සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 546
ගජයා
නා. ඇතා.
ගජරජ
නා.ප්‍ර. ඇත් රැළේ නායකයා.
ගජරුවා
1. නා. ඇතුන් පිට නැගී යන තැනැත්තා; ඇතරුවා; හස්ත්යාරෝහකයා.
2. නා. ඇතු රැක බලා ගන්නා; ඇත්ගොවුවා.
ගජලාභය
නා. අධික ලාභය; ලොකු වාසිය.
ගජලිය
නා.ප්‍ර. ඇතින්න; අලිදෙන.
ගජවීථිය
අ නා. චන්ද්‍ර සූර්ය දෙදෙනා හේමන්ත සෘතුවේදී ගමන් ගනිතැයි සිතන මාර්ගය.
2. (ජ්‍යෝති.) නා. කිවි (සිකුරු) ග්‍රහයා රෙහෙණ, මුවසිරස, අද යන නැකැත්වල ගමන් ගන්නා මාර්ගය.
ගජසම්
අ නා.ප්‍ර. ඇතාගේ සම; අලිහම.
2. (රූඪි.) නා.ප්‍ර. ඇත් හමක් පොරවන්නා; මෙහෙසුරු; ඊශ්වර දෙවියා.
ගජස්පති
නා.ප්‍ර. රජු; නිරිඳු.
ගජසිංහයා
නා. ඇත් හිසක් සහ සිංහ ශරීරයක් සහිත ව නිර්මිත මනඃකල්පිත සත්ත්වයෙක්.
ගජසෙනග
නා. පැරණී සිවුරඟ සෙනඟින් එකක් වූ හස්ති සේනාව.
ගජහපනා
නා. අතිදක්ෂයා; අතිසමතා.
ගජ්ජුව
(කථා.) නා. මස් මරන ඔරුවල දෙපැත්තෙන් ජලය කාන්දුවීම වැළැක්වීම සඳහා ගාන ලාටු හෙවත් බදාම විශේෂයක්.
ගජාරි
1. නා.ප්‍ර. ඇත් සතුරා; සිංහයා.
2. නා.ප්‍ර. ලග්න දොළහෙන් පස්වැන්න; සිංහ රාශිය.
ගජාරෝහණය
නා. ඇතුන් පිට යෑම; හස්ත්යාරෝහණ ශිල්පය.
ගජුන්
නා.ප්‍ර. මහත් ශබ්දය; ගර්ජනාව; ගිගුරුම.
ගජේන්ද්රගාමී
වි. ඇත්රජකුගේ ගමන් විලාසය ඇති; ශ්‍රේෂ්ඨ ඇතකු මෙන් ගමන් කරන.
ගජේන්ද්‍රයා
නා. නායක ඇතා; ඇත් රජා.
ගජේරුව
(කථා.) නා. උදාරම් බව; උජාරුව; ලොකුකම.
ගඤ්ජාව
1. නා. සුරා විකුණන ස්ථානය; සුරාහල; තැබෑරුම.
2. නා. සුරාබොන බඳුන; සුරා ඔඩම.
3. නා. කුටිය.
ගට
1. නා.ප්‍ර. කළය; ඝටය.
2. නා.ප්‍ර. සක්වළ; චක්‍රවාටය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. කුම්භ රාශිය.
4. නා.ප්‍ර. වන රොද; වන රාජිය.
5. නා.ප්‍ර. ප්‍රතිකාර වශයෙන් ස්වේද ගැන්වීමේ විධියක්.
ගටනවා
1. ක්‍රි. යම් වස්තු හෝ පක්ෂ දෙකක් එකිනෙක වද්දනවා; හප්පනවා.
2. ක්‍රි. අතුල්ලනවා; උරච්චි කරනවා.
3. ක්‍රි. කලවම් කරනවා.
4. ක්‍රි. අඹරනවා.
5. ක්‍රි. ගරහනවා.
6. ක්‍රි. ස්පර්ශ වෙන්නට සලස්වනවා.
ගට්ටනය
නා. ගැටීම; හැපීම.
ගඩ
1. නා. සම මතුපිට බිබිල; ගඩුව; විසප්පු ගෙඩිය; කුරුලෑව.
2. නා. කම්මුල; කොපුල්තලය; කපෝලය.