සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 454
කාඩ්බෝඩ්
නා.ප්‍ර. පෙට්ටි ආදිය තැනීමට ගන්නා ඝන කඩදාසි විශේෂයක්.
කාඩි
1. නා.ප්‍ර. ඇඹුල් හොද්ද හෝ කැඳ; කායම් හොද්ද; ඖෂධීය ද්‍රව්‍ය දමා සකස් කර ගත් කැඳ.
2. නා.ප්‍ර. පලතුරු යුෂ.
3. නා.ප්‍ර. මණ්ඩි; බොර.
වි. ඇඹුල් රසයෙන් යුතු; ඇඹුලට හුරු.
කාඩි කටුව
(කථා.) නා. ලාඩම් ගැසීමට උපයෝගී කර ගන්නා කටුව.
කාඩි බත
නා. ඇඹුලට පිසූ බත; පැසිබත; ධාන්‍යාදිය හා කුළු බඩු එක් කොට උයා ගන්නා බත.
කාඩු
1. නා. කැලෑව.
2. නා. ගස් නැති ලුණු මිශ්‍ර බිම.
කාණ
1. නා.ප්‍ර. කණා; එක ඇසක් නොපෙනෙන පුද්ගලයා.
2. නා.ප්‍ර. ජනෙල් කවුළු ආදිය රහිත ගෙය.
වි. එක් ඇසක් නොපෙනෙන; කණ.
කාණ කච්ඡපයා
නා. එක් ඇසක් අන්ධ වූ කැස්බෑවා; කණ කැස්බෑවා.
කාණ්ඩ වර්ණපටය
(පාරිභා.) නා. සුදු ආලෝකය ප්‍රිස්මයක් තුළින් ගමන් කිරීමේ දී සෑදෙන (රතු, රඹ, කහ, කොළ, නිල්, නීලරක්ත, දම් යන) වර්ණ පංතිය (=band spectrum).
කාණ්ඩය
1. නා. ග්‍රන්ථයක කොටස; පත්‍ර සඟරා ආදියේ (දෛනික, මාසික ආදි වශයෙන්) අවුරුද්දක කලාප ගණන.
2. නා. උණ බට ආදි දඬුවල ගැට දෙකක් අතර කොටස; පුරුක; පර්වය; දණ්ඩ; (ගස්) කඳ.
3. නා. සන්ධි දෙකක් අතර ඇති ඇටය; ඉල ඇටවල වක්‍ර වූ මැද කොටස.
4. නා. ඊය; ශරය.
5. නා. කණ්ඩායම; සමූහය; රාශිය.
6. නා. කට්ටලය; කොටස.
කාණ්ඩීර ඥානය
නා. ධනු ශිල්පයෙහි නිපුණත්වය.
කාණික්ක මංගල්‍යය
නා. රෝමානු කතෝලික චාරිත්‍ර විධියක නාමය; දරුවකු උපන් පසු මව හා බිලිඳා දේවස්ථානයට ගොස් පුද පඬුරු දීමේ චාරිත්‍රය.
කාතර
1. වි. බියසුලු; බැගෑපත්.
2. වි. කම්පිත; සැලුණු.
කාත්තිය
නා.ප්‍ර. ඉල් මස; කාර්තික මාසය.
කාතිඋසාවි
නා.ප්‍ර. මුස්ලිම් විවාහ හා දික්කසාද සම්බන්ධ අධිකරණ බලය ලත් උසාවි විශේෂයක්.
කාතිවරයා
නා. කාති උසාවිවල නඩු අසන විනිසුරුවරයා.
කාදුව
1. නා. යමක් එල්ලා ගෙන යෑමට භාවිත කරන ලණු ආදියෙන් තැනූ පුඩුව.
2. නා. කුඩයෙහි නැමුණු මිට.
3. නා. බොත්තම අමුණන සිදුර; බොත්තම් කාසය.
කානන
1. නා.ප්‍ර. වනය; කැලෑව.
2. නා.ප්‍ර. චන්ද්‍ර මණ්ඩලය.
කාන්ත
වි. ප්‍රිය; මනෝඥ; ශෝභන; රම්‍ය.
1. නා.ප්‍ර. මාණික්‍ය විශේෂයක්.
2. නා.ප්‍ර. නිවාස විශේෂයක්.
3. නා.ප්‍ර. ගායනයෙහි සිත් අලවන ගුණය.
4. නා.ප්‍ර. කාන්දම; කාන්ත ගල; කාන්ත පාෂාණ.
කාන්තයා
1. නා. ප්‍රිය තැනැත්තා.
2. නා. ස්වාමි පුරුෂයා.
කාන්තාරය
නා. වෘක්ෂලතාදිය නොවැවෙන අසාර, ජල රහිත ප්‍රදේශය.
කාන්තාව
නා. ගැහැනිය; ස්ත්‍රිය.
කාන්තිය
නා. දීප්තිය; කැල්ම; ශෝභාව.
කාන්දම
1. නා. ආකර්ෂණය; ඇද ගැනීම.
2. (පාරිභා.) නා. ආකර්ෂණය හෝ විකර්ෂණය කිරීමේ හෝ විද්‍යුත් ධාරාවක් ගෙන යන සන්නායකයක් කෙරෙහි බලයක් ඇති කිරීමේ ගුණය සතු යකඩයක් නොහාත් අන් ද්‍රව්‍යයක් (=magnet).
කාන්දම් මාලිමාව
(පාරිභා.) නා. දිශා දැනගැනීම සඳහා භාවිත කරන උපකරණය; මූලික චුම්බක මාලිමාව (=magnetic compass).