සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 32
අජගර
නා.ප්‍ර. පිඹුරා.
අජගර භෝගය
නා. පිඹුරාගේ දරණ වැළ.
අජගව
නා.ප්‍ර. ශිව දෙවියාගේ දුන්න; මෙහෙසුරුගේ දුන්න.
අජගු
නා.ප්‍ර. ඊශ්වරයා; මෙහෙසුරු.
අජටාකාශ යානය
නා. අජටාකාශයට පිවිසීම සඳහා නිපදවූ විශේෂ යානාව.
අජටාකාශගාමියා
නා. අභ්‍යවකාශයට හෙවත් අජටාකාශයට යන තැනැත්තා.
අජටාකාශය
නා. ජටා හෙවත් බාධා සේ ම වාතය පවා නැති හිස් අහස.
අජන
වි. ජනගහනය නැති; ජනාවාස නොවූ; ජනශූන්‍ය.
අජනක
වි. නූපදවන; ජනිත නොවන.
අජන්මවත්
වි. උසස් කුලයෙහි නූපන්; කුලීන නොවූ.
අජන්මාණුව
(පාරිභා.) නා. සංයුක්තියෙන් තොර ව කෙළින් සුහුඹුලකූ බවට වැඩෙන ප්රොටොසොවාවෙක් (=agamete).
අජපාල
1. නා.ප්‍ර. එළුවන් රකිනා තැනැත්තා; එඬේරා.
2. නා.ප්‍ර. බුදුන්වහන්සේ බුද්ධත්වයට පැමිණි පසු පස් වන සතිය ගත කළ ස්ථනයෙහි වූ නුග රුක.
අජර
වි. ජරාවක් නැති; නොදිරන; මහලු නොවන.
1. නා.ප්‍ර. ශිල්ප ශාස්ත්‍ර උගන්වන තැනැත්තා; ගුරුවරයා; ආචාර්යවරයා.
2. නා.ප්‍ර. නිවන; නිර්වාණය.
3. නා.ප්‍ර. සුරගුරු; බෘහස්පති.
4. නා.ප්‍ර. යහපත් හැසිරීම.
5. නා.ප්‍ර. රත්රන්; ස්වර්ණ.
අජරාමර
වි. ජරාව, මහලු බව හා මරණය නැති; නොදිරන; නොමැරෙන.
අජල
1. වි. ජලය නැති; නිර්ජල.
2. (කථා) වි. කෑමට බීමට ගිජු; කෑදර.
3. වි. අලස; කම්මැළි.
4. වි. මෝඩ; අනුවණ; අඥාන.
අජලේය
(පාරිභා.) වි. ස්ඵටික ජලය හෝ සංයෝජනය වූ ජලය හෝ රහිත.
අජව්‍රත
නා.ප්‍ර. ඇතැම් තාපසයන් එළුවකු සේ හැසිරීම් අනුකරණය කරමින් පවත්වාගෙන යන චර්යාව.
අජ්ඣත්ත
වි. තමා පිළිබඳ වූ; ඇතුළතින් හටගන්නා වූ; ආධ්‍යාත්මික.
අජ්ඣත්තික නිදානය
නා. යම්කිසි ක්‍රියාවක් කිරීමට තමා තුළ ම හටගන්නා කරුණාදි හේතුව; අභ්‍යන්තර නිදානය.
අජ්ඣත්තික රූප
නා.බහු. (අභි.) තමා පිළිබඳ රූප; ස්වසන්තානගත රූප.
අජ්ඣත්තික වාදය
(පාරිභා.) නා. සකල ඥානය හුදෙක් ආත්මීය සහ ආනුෂංගික බව දක්වන දාර්ශනික මතය (= subjectivism).
අජ්ඣත්තිකායතන
නා.බහු. (අභි.) තමා පිළිබඳ ආයතන හෙවත් තමා තුළ පිහිටි ඉන්ද්රිය.
අජ්ඣසනය
නා. අනුභව කරන ලද ආහාර දිරවීමට පෙර නැවත ආහාර ගැනීම; අධ්‍යශනය.
අජ්ඣාචාරය
1. නා. (විනය.) ඉක්මවා හැසිරීම; වැරදි හැසිරීම.
2. නා. ඇවත; ආපත්තිය.