සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 300
උත්ක්ෂේපය
නා. එසවීම; උඩට තෙරපීම.
උත්ක්ෂෝභය
නා. කම්පාවීම; කැලඹීම.
උත්ක්‍රමණය
1. නා. බැහැර වීම; පහකිරීම.
2. (පාරිභා.) නා. එක් ප්‍රදේශයකින් හෝදාගෙන එන පසින් තවත් ප්‍රදේශයක් ගොඩ වීම.
උත්ක්රමය
1. නා. පිළිවෙළ ඉක්මවීම; විරුද්ධ පිළිවෙළ; ප්‍රතිලෝම විධිය.
2. (පාරිභා.) නා. පැත්තකට නැමීම; විචලනය.
3. නා. මිණුම් උපකරණයක කටුව ගමන් කිරීම.
උත්ක්රාන්තික
නා.ප්‍ර. ඉක්මවා යෑම; පැන යෑම; උල්ලංඝනය.
උත්ක්රෝශනය
නා. හඬ නැඟීම; කෑ ගෑම; උත්කෝශය.
උත්කාර
නා.ප්‍ර. කසළ; අශූචි.
උත්කාර ගෘහය
නා. වැසිකිළිය; වර්චස් කුටිය.
උත්කාරිකා
නා.ප්‍ර. පිටි, ගිතෙල්, ඖෂධ වර්ග, මී පැණි ආදිය සමග සංයෝග කිරීමෙන් පිසගන්නා බෙහෙත් තලපය.
උත්කීර්ණ
වි. කැටයම් කළ; අකුරු කෙටූ; ලියන ලද.
උත්කුටක
වි. මැදින් වක ගැසුණු; විලුඹ හා ඇඟිලි පමණක් බිම වැදෙන පාද ඇති.
උත්කෘෂ්ට
1. වි. ඉතා උසස්; උත්තම; පරම; ශ්‍රේෂ්ඨ.
2. වි. දීර්ඝ විස්තර සහිත; සවිස්තර.
3. වි. ලොකු; විශාල.
උත්කෝච
නා.ප්‍ර. අල්ලස.
උත්කෝටනය
නා. අධිකරණයෙන් තීරණය කළ කාරණයක් නැවත විභාග කිරීම සඳහා මතු කිරීම.
උත්ඛාත
වි. හාරන ලද; කණින ලද.
උත්ඝාටනය
නා. ගලවා දැමීම; ඉවත් කිරීම.
උත්ත
1. නා.ප්‍ර. පොල්, දිවුල් ආදියෙහි පිට කටුව; පොල් කටුව.
2. නා.ප්‍ර. දණහිස් කටුව.
3. නා.ප්‍ර. හැන්දෙහි පොල්කටුව හෝ තලය.
4. නා.ප්‍ර. තරාදි තටුව.
5. නා.ප්‍ර. උතුම් දෙය; උත්කෘෂ්ටය.
උත්තංසය
1. නා. හිසෙහි පලඳින (මුදුන්) මල් කඩ.
2. නා. කනෙහි පලඳින ආභරණ විශේෂයක්; කඩුක්කම.
උත්තප්ත
වි. රත් කළ; ගිනියම් කළ; තැවූ.
උත්තම
වි. ඉතාමත් උසස්; උදාර; ශ්‍රේෂ්ඨ; ප්‍රධාන.
නා.ප්‍ර. ශ්‍රේෂ්ඨ පුද්ගලයා.
උත්තම පුරුෂය
නා. (ව්‍යාක.) නාම පදයක් පුරුෂ භේදය අනු ව හැඳින්වීමේදී ‘මම’, ‛අපි’ ශබ්ද අයත් වන වර්ගය; “ම” ශබ්ද කාරකය.
උත්තමඞ්ගරුහ
නා.ප්‍ර. හිසෙහි වැඩෙන දෙය; හිසකේ.
උත්තමර්ණයා
නා. ණයහිමියා.
උත්තමා
1. නා.ප්‍ර. පිළිකා ගෙඩි විශේෂයක්.
2. නා.ප්‍ර. අරළු, බුළු, නෙල්ලි යන තිපල.