සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 349
ඌරුබන්ධන
නා.ප්ර. ආභරණ විශේෂයක්.
ඌරුබලය
නා. දෙකලවෙහි සවිය; දෙපයෙහි ශක්තිය.
ඌරුබිම්
නා.ප්ර. ලවණ රසය ඇති බිම් පෙදෙස්.
ඌරුම
(කථා.) නා. ඉරීම; ඇතුළට ගැලීම; කාන්දු වීම.
ඌරුමහාශිරාව
නා. කලවාහි පිහිටි එනම් ශිරාව.
ඌරුව
1. නා. ස්වරූපය; ගතිය; ආර.
2. නා. ස්වභාවය; හැඩහුරුකම; කාන්තිය; පැහැය; ඔපමට්ටම; වර්ණය.
3. නා. කකුළෙහි ඉකිළියටත් දණ හිසටත් අතර කොටස.
ඌල
1. නා.ප්ර. පොළොව තුළින් ගලා එන දියපාර; උල්පත.
2. නා.ප්ර. දියඇල්ල.
3. නා.ප්ර. මුහුදේ රළ.
4. නා.ප්ර. මූත්ර.
ඌලයිට්
(පාරිභා.) නා.ප්ර. ජුරාසික ගණයට අයත් හුනුගල් විශේෂයක නාමය.
ඌලියක්කාරයා
1. නා. වැඩකාරයා.
2. නා. දෝලා ඔසවාගෙන යන්නා.
3. නා. පහත් ගතිපැවතුම් ඇත්තා.
4. නා. පිටරැටියා.
ඌලියම
1. (කථා.) නා.ප්ර. දේව පූජාව.
2. නා.ප්ර. (සිංහල රජ කල පැවති) මෙහෙකාර සේවය.
ඌලියම් බද්ද
නා. මෙරට පදිංචිව සිටි (මුවර්වරුන් වැනි) පිටරැටියන් විසින් ගෙවන ලද බද්ද.
ඌලේ
නා. අණ්ඩවායුව.
ඌවිලි ගහනවා
ක්රි. (යමකින්) අනින්නාක් මෙන් වේදනාව දැනෙනවා.
ඌෂ්ණය
1. නා. උණුසුම.
2. නා. (මළකුණු ආදියෙන් නික්මෙන) දුර්ගන්ධය.
ඌෂ්ම
නා.ප්ර. (ශරීරයෙහි) උෂ්ණය; රස්නය.
ඌෂ්මකය
(පාරිභා.) නා. අධික උෂ්ණත්වයක් ඇති කරන උදුනක් (=furnace).
ඌෂ්මාක්ෂරය
නා. (ව්යාක.) උසුරුවීමේ දී උණුසුම් වායුව මුවින් පිටවීම වෙසෙසින් දැනෙන අක්ෂර මෙනම් වේ.
ඌසිකාල්
(කථා.) නා.ප්ර. වහලක මුදුන් ලීය උසුලා සිටීමට බාල්කය මැද සවිකරනු ලබන මුදුන් කණුව; කුරුපාව.
ඌසිකාල් කොටනවා
(කථා.) ක්රි. තුවක්කුවේ වෙඩි බෙහෙත් දමා කොටනවා.
ඌසිකෝලිය
නා. මාළු දැල් අලුත්වැඩියා කිරීමේ දී නූල් ඔතන උපකරණය; ඌසිය.
ඌහනය
නා. තර්කනය; කල්පනා කිරීම.
ඌහය
1. නා. අවබෝධය; අධ්යාහාරය.
2. නා. තර්කය; විතර්කය.
ඍ
මිශ්ර සිංහල හෝඩියේ නවවන අකුර හා නවවන ස්වරය.
ඍග්වේදය
නා. වේද ග්රන්ථ සතරින් මුල් ම ග්රන්ථය; ඉන්දු ආර්යයන්ගේ ප්රථම ආගමික ග්රන්ථය.