සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 598
ගුණාකාරය
නා. ශේෂයක් නොසිටින සේ කිසියම් සංඛ්‍යාවක් යම්කිසි වාර ගණනක් අන්තර්ගත කෙරෙන ගණන.
ගුණාගුණ
[ගුණ + අගුණ]
නා.ප්‍ර. යහපත හා අයහපත; හොඳ හා නරක; හිතකර බව හෝ අහිතකරබව.
ගුණාඞ්ගය
නා. ගති ලක්ෂණය; විශේෂ වූ ගුණය.
ගුණාත්මක
වි. ගුණය සම්බන්ධ ස්වභාවයෙන් යුත්; ගුණය පිළිබඳ වූ; ශ්‍රේෂ්ඨත්වයෙන් යුත්.
ගුණාන්විත
ගුණානුස්මරණය
[ගුණ + අනුස්මරණය]
නා. යම් කිසිවකුගේ ගුණ සිහිපත් කිරීම; ගුණ සැමරුම.
ගුණිත සංඛ්‍යාව
නා. අන්‍යෝන්‍ය සංඛ්‍යා එකට ගුණ වීමෙන් සෑදුණ අංකය; කිසියම් සංඛ්‍යාවකින් ඉතිරියක් නැතිව බෙදිය හැකි ගණන.
ගුණිතය
නා.ප්‍ර. කිසියම් සංඛ්‍යාවක් හෝ රාශියක් තවත් සංඛ්‍යාවකින් හෝ රාශියකින් වැඩි කිරීමෙන් ලැබෙන උත්තරය.
ගුණී
වි. ගුණ ඇති; ගුණවත්.
ගුණීභූත
වි. එකට එක් වුණු; ගුණ ඇති; අතිරේක ගුණ වශයෙන් එක් වූ.
ගුණු
වි. ඉක්ම ගිය; ගෙවී ගිය.
1. නා.ප්‍ර. නූල; ලණුව; කඹය.
2. නා.ප්‍ර. දුනුදිය.
ගුණු පොහොය
1. නා. සඳ ගෙවී ගිය පොහොය; අමාවක.
2. නා. පිරුණු පොහොය. පොහොය; පුණු
ගුත්ත
1. වි. සඟවන ලද; රහසිගත.
2. වි. ආරක්ෂා කරන ලද.
ගුත්ති
නා.ප්‍ර. ආරක්ෂාව; රැකබලා ගැනීම; සැඟවීම.
ගුද අන්ත්රය
නා. මහබඩවැලේ අග භාගය.
ගුද ඇටය
නා. ගුදය ආශ්‍රය කොට ඇති ඇටය; අනුත්‍රිකාස්ථිය.
ගුද කණ්ඩුති
නා.ප්‍ර. ගුදයෙහි හටගන්නා කැසිල්ල.
ගුද තලය
(පාරිභා.) නා. කලලයේ ආදි ගුද විවරය සාදමින් අතුරුදහන් වන අන්තශ්චර්මය හා බහිෂ්චර්මය පෑහෙන ප්‍රදේශය; පායුතලය (=anal plate).
ගුද ප්රපතනය
(පාරිභා.) නා. ගුද නාලය පාතට වැටීමේ රෝගය; බඩවැල මෑත් වීම; ගුද භ්‍රංශය (=prolapse).
ගුදඅඞ්කුර
නා.ප්‍ර. ගුදයේ හටගන්නා මස්දලු ඇති වීම ලක්‍ෂණකොට ඇති අර්ශස් රෝගය.
ගුදකන්ද
නා. ගුදයෙහි හටගන්නා දැවිල්ල.
ගුදකීල
1. (පාරිභා.) නා.ප්‍ර. පිරිමි කැරපොත්තාගේ පෞච්ඡාංගවලට අමතර ව පිහිටි සියුම් ප්‍රසර දෙක.
2. නා.ප්‍ර. අර්ශස් රෝගය.(=analstiles).
ගුදග්රහය
1. නා. බඩ වේලිල්ල.
2. නා. උදාවර්ත රෝගය.
ගුදපුඤ්ජය
(පාරිභා.) නා. ගුදයෙහි ගෙඩියක් හට ගන්වමින් බඩවැල මෑත් වීම (=rectocele).