සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 29
අඟුව
නා. අඟු පලඳනාව; කේයූරය.
අඟුළ
නා. නිශ්චල ජලයෙන් යුත් ගංගා වැව් ආදියෙන් යාත්රා කිරීමට සුදුසු වූ ද, ඔරු කඳන් දෙකක් සම්බන්ධ වන සේ ඒ මත ලෑලි ගසා සාදා ගැනෙන්නා වූ ද යාත්රා විශේෂයක්.
අචක්රීය
(පාරිභා.) වි. මලක කොටස් වලයාකාර නොවී සර්පිලාකාර ව පිහිටි (=acylic).
අචල
වි. ස්ථිර; නොසැලෙන.
අචල ආරෝපණය
(පාරිභා.) නා. යම්කිසි වස්තුවක් සතු විදුලිය ප්රමාණය අඩු වැඩි නොවෙනස් ව නොවී ස්ථාවර ව පැවතීම (=fixed charge).
අචල ගුණය
නා. නොසැලෙන ගුණය; ස්ථිර ගතිය; වෙනස් නොවන ගුණය.
අචල ජන්මාණුව
(පාරිභා.) නා. චලනය නොවනසුලු ජන්මාණුව (=aplanogamete).
අචල බීජාණුධානිය
(පාරිභා.) නා. බීජාණු සෑදෙන චලනය නොවන අවයවය (=aplano sporangium).
අචල බීජාණුව
(පාරිභා.) නා. චලනය නොවනසුලු බීජාණුවක් (=aplanospore).
අචල භූමිය
නා. සෙලවිය නොහැකි බිම; අනෙකකු විසින් ජය ගත නොහැකි ස්ථානය; අපරාජිත භූමිය.
අචල ස්වර
නා. ස්වර සප්තකයෙහි වෙනස් බවට නොපැනෙන ස්වර; ෂඩ්ජ හා පඤ්චම ස්වර.
අචලංකය
(පාරිභා.) උෂ්ණත්වය මැනීමේ දී එය ලකුණු කිරීමට යොදා ගන්නා නොවෙනස් අංකය; උෂ්ණත්ව පරිමාණයක් තීරණය කිරීමට යොදාගන්නා ස්ථිර ව පවත්නා මට්ටම (=constant).
අචලතාප
(පාරිභා.) වි. පරිවෘත්තික ක්රියා අනුව පරිසරයේ උෂ්ණත්වයට වඩා අධික ශරීර උෂ්ණත්වය ඇති; පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීම අනුව දේහ උෂ්ණත්වය වෙනස් නොවන (=homoiothermic).
අචලතාපියා
(පාරිභා.) නා. පරිසරයේ උෂ්ණත්වය අනුව ශරීර උෂ්ණත්වය වෙනස් නොවී පවත්නා වූ සත්ත්වයා (ක්ෂිරපායී සත්තු හා පක්ෂීහු මෙම ගණයට අයත් වෙති).
අචලධෘති
නා.ප්ර. ඡන්දස් ශාස්ත්රයෙහි ඇතුළත් මාත්රා සම වෘත්තයක නාමය.
අචලලක්ෂ්ය
(පාරිභා.) නා.ප්ර. උෂ්ණත්ව පරිමාණයක් තීරණය කිරීමට භාවිත කරන සම්මත උෂ්ණත්ව දෙක; ද්රව බවට පත්වන අයිස්වල උෂ්ණත්වය හා නටන ජලයෙන් පිටවන හුමාලයේ උෂ්ණත්වය (=fixed points).
අචලිත
වි. නොසෙල්වුණු; අකම්පිත වූ; චංචල නොවූ.
අචවන
වි. චුත නොවන; නොනැසෙන; නොමැරෙන.
අච්චන්ත
වි. අන්තයක් නැති; අතරක් නැති; නිරන්තර.
නා.ප්ර. සංස්කාරයන් නැසීමෙන් ලැබෙන දෙය; නිවන.
අච්චන්ත සංයෝගය
නා. (ව්යාක.) නිරන්තර සම්බන්ධය; ක්රියා, ගුණ, ද්රව්ය යන මොවුන් හා සමග කාලයාගේ හෝ මාර්ගයාගේ හෝ අනන්තර සම්බන්ධය.
අච්චය
1. නා.ප්ර. ඉක්ම වීම; අතික්රමණය උල්ලංඝනය; දෝෂය; වරද.
2. නා.ප්ර. මරණය; අභාවය.
අච්චායික
වි. ඉක්මන්; ඉතා අවශ්ය; හදිසි.
අච්චාරුව
1. නා. පැසි විශේෂයක්; (ආහාර රසවත් කරන) අවුළුවක්.
2. (රූඪි.) නා. පිළිවෙළකට නැති දෙය (අවඥා සහගත ව යෙදේ).
අච්චි
නා.ප්ර. සිංහල රජ සමයේ පැවති නිලයක නාමය.