සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 28
අඟවනවා
ක්රි. යමක් ඉඟියෙන් වටහා ගැනීමට සලස්වනවා; සංඥාවක් මගින් පෙන්නුම් කරනවා.
අඟහරු
නා.ප්ර. කුජ ග්රහයා.
අඟාරනවා
1. ක්රි. පළල් කරනවා; විවෘත කරනවා.
2. ක්රි. දෙපා ඈත් කොට අඩි තබනවා; ගාටනවා.
අඟිනවා
ක්රි. හඟිනවා; වැටහෙනවා; සිතෙනවා.
අඟු
1. නා.ප්ර. ඇඟ; ශරීරය; සිරුර.
2. නා.ප්ර. අතේ ඉහළ කොටසෙහි පලඳින වළල්ල; අඟුව; කේයූරය.
අඟු පලඳනාව
නා. බාහු මූලයෙහි පලඳින වළල්ල; අංගදාභරණය.
අඟුට්ට
1. නා. අත්පාවල මුල් ඇඟිල්ල; මහපටැඟිල්ල.
2. නා. කකුළු, පොකිරිසි ආදින්ගේ නළ වැනි අවයවය; අණ්ඩ.
3. නා. වකුටු වී ගිය දෙය.
අඟුටු
1. වි. මිටි; කොට; කුරු.
2. වි. වකුටු; හැකිළුණු.
අඟුටු බොරදම
(පාරිභා.) නා. ලීස්තරවල කපන කැටයමක් (=mould, sumk thumb).
අඟුටු මස්ස
නා. පැරණි කාසි විශේෂයක්; කොකු රිදී කාසිය; රිදී මස්ස.
අඟුටුමිට්ටා
නා. ඉතා මිටි තැනැත්තා; කුරු මිනිහා; වාමනයා.
අඟුටුමිටි
වි. සිරුර ඉතා කෙටි; කුරු; කොට.
අඟුරු
1. නා.ප්ර. දා ගිය ලී ආදියෙහි (අළු වීමට පෙර) කළු ගැන්වී ඉතිරි වන ගන කොටස.
2. නා.ප්ර. ගිනි පුපුරු; ගිනි අඟුරු.
3. නා.ප්ර. ගල් අඟුරු; රට අඟුරු.
අඟුරු ඌෂ්මකය
(පාරිභා.) නා. නිවාගත් අඟුරු කැට දමා දල්වන දැඩි රස්නයක් සහිත උදුන් විශේෂයක් (=charcoal furnace).
අඟුරු කබල
නා. ගිනි අඟුරු දරන බඳුන, දුම් කබල.
අඟුරු කොක්ක
නා. ගවයින් හන ගැසීමට භාවිත කරන යකඩ කොක්ක.
අඟුරු මස
1. නා. අක්මාව; කැවුත්ත.
2. නා. ගිනි අඟුරෙහි ලා පිලිස්සූ දඩ මස; අඞ්ගාර මාංසය.
අඟුරු මැළය
1. නා. දැල්වෙන අඟුරු ගොඩ; ගිනි ගත් අඟුරු රැස.
2. නා. සතුන් මරා පුලුස්සා කෑ අය හා මස් රස කර කෑ අය උපදින උස්සද නිරයන්ගෙන් එකක්.
අඟුරු වර්ෂාව
නා. ගිනි අඟුරු කැට වර්ෂාවක් මෙන් පතනය වීම.
අඟුරුමාව
නා. අක්මාව; කැවුත්ත; යකෘත්පිණ්ඩය.
අඟුල
1. නා. ඇඟිල්ල.
2. නා. ඇඟිල්ලෙන් මනින මිම්ම; වියතින් නවයෙන් කොටස; අඟල; අඟුල් මානය.
අඟුල් මානය
නා. ඇඟිල්ලෙන් මනින මිම්ම; වියතින් නවයෙන් කොටස; අඟල; අඟුල.
අඟුල්දසරු
නා.ප්ර. පුරාණ ස්ත්රීන් ඇඟිලිවල පැලඳි ආභරණ විශේෂයක්.
අඟුල්මල්
නා.ප්ර. අංගුලිමාල.