සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 515

කේසකම්බල

නා.ප්‍ර. හිසකෙස්වලින් කරන ලද පොරෝනාව.

කේස්

1. නා.ප්‍ර. කෝෂය; කොපුව; ආවරණය.
2. (කථා.) නා.ප්‍ර. පෙට්ටිය; මල්ල.
3. (කථා.) නා.ප්‍ර. නඩුව; අධිකරණමය කටයුත්ත.
4. නා.ප්‍ර. සිද්ධිය.

කේසික

වි. කොහු සහිත; කෙඳි සහිත.

කේසින්

(පාරිභා.) නා.ප්‍ර. කිරිවල අඩංගු ප්‍රධානතම ප්‍රෝටීනය (=casein).

කේසෝරෝපණය

නා. හිසකෙස් බෑම.

කේළායන

නා.ප්‍ර. ක්‍රීඩා පරවශ බව; ක්‍රීඩාශීලීබව.

කේළික

වි. ක්‍රීඩාවෙහි නියුතු; ක්‍රීඩක.

කෛරාටික

වි. කපටි; රැවටිලිකාර.

කෛවර්ත

නා.ප්‍ර. මස්මරන්නා; කෙවුළා; ධීවරයා.

කෛශික

වි. කේශාකාර වූ; කෙස් වැනි.

කෛෂ්කව

(පාරිභා.) වි. යටි බාහුවට අයත්; විශේෂයෙන් අන්වරාස්ථිය හා සම්බන්ධ වූ.

කෛ‍ෙවල්‍ය

වි. කේවල භාවයෙන් යුතු; විනාශ නොවන ස්වභාවයෙන් යුක්ත.
නා.ප්‍ර. නිර්වාණ.

කො

වි. කුඩා; පුංචි; විධානාර්ථ සූචක යෙදුමක් හා යෙදෙන නිපාතයක්.
නා.ප්‍ර. කොහා.

කොංචිය

නා. කවටකම; බොළඳකම; මුකුළුව.

කොක දෙනවා

ක්‍රි. මොර ගසනවා; ඔල්වරසන් දෙනවා.

කොකං කරනවා

(කථා.) ක්‍රි. එබිකම් කරනවා; හොරෙන් හොරෙන් බලනවා.

කොකඳ කරනවා

(කථා.) නා. මුකුළු කරනවා; අඟර දඟර පානවා.

කොකවැළ

1. නා. කොකුන් රංචුව; කොක් පෙළ.
2. නා. ඇතුන් සරසනු ලබන ආයිත්තමක නාමය.

කොක්ක

1. නා. යමක් එල්ලීමට හෝ ඇමිණීමට භාවිත කරන ලීයෙන් හෝ ලෝහ වර්ගයකින් තනාගත් කොන්වලින් නැමුණු උපකරණය.
2. නා. ඇතැම් ශාකවල කඳ දිගේ පසුපසට යොමු වී නැමී වැඩෙන කටු විශේෂය.

කොක්කනම

නා. ඔලගුව; පසුම්බිය; කොක්කනිය.

කොක්කිය

1. (කථා.) නා. කුඹගහ මුදුනේ රුවල් රඳා සිටි ලණුපුඩුව.
2. නා. සෙක්කු මෝල අගත් සෙක්කු කඳත් සම්බන්ධ කර සවි කරන ලීය.
3. නා. කප්පිය.

කොක්ගානවා

1. (කථා.) ක්‍රි. කමතේ වී ගොඩ (බැත) උකුණුගහෙන් ශුද්ධ කරනවා.
2. ක්‍රි. හේනේ උදුරා දැමූ වල් පැළෑටි වේළුණු පසු දණ්ඩකින් එකතු කරනවා.

කොක්ටේල්

1. නා.ප්‍ර. මත්පැන් කීපවර්ගයක් මිශ්‍ර කර සාදාගන්නා පානය.
2. නා.ප්‍ර. පලතුරු වර්ග මිශ්‍ර කොට සාදාගත් පානය.

කොක්හඬ

නා. උස් හඬ සිනහව.