සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 525
කොලරය
නා. කමිස, කෝට් ආදියේ කරපටිය; කර වළල්ල.
කොලහල
1. නා.ප්‍ර. මහත් ශබ්දය; නොපැහැදිලි ඝෝෂාව; ගෝට්ටිය; කලබලය; උද්ඝෝෂණය.
2. නා.ප්‍ර. නාදය; ධ්වනිය.
3. නා.ප්‍ර. අරගලය; දබරය; කලහය.
කොල්
1. නා.ප්‍ර. උල් ආයුධයක්; කුන්තායුධය; තෝමරය.
2. නා.ප්‍ර. වංශය; පරපුර.
3. නා.ප්‍ර. හක්ක; හනුව.
කොල්ගෑස්
(පාරිභා.) ගල් අඟුරුවලින් ලබාගන්නා වායු විශේෂය (=coal- gas).
කොල්බඩ
නා. වැව් ආදි ජලාශවල වෙරළට ආසන්න නොගැඹුරු ප්‍රදේශය; ඉවුරුබඩ.
කොල්ලකනවා
ක්‍රි. බලහත්කාරකමෙන් පැහැර ගන්නවා; බලෙන් උදුරා ගන්නවා.
කොල්ලය
1. නා. අන්සතු වස්තුව බලහත්කාරයෙන් පැහැර ගැනීම; කොල්ල කෑම.
2. නා. බලයෙන් අත්පත් කරගන්නා ලද වස්තුව.
කොල්ලර හඬ
නා. ඔල්වර හඬ; ජය ඝෝෂාව.
කොල්ලරු
නා.ප්‍ර. මේසන් වැඩ කරන්නා; පෙදෙරේරුවා.
කොල්ලවහල
නා. යම්කිසි රටක් හෝ පෙදෙසක් අල්ලා ගත් පසු එම රටෙහි හෝ පෙදෙසෙහි දාස භාවයට පමුණුවන ලද තැනැත්තා; කරමරානීත දාසයා.
කොල්ලෑව
1. නා. ඔරුවක සමබරතාව රැක ගනු සඳහා එහි එක් පැත්තකින් සවි කරනු ලබන දඬු කඩ.
2. නා. තනි පුද්ගලයකුට පමණක් යා හැකි ඔරුව; කුඩා ඔරුව.
කොල්ලි
(කථා.) නා.ප්‍ර. නොහික්මුණු ගති ඇති ස්ත්‍රිය; අවිනීත ස්ත්‍රිය; දඟකාර තරුණිය.
කොල්ලිය
(කථා.) නා. ලිහී යෑම වළක්වනු සඳහා ලණුවක අගට විශේෂයෙන් ගොතා දමනු ලබන පුඩුව.
කොල්ලු
නා.ප්‍ර. ධාන්‍ය වර්ගයක්; අශ්වකඩල.
කොලෑවෙනවා
1. ක්‍රි. පාර වරදිනවා; මංමුලා වෙනවා; වල්මත් වෙනවා.
2. ක්‍රි. (වී වැනි ධාන්‍ය) බොල් වෙනවා; කිරි වැදීම නරක් වෙනවා.
කොලීජිය
1. නා. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව මාධ්‍යය කොට ගත් විශ්ව විද්‍යාලයීය ප්‍රවේශය දක්වා ඉහළ පංති සහිත මහා විද්‍යාලයය; උසස් විද්‍යාලය.
2. නා. උසස් අධ්‍යාපනය ලබාදෙන විශ්වවිද්‍යාලයීය (අනුබද්ධ) ආයතනය.
කොලුදඬුව
නා. කකුල් තුනකින් යුත් ආධාරකය; තෙපාව.
කොලුවා
1. නා. පිරිමි ළමයා; බාලයා; ගැටයා.
2. නා. පැසුණු බුද්ධියක් නැති තැනැත්තා; නොවැදගත් පුද්ගලයා. මෙහෙකරුවා.
කොලෙස්ටොරෝල්
නා.ප්‍ර. ශරීරයේ නොයෙකුත් පටකවල පිත්තාශ්මවල තිබෙන ඇලිසයික්ලින් ඇල්කොහොලයක්.
කොලොප්පම
නා. කවටකම; විහිළුව; සරදම; උසුළු විසුළුව.
කොලොබියම්
(පාරිභා.) නා.ප්‍ර. තළා හැඩ ගැස්විය හැකි මෘදු ලෝහමය මූල ද්‍රව්‍යයක්; නයෝබියම් (=columbium).
කොව්
නා.ප්‍ර. කෝපය; තරහ; ක්‍රෝධය.
කොවිචර
ක්‍රි.වි. කොපමණ කොතරම්; කොච්චර; කුමන ප්‍රමාණයෙන්.
කොවිනවා
ක්‍රි. කෝප කරවනවා; කුපිත කරනවා; අවුස්සනවා.