස්ථානය; මද්‍යපාන උත්සවය පිළියෙල කරන ලද තැන.

ආපානය

1. නා. මත්පැන් බීම; සුරාපානය.
2. නා. සුරාපානය කරන ස්ථානය; සුරාසැල; අවන්හල; ආපණ ශාලාව.

ආපායිකයා

නා. මරණින් මතු නිරයෙහි ඉපදී දුක් විඳින සත්ත්වයා.

ආපුච්ඡන

1. නා.ප්‍ර. පිළිවිසීම; විචාරීම.
2. නා.ප්‍ර. සමුගැනීම.

ආපූරිත

වි. පිරුණු; පුරවන ලද.

ආපෝ ධාතුව

නා. (අභි.) සතර මහා භූත අතරින් එකක් වන ජලය.

ආබන්ධනය

නා. දැඩි ලෙස බැඳීම.

ආබාධය

1. නා. ලෙඩ දුක; ව්‍යාධිය; රෝගය.
2. නා. පීඩාව; හිංසාව; අවහිරය; දෝෂය.

ආභත

වි. ගෙන එන ලද; පමුණුවන ලද.