සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 526
කොවුන්
වි. නැති ගුණ දක්වන කුහක; කොහොන්.
කොවුල
1. නා. ගසක ඵලය.
2. (කථා.) නා. ගසක කඳේ මේරූ මැද කොටස; අරටුව; හරය.
3. නා. බුලත් ආදි වැල් යැවීම සඳහා සිටුවන ලී කෝටුව.
කොවුලා
නා. උස් ගස් මත සැඟවී සිටිමින් උස් තියුණු කෙටි ස්වර නඟන කාළ වර්ණ පක්ෂියෙක්; කෝකිලයා.
කොවේ
නා.ප්‍ර. කුඩා වීථිය; පටුවීදිය; පටුමඟ.
කොස
1. නා. කොපුව; කෝෂය.
2. නා. එකිනෙකට සම්බන්ධ නොවූ විවිධ මාතෘකා අනු ව ලියන ලද කාව්‍ය සංග්‍රහය.
කොස්
1. නා.ප්‍ර. ලංකාවේ සුලභ වෘක්ෂයක්; මෙහි ගෙඩි ආහාර වශයෙන් ද දැව ගෙවල් සහ ගෘහභාණ්ඩ තැනීම සඳහා ද ගනු ලැබේ.
2. නා.ප්‍ර. ධාන්‍යාගාරය; කෝෂ්ඨාගාරය.
3. නා.ප්‍ර. කෝෂය; කොපුව.
කොස්තාපල්
නා.ප්‍ර. පොලිස් භටයා.
කොස්මික් රශ්මිය
නා. බාහිර අභ්‍යවකාශයෙන් පෘථිවිය කරා එක සංකීර්ණ පාරගම්යකිරණ විශේෂය.
කොස්මින් ඇලිත්ත
(පාරිභා.) නා. කොස්මින් ස්තරය තුළ රුධිරවාහිනී විහිදීම සඳහා පිහිටි නාලිකාවලින් එකක්.
කොස්මින් ස්තරය
(පාරිභා.) නා. ගැනොයින් කොරපොතු ඇති මත්ස්‍යයන්ගේ කොරපොතුවල ඇති අස්ථිමය ද්‍රව්‍යයකින් සැදී ඇති තට්ටුව.
කොස්මී
(කථා.) නා.ප්‍ර. කොස් ගෙඩි හට ගැනීමට පෙර ගහේ හැදෙන පුහුමල් විශේෂය.
කොස්ස
1. නා. කොහු කෙඳි එකට තබා දිග හෝ කෙටි මිටක බැඳ ඇමදීම, සායම් කිරීම ආදිය සඳහා තනාගනු ලබන උපකරණයක්; මුස්න.
2. නා. හිසකෙස් රැවුල් ආදියේ අවුල් හැරීම සඳහා පුරාණයේ දී භාවිත කරන ලද බුරුසුවක් වැනි උපකරණය.
3. නා. ලී දඬු, පලතුරු ආදි ඇතැම් ද්‍රව්‍යවල ඇති කෙඳි සහිත කොටස.
4. නා. ගෙඩි වණ පිළිකා ආදියෙහි අස්වාභාවික තත්ත්වයට පත් වූ තන්තුමය කොටස.
5. නා. තරහ; නොමනාපය; අප්‍රසාදය.
කොසි
නා.ප්‍ර. කුසතණ අතෙහි දරන්නා; තාපසයා තවුසා.
කොසු
1. නා.ප්‍ර. පොල් තණ ආදියෙහි කෙඳි; රන් රිදී ලෝහ කෙඳි; තන්තුව.
2. (විනය.) නා.ප්‍ර. වැඩ හිදීම සඳහා වැහැරී තණ ආදියෙන් කරන ලද නිසීදන.
3. නා.ප්‍ර. කොපු ආවරණය; විල්ල.
4. නා.ප්‍ර. මුස්න; පිසදැමීම සඳහා ගැනෙන උපකරණ.
කොසුව
1. නා. පැටවුන් රැක තබාගැනීම සඳහා කැංගරු ආදි සතුන්ගේ ශරීරයේ බාහිරින් පිහිටා ඇති මඬියක් පැසක් වැනි අවයවය; කෘන්තකයන් ආහාර ගෙන යාමට භාවිත කරන කොපුල් මඬි හා ඊට සමාන අවයව.
2. නා. කෝෂය.
කොහු
1. නා.ප්‍ර. පොල්ලෙලි තැලීමෙන් ලබා ගන්නා තන්තුමය කොටස.
2. නා.ප්‍ර. කොස්ස; මුස්න.
කොහු වෙනවා
ක්‍රි. යම් කටයුත්තක් අසාර්ථක වෙනවා; නිෂ්ඵල වෙනවා: නිරර්ථක වෙනවා.
කොහුබත්
නා.ප්‍ර. පොල්ලෙලි තළා කොහු වෙන් කර ගත් පසු ඉතිරි වන කුඩු වැනි රොඩු කොටස; පොල් ලෙල්ලෙහි කෙඳි එකින් එකට බැඳ තබන මෘදු ද්‍රව්‍යය.
කොහොන්
වි. නැති ගුණ අඟවන; බොරු සිල් පෙන්වන; කුහක; වංචනික.
කොහොඹ කළය
නා. කොහොඹා දෙවි නමින් හිස තබාගෙන යන කළගෙඩිය.
කොහොඹා කන්කාරිය
නා. කොහොඹා දෙවියන්ට පුද පූජා පිණිස පවත්වනු ලබන වෙස් නැටුම් ඇතුළත් ශාන්ති කර්මය; කොහොඹා යක්කම.
කොහොල
1. නා. ලජ්ජාව; චකිතය; බයාදු ගතිය; කුලෑටිකම; කෝලය; සබකෝලය.
2. නා. විරූපිබව; විකෘති ස්වරූපය.
3. නා. ජන ශූනය ප්‍රදේශය.
4. නා. ඇතුන් හික්මවීමට භාවිත කරනු ලබන හෙල්ල; තෝමරය.
වි. රළු; කර්කශ.
කොහොලම
නා. විහිළුව; විකාරය; විගඩම; කෝලම.
කොහොල්
වි. ලජ්ජා; බියසුලු.
කොහොල්ල
නා.ප්‍ර. කොස් ගසෙන් වැගිරෙන කිරි ඝන වී සෑදෙන මැලියම; කොස්ලාටු.