සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 597
ගුච්ඡිකාව
(පාරිභා.) නා. පෘෂ්ඨවංශී වෘක්කයෙහි බෝමන් ප්‍රාවරය තුළ පිහිටි කේශනාලිකා රොත්ත.
ගුටිකාව
1. නා. ගෝලාකාර කුඩා දෙය; ගුළි කරන ලද දෙය; ගුළිය.
2. නා. පැන් බොන බඳුන.
ගුටිය
1. නා. ගුළි කරන ලද හෝ කැටි කරන ලද දෙය; ගුළිය.
2. නා. මිට මොළවා දෙන පහර.
ගුඩ
1. නා.ප්‍ර. උක් හකුරු; උක් සීනි.
2. නා.ප්‍ර. ගුළිය; බෝලය.
3. නා.ප්‍ර. ඇතාගේ පිටේ එළන ඇතිරිල්ල.
ගුඩ්ඩා
1. (කථා.) නා. ලෝභියා; ගිජු තැනැත්තා.
2. (කථා.) නා. මෝඩයා; පුහු අදහස් ඇති තැනැත්තා.
3. (කථා.) නා. මහලු තැනැත්තා; වයසක පුද්ගලයා; බුඩ්ඩා.
ගුඩු
නා.ප්‍ර. එළිමහනේ කළ යුතු සාම්ප්‍රදායික ක්‍රීඩාවක්.
ගුඩුපොල්
නා.ප්‍ර.බහු. දිය සිඳී මදය වියළී ගිය පොල් ගෙඩි; කොට්ට පොල් ගෙඩි.
ගුණ නාමය
1. (ව්‍යාක.) නා. ගුණවාචක නාමය.
2. නා. නාම පදයකට මුලින් විශේෂණ වශයෙන් යෙදෙන පදය.
ගුණ වර්ණනාව
නා. යහපත් ලක්ෂණ පිළිබඳ කථනය; ගති පැවතුම් පිළිබඳ වැනුම; ගුණ කිර්තනය.
ගුණ සම්භාවනාව
නා. ගුණයට ගරු බුහුමන් කිරීම.
ගුණ සුවඳ
නා. ගුණය නැමැති සුවඳ.
ගුණකය
නා. යම්කිසි ගණනක් ගුණ හෙවත් වැඩි කිරීමට යොදා ගන්නා අනෙක් සංඛ්‍යාව.
ගුණකරනවා
1. ක්‍රි. වැඩි කරනවා.
2. ක්‍රි. සුවපත් කරනවා; (ලෙඩ) හොඳ කරනවා.
3. ක්‍රි. යහපතක් කරනවා.
ගුණදොස්
නා.ප්‍ර. හොඳ නරක; හරි වැරදි.
ගුණධර්ම
නා.ප්‍ර. යහපත් චර්යාව; ශීලාදි යහපත් ගුණ සමූහය.
ගුණනචක්රය
(පාරිභා.) නා. වැඩි කිරීමේ ගණිත චක්‍රය (=multiplication).
ගුණනය
(පාරිභා.) නා. ගුණ කිරීම; වැඩි කිරීම.(=multiplication).
ගුණමකුවා
නා. කළගුණ නොසලකන්නා; අකෘතඥයා.
ගුණය
1. නා. යහපත් ගතිය; මනා ස්වභාවය; ශ්‍රේෂ්ඨ චරිත ලක්ෂණය.
2. නා. යම් වස්තුවක් පවතින ගතිය හෙවත් ලක්ෂණය.
3. නා. (ශරීරයට හිතකර) ඖෂධ ආහාර පානාදියෙන් ලැබෙන සුවය.
4. නා. යහපත් ඵලය; ආනිසංසය.
5. නා. බඩවැල; අතුණුබහන.
6. නා. වාරය; ගුණවීම.
7. නා. නූල; ලණුව; යොත; රැහැන; කෙන්ද.
8. නා. දුනුදිය.
9. නා. ප්‍රසාදාදි කාව්‍ය ප්‍රාණය.
ගුණවතා
නා. යහපත් ගතිගුණ ඇති තැනැත්තා; ගුණවන්තයා.
ගුණවාචකය
නා. (ව්‍යාක.) ගුණවාචි විශේෂණ පදය.
ගුණසම්පන්න
වි. ගුණයෙන් යුතු වූ; ගුණෝපේත.
ගුණ්ඨක
වි. හැකුළුණු; ගුළිවුණු.
ගුණ්ඩුව
නා. මුළා කිරීමට හෝ වරදකට අසු කිරීම සඳහා හෝ යොදන උපක්‍රමය.