සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 253
ඇස්පිරේටරය
(පාරිභා.) නා. වායු හෝ ද්‍රව ධාරාවක් චූෂණයෙන් ඇද ගැනීම සඳහා භාවිත කරන උපකරණයක්; චූෂකය (=aspirator).
ඇස්පිල්
නා.ප්‍ර. ඇස් ලාංඡනය සහිත මොනර පිල්.
ඇස්පෙනවා
ක්‍රි. බිජු පැළවෙනවා; අංකුර ලනවා.
ඇස්පෙන්ද
නා. ඇසිපියේ තිබෙන රෝම.
ඇස්බොලයිට්
(පාරිභා.) නා. කොබෝල්ට් ඔක්සයිඩ් සහිත මැංගනීස් ඩයොක්සයිඩ් තිබෙන මෘදු ඛනිජයක් (=asbolite).
ඇස්වටය
නා. ගොප් ඇටය; වළලුකර; බොලට.
ඇස්වහ කටවහ
(කථා.) නා. අනිෂ්ට විපාක ගෙන දෙන බැල්ම හා කථාව.
ඇස්වළ
නා. ඇස පිහිටා ඇති වළ; කෙවෙණිය; අක්ෂිකූපය.
ඇස්ස
1. නා. වී ආදි ධාන්‍ය ඇටයක බීජාවරණයෙහි පිහිටි කුඩුම්බියක් වැනි කොටස.
2. නා. යම් ගෙඩියක පැත්තකින් කපා ගන්නා පෙත්තක්.
3. නා. පළුව; බෑය.
ඇස්සන
නා. ඇසට පෙනෙන දුර ප්‍රමාණය; ඇස් මානය.
ඇස්සර
නා. ඇසට පෙනෙන තෙක් මානය; ඇසට විෂය වූ ප්‍රදේශය.
ඇස්සුං
නා.බහු. කුඩා ඇස්; සිඟිති ඇස්.
ඇසිකිණිය
නා. බාලයන්ගේ ඇස කැසීම සහ බහුලව කඳුළු වැගිරීම ලක්ෂණ කොට ඇති රෝගයක්; කුකුණකය.
ඇසිටලින් ජනකය
(පාරිභා.) නා. ඇසිටිලින් වායුවෙන් ක්‍රියාත්මක විදුලි ආලෝකය ලබා දෙන යන්ත්‍ර විශේෂය (=acetylene generator).
ඇසිටික් අම්ලය
(පාරිභා.) නා. අම්ල වර්ගවලින් එකක්; විනාකිරිවල ඇති කාබනික අම්ලය (=acetic acid).
ඇසිටිලයිඩ්
(පාරිභා.) නා.ප්‍ර. ලෝහ ලවණයක ද්‍රාවණයක් තුළින් ඇසිටිලින් යැවීමෙන් ලැබෙන කාබයිඩය (=acetylide).
ඇසිටිල්කෝලින්
(පාරිභා.) නා.ප්‍ර. වේගවත් ලෙස විසරණය වන රසායනික ද්‍රව්‍යයක් (=acetylcholine).
ඇසිටිලීන්
(පාරිභා.) නා.ප්‍ර. අවර්ණ, දැල්වෙනසුලු විෂ වායුවක් (=acetylene).
ඇසිටේට
(පාරිභා.) නා.ප්‍ර. ඇසිටික් අම්ලයේ ලවණ; ඇසිටික් අම්ලයේ ඇසිටිල්කරණ ප්‍රතිඵල (=acetate).
ඇසිටෝන්
(පාරිභා.) නා.ප්‍ර. වාර්නිස් හා දුම් නොනගින වෙඩි බෙහෙත් ආදිය පිළියෙල කිරීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නා කාබනික ද්‍රාවකයක් (=acetone).
ඇසිඩ්
(පාරිභා.) නා.ප්‍ර. ජලයේ දිය කළ කල්හි ඇඹුල් රසය ඇති වන්නාවූත්, දර්ශකවල පැහැය වෙනස් කරන්නාවූත් ද්‍රව්‍යයක්; අම්ලය.
ඇසිඳැ ගන්නවා
ක්‍රි. බලෙන් ගන්නවා; පැහැර ගන්නවා.
ඇසිපිය හෙළනවා
ක්‍රි. ඇසිපිය අරිනවා සහ වසනවා; ඇසිපිය බානවා; ඇසිපිය ගහනවා.
ඇසියටි
[ඇසි + ඇටි]
වි. ඇසීමට රිසි හෙවත් ආසා ඇති; අසනු රිසි; අසා සිටීමට කැමති.